නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිස කසන හිස්හොරි නසන සත්කාර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

හිස කසන හිස්හොරි නසන සත්කාර

Published July 31, 2023

හිස්සොරි කියන්නෙ සමාජීය වශයෙන් දැඩි අපහසුතාවයට පත්වන වගේම පෞරුෂත්වයට හානි දායක වන මනසට පීඩාකාරී රෝග තත්ත්වයක්. ආයුර්වේදයේ අරුංශිකා යනුවෙන් හිස්සොරි හඳුන්වනවා. මෙය හිසෙහි බාහිර සෛල ස්ථරය හෙවත් අපිචර්මය තුළ හටගන්නා රෝගී තත්ත්වයක් වගේම මෙහිදී සම දිරා සෛල තට්ටු ගැලවී යනවා.

හිස්සොරි නිසා බොහෝදුරට නළල, මුහුණ, පිට, පපුව ප්‍රදේශවල බිබිලි සහ වෙනත් චර්ම රෝග හටගැනීමේ ප්‍රවණතාවක් තියෙනවා. හිස්සොරි තත්ත්වය වර්ධනය වුණොත් හිසේ ආසාදන තත්ත්වයක් හට ගෙන දද, වණ, තුවාල පවා සෑදීමට පුළුවන්. අද අපි මේ ලිපියෙන් කියලා දෙන්නෙ ගෙදරදීම ඉතා පහසුවෙන් හදාගන්න පුළුවන් හිස්සොරි වලට ඇති ආයුර්වේද ප්‍රතිකාර කිහිපයක් ගැනයි.

හිස්සොරි හටගැනීමට හේතු

අපි කවුරුත් දන්නෙ හිස්සොරි හැදෙන්න ප්‍රධානතම හේතුව කන්ඩිෂනර් හිස් කබලේ ගැල්වීම නිසා කියලා. නමුත් හිස්සොරි වලට තවත් කාරණා කිහිපයක් බලපානවා. කවුරුත් මේ ගැන නොහිතුවට අම්ල ගුණයෙන් අධික අඹ, අන්නාසි, අච්චාරු, දැල්ලෝ, ඉස්සෝ වැනි ආහාර මඟින් ද හිස්සොරි ඇතිවිය හැකියි. හිස්සොරි තත්ත්වය ඇති අය ඇඟ නිවන, ලේ පිරිසිදු කරන ආහාර ගැනීම ඉතා වැදගත්.

පළමු සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

උලුහාල්, කරපිංචා, දෙහි, පොල් තෙල්, ගා ගත් පොල්

සාදාගන්නා ආකාරය

උළුහාල් මේස හැඳි තුනක් රාත්‍රිය පුරා පෙඟෙන්නට හැර පසුදින උළුහාල් සහ පෙඟෙන්නට දැමූ වතුර ගෙන කරපිංචා ඉති පහක කොළ, පොල් මේස හැඳි තුනක් බ්ලෙන්ඩර් කරගන්න. පසුව එයට පොල් තෙල් මේස හැන්දක් සහ දෙහි භාගයක යුෂ එකතු කර හොඳින් කලවම් කර හිස් කබලේ ඝනව ආලේප කරගන්න. විනාඩි විස්සක් පමණ තබා හොඳින් පිරිමැද සෝදා ඉවත් කර ගන්න. මෘදු ෂැම්පු එකක් භාවිත කිරීම ගැටලුවක් නෑ. මේ සත්කාරය සතියකට දෙවතාවක් කිරීම සුදුසුයි.

දෙවන සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

ගොඩපර ගෙඩි පහක් පමණ, අමු කහ

සාදාගන්නා ආකාරය

ගොඩපර ගෙඩි 5 ක් පමණ ගෙන අමු කහ අඟලක පමණ කැබැල්ලක් සමඟ බ්ලෙන්ඩර් කර සකසා ගත් පේස්ට් එකට දෙහි බෑයක ඉස්ම එකතු කර හිසෙහි ගල්වන්න. විනාඩි පහළොවක් පමණ තබා සෝදා හරින්න. මෙය සතියට තෙවතාවක් කිරීම ප්‍රමාණවත්.

තෙවන සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

කොහොඹ කොළ, ඇත්තෝර දළු, අමු කහ, දෙහි, පේර දළු

සාදාගන්නා ආකාරය

මෙම ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩර් කර හිසෙහි ආලේප කරන්න. විනාඩි විස්සක් පමණ හිසේ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දින තුනක් කරන්න.

ඖෂධීය තෙල

අවශ්‍ය ද්‍රව්‍ය

කරපිංචා, කෝමාරිකා, නෙල්ලි, කීකිරිඳිය, මුකුණුවැන්න, ගොටුකොළ, දෙහි, කොහොඹ දළු, නිල්අවරිය

සාදාගන්නා ආකාරය

මේ සියලුම ද්‍රව්‍ය සමව ගෙන කොටා එම යුෂ මෙන් කාලක් තැඹිලි තෙල් හෝ පොල් තෙල් එකතු කර එම කල්කයට උළුහාල් ද එකතු කර මදගින්නේ සිඳගන්න. මෙම තෙල් සතියට දින තුනක් ආලේප කිරීමෙන් හිස්සොරි ඉක්මනින් සුවකර ගත හැකියි.

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා


එරංදි කෞශල්‍යා

TAGGED: Dandruff, Dandruff Treatments, හිස කසන හිස්හොරි නසන සත්කාර, හිස්හොරි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love11
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?