නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සමට වගේම මනසටත් සුවදෙන චීන සම්භාහනය ග්වා ෂා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

සමට වගේම මනසටත් සුවදෙන චීන සම්භාහනය ග්වා ෂා

Published June 19, 2023

මේ දවස් වල සමාජ මාධ්‍යයේ විවිධ රූපලාවන්‍ය වීඩියෝ සහ බ්ලොග් වල විශාල වශයෙන් ප්‍රචලිත වෙමින් පවතින දෙයක් තමයි ‘ග්වා ෂා’ කියන්නෙ. එය ශරීරයට වගේම මනසටත් බොහෝ පැතිවලින් ප්‍රයෝජනවත්. ග්වා ෂා කියන්නෙ සම්ප්‍රදායික සම්භාහන චීන සුව කිරීමේ ක්‍රමවේදයක්. එය මිං රාජවංශයේ සිට පැවතෙන්නක් බව සඳහන්. පසුගිය වසර 600 තුළ සිට මේ වනතෙක්ම මිනිසුන් තම ශරීරය පුරා නිදන්ගත වේදනාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ග්වා ෂා භාවිත කරනවා.

■ ප්‍රතිලාභ රැසක්

ග්වා ෂා සම්භාහන උපකරණය ශරීරයේ ඕනෑම ස්ථානයක් මත භාවිත කළ හැකියි. කෙසේ වෙතත් අද මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ එය අපගේ මුහුණේ සම වැඩි දියුණු කිරීමට භාවිත කළ හැකි ආකාරය ගැනයි. ග්වා ෂා වසා පද්ධතිය උත්තේජනය වන පරිදි සම සහ මාංශ පේශි සැහැල්ලුවෙන් සම්බාහනය කිරීමට භාවිත කරන්නක්. මෙහි ශරීරයේ ඔක්සිජන් ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම, මාංශ පේශි ලිහිල් කිරීම සහ සංසරණය වැඩි දියුණු කිරීම වැනි ප්‍රතිලාභ රාශියක් තිබෙනවා.

■ සමට විතරක් නෙවේ මනසටත් ඔසුවක්

ග්වා ෂා ඔබේ සමට විතරක් නෙවේ මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යයටද ඉතා ප්‍