නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලස්සන වෙන්න මල් තේ බොමුද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ලස්සන වෙන්න මල් තේ බොමුද

Published August 28, 2023

අතීතයේ රාජ කුමාරියන්ගේ රූ රහස්

අතීතයේ රාජ කුමාරිකාවන් තමන්ගේ රූ සපුව වර්ධනය කරගැනීමට දිව්‍ය ඖෂධයක් ලෙස භාවිත කළ දෙයක් තමයි මල් තේ පානය. අද වනවිට කාන්තාවන් කෘතිම ආලේපන තුළින් තමන්ගේ රූපශ්‍රියාව වර්ධනය කර ගැනීමට පෙළඹීම හේතුවෙන් මෙවැනි ඉතා වටිනා ඖෂධීය රූපලාවන්‍ය සත්කාරවලින් ඉවත් වී තිබීම කණගාටුවට කරුණක්. නමුත් වෙනත් රටවල කාන්තාවන් තමන්ගේ රූපය වගේම සෞඛ්‍ය රැකගන්නත් මේ මල් තේ පානය භාවිතයට ගැනීම ජනප්‍රියයි.

දාස්පෙතියා මල් තේ

අපි පළමුවෙන්ම කතා කරමු දාස්පෙතියා මල ගැන. දාස්පෙතියා රේණු ඉවත් කර මල් පෙති පමණක් මද පවනේ වියලා එම මල්පෙති හොඳින් නැටවූ වතුර භාජනයකට දමා විනාඩි 10 ක් පමණ වසා තබා බීමට ගත හැකියි. මෙයින් ඔබගේ ශරීර අභ්‍යන්තරය හොඳින් පිරිසිදු වන අතරම අක්මාවෙහි යම් විෂක් එක් වී තිබෙනවානම් එයද ඉවත් වී යනවා. ඒ වගේම කිරිපණු රෝගයෙන් පෙලෙනවානම් එම පණුවන් ද විනාශ වෙනවා.

නෙළුම් මල් තේ

බුදුන් පුදන්න අපි බොහෝ වෙලාවට පන්සලකදි නෙළුම් මල්ම ගන්නෙ ඒ මල් වල තියෙන ඉමිහිරි සුවඳ නිසා. මෙච්චර කල් නෙළුම් මල ගැන දැනන් හිටියෙ පූජනීය මලක් විදිහට විතරනෙ. නමුත් මෙහි ඇති ඖෂධීය ගුණ ගැන ඔබ ඇසුවොත් පුදුම වේවි. නෙළුම් තේ එකක් හදාගන්නනම් දාස්පෙතියා මලේ වගේ රේණු ඉවත් කරන්න ඕනෙ නෑ. පෙති, රේණු සියල්ලම මද පවනේ වියලා ගත යුතුයි.

වියලුණු පෙති සහ රේණු තම්බා සාදා ගන්නා තේ එක පානය කිරීමෙන් ඔබේ සමේ පැහැය වර්ණවත් වෙනව වගේම රේණු වල පවතින ගුණය බොහෝ කාලයක් සමේ පවතිනවා. නෙළුම් තේ වලින් ඇඟ් උෂ්ණ ගතිය පහ වෙනවා. ඒ තුළින් ඔබට එතෙක් වද දුන් උෂ්ණාධික රෝග සියල්ලම පහවී යනවා. කකුල් පැලීම, තොල් වියලීම, කෙල් ගැලවී යාම, සම වියලීම වැනි සියලුම තත්ත්වයන්ට විසඳුමක් විදිහට නෙ`ඵම් මල් තේ පානය හඳුන්වන්න පුළුවන්. මිනිස් සිරුරේ සහ රැලි වැටීම පාලනය කරනා කොලජන් නිෂ්පාදන කිරීමේ ප්‍රභල හැකියාවක් නෙ`ඵම් පෙති සතුයි.

රණවරා තේ

රණවරා තේ ආයුරේවේදයේදි වැටෙන්නෙ ඔසු පැන් ගණයට. මෙහි කොළ, මල්, ගෙඩි, පොතු, මුල් යන පංචාංගයම ඖෂධ සඳහා යොදාගන්නවා. රණවරා මල් තේ කාන්තාවන්ට විශේෂ වෙන්නේ රණවරා මලේ ඇති කහ පැහැය මෙන් කහ වර්ණ සමක් හිමිවීම නිසයි. රණවරා මල් තේ පානය සතියට දවස් හතරක් ලෙස මාස තුනක් පානය කළොත් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිඵලය ඔයාට ලබාගන්න පුළුවන්.

