නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රෝගීන් රෝහලට යෑමට දැන් ඇති භීතිකාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

රෝගීන් රෝහලට යෑමට දැන් ඇති භීතිකාව

Published August 28, 2023

සාමාන්‍යයෙන් අපි මෙතෙක් කලක් රෝහලකට ගියේ ලෙඩකට බෙහෙත් ගැනීමට හෝ ලෙඩෙකුගේ සුවදුක් විමසා බැලීමටය. නමුත් අපි දැන් ලෙඩකට බෙහෙත් ගැනීම සඳහා රෝහලකට යන්නේ මරණ බයත් සිතේ කොණක සඟවාගෙනය. එයට හේතුව මේ රටේ රෝහල්වල ඖෂධ නිසා හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතපසුවීම් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ රෝගීන් පිළිබඳ ඉතාමත් කණගාටුදායක පුවත් පසුගිය කාලය පුරාම වාර්තා වීමය.

මෙහි ළඟම සිද්ධිය වන්නේ කැළණිය මහකුඹුර පදිංචිව සිටි තෙනුජ සස්මිර දරුවාගේ අකල් මරණයයි. ඔහු කොළඹ රිජ්වේ අර්යා ළමා රෝහලේ 4 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත්තේ ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. උණ වැළඳීමෙන් අනතුරුව ඇති වූ දණහිසේ වේදනාව නිසා ළමා රෝහලට ඇතුළත් කළ මේ දරුවාට ලබාදුන් බෙහෙත් නිසා උණ ගතිය අඩු වුණත් දණහිස් වේදනාව අඩු නොවූ බව කියන දරුවාගේ පියා තවදුරටත් කියා සිටින්නේ පෞද්ගලික රෝහලකින් දරුවා වෙනුවෙන් කිරීමට නිර්දේශ කළ සියලු පරීක්ෂණ ඔවුන් මුදල් ගෙවා සිදුකළ බවයි. එමෙන්ම බෙහෙත් ලබාදුන් අතරතුර දරුවාගේ ඇඟේ පළු මතු වූ බව මව පවසයි.

පරික්ෂණ වාර්තාවලින් හෙළිවී ඇත්තේ දරුවාගේ පෙනහළු, හෘදය වස්තුව, අක්මාව වැනි ඉන්ද්‍රීයන් නීරෝගී බවකි. මේ අතරතුරේදී දරුවාගේ ඇවිදීම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර එම තත්ත්වය හරිහැටි හඳුනාගැනීම සඳහා කළ යුතු පරීක්ෂණවලට දෙමව්පියන්ගෙන් කැමැත්ත ලබාගෙන ඇත්තේද රෝහලෙනි. එහිදී රෝහලෙන් ලබාදුන් එන්නත් කිහිපයෙන් පසු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ දරුවා දඟලා මියගිය ආකාරය මොවුන් දැක තිබේ. මෙහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ තෙනුජට ක්ෂය රෝගය වැළඳී මිය ගිය බවයි.

කෙසේ වෙතත් දැන් තෙනුජ මියගොස් අවසානය. මෙම දරුවාට ලබාදී ඇති එන්නත් සහ ඖෂධ පිළිබඳව හරි හැටි දන්නේ එම වට්ටුවේ වෛද්‍යවරුන් සහ හෙදියන් මිස අන් කවරෙක්ද?. පසුගිය කාලය පුරාම ලංකාවේ විවිධ ප්‍රදේශවල රජයේ රෝහල්වලින් ලබාදුන් විවිධ ඖෂධ සහ එන්නත් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ සිද්ධීන්ද, ඇස් නොපෙනී ගිය සිද්ධීන්ද හරිහරියට වාර්තා වූ අතර මේවා පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුකරමින් එහි ප්‍රතිඵලය කුමක් දැයි තවමත් ජනතාවට කියා නැත.

ඇතැම් විට ඖෂධ නිසාම එන්නත් නිසාම මේ මරණ සිදුවූවා විය හැකිය. නැතිනම් එසේ නොවූවා විය හැකිය. එම නිසා එක එකාට බෝලය පාස් නොකර ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් දැන්වත් තිබෙන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳවත් ගෙන්වීමට නියමිත ඖෂධවල ප්‍රමිති පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යංශය මීට වඩා වගකිවයුතු පියවරක් අනුගමනය නොකරන්නේ නම් සිදුවන්නේ ජනතාව ජීවිතය යැදීමට එන රෝහල ජනතාවගේ මරණය ඉක්මන් කරන තැන බවට පත්වීම නොවේද?.

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?