ඒත් රණවරා කියන්නෙ ශරීරයේ ඇති සීනි මට්ටම බස්සගන්නත් හොඳ ඖෂධයක් කියන එකත් ඔබ හොඳින් මතක තබාගත යුතුයි. ඒ නිසා රණවරා පානයෙන් අනතුරුව සීනි ස්වල්පයක්, හකුරු හෝ සූකිරි කැබැල්ලක් ආහාරයට ගන්න අමතක කරන්න එපා. මේ විශ්මිත මලේ තියෙන විෂ නැසීමේ ප්‍රබල ගුණය නිසා ශරීරය හොඳින් පිරිසිදු වී දද, කුෂ්ඨ, පැල්ලම් ආදිය සුවපත් වේ. ඒ වගේම මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් වයසට යාම ප්‍රමාද වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියා කරනවා. ඒ වගේම ඇසේ පෙනීම දියුණු කරන අතර ඇස් කාන්තිමත් වේ. දියවැඩියාව, අර්ශස්, මලබද්ධය, ඔසප් වේදනා නසන අතර අක්මාවේ විෂ තැන්පත් වී ඇත්නම් එය බැහැර කරන්නත් රණවරා උදව් වෙනවා.

බෙලි මල් තේ

බෙල් මල් පානය කියන්නෙත් අතීතයේ පටන් පැවතෙන ජනප්‍රිය ඖෂධීය පානයක්. එය එතරම් ජනප්‍රිය වෙන්න හේතුව තමයි අතීතයේ සිට කාන්තාවන් සහ පිරිමි යන දෙපාර්ශවයටම වැඩපල කර වෙහෙසට පත් වූ විට ඒ වෙහෙස නිවාගන්තෙ බෙලිමල් කෝප්පයකින් නිසා. වෙහෙස නිවාගන්න විතරක් නෙවේ බෙල් මල් පානයෙන් අලසකම, උදාසීන ගතිය, පිපාසය මේ සියල්ලම නසා ශරීරය නැවත ප්‍රාණවත් කරගත හැකියි. අපි බලමු බෙලි මල් පානය කාන්තාවන්ගේ රූ සපුව රැකගන්න උදව් වෙන්නෙ කොහොමද කියල. බෙල් පානයෙන් සිදුවන ප්‍රධානම දේ තමයි සම පැහැපත් වීම.

සමහරු ගැහැණු පිරිමි දෙපිරිසටම තියෙන පීඩාකාරී ගැටලුවක් තමයි දහඩිය දුගඳ හැමීම. ඉතින් දිනපතා බෙලි මල් කෝප්පයක් බිව්වොත් දහඩිය දුගඳ සදහටම නැතිකරගන්න ඔබට පුළුවන්. දත් මුල් දියවීම, කටින් දුගඳ හැමීම වගේ ගැටලුවලටත් බෙලි මල් කියන්නෙ හොඳ විසඳුමක්. මේ පානයෙන් ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියා කරවනවා වගේම මලබද්ධය, මුත්‍රා රෝග වළක්වනවා. ඒ වගේම රුධිරයේ විෂ ඉවත් කිරීමේ ගුණය නිසා රුධිරය පිරිසිදු කර සම පැහැපත් කර චර්ම රෝග හටගැනීමත් වළක්වනවා.

පොකුරු වද මල් තේ

පොකුරු වද මලේ සුවිශේෂීත්වය තමයි කාන්තාවන්ට තියෙන පොදු ගැටලුවක් වන හම රැලි වැටීම පාලනය කිරීම. හම රැලි වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ශරීරයේ කොලජන් නිෂ්පාදනය අඩු වීම. පොකුරු වදමල් කියන්නෙ කොලජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඉතා ඉහළින් තියෙන මල් වර්ගයක්. පොකුරු වදමල් පෙති වියලා හෝ අමුවෙන් හොඳට පැහුණු උණු වතුර වීදුරුවකට දමා විනාඩි 10 ක් පමණ වසා තබා පෙරාගෙන නිවුණට පසුව දෙහි බිංදු කිහිපයක් එකතු කර පානය කළ යුතුයි. දෙහි එකතු කිරීමෙන් කොලජන් නිෂ්පාදනය හොඳින් සිදුවෙනවා. මෙම පානයෙන් හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම රෝග සුව කරගත හැකියි.

ලබන සතියේ මේ මල් වර්ගවල ඇති වෙනත් ගුණ ගැන කතා කරමු..

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා


එරංදි කෞශල්‍යා

 

TAGGED: beauty tips, මල් තේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy5
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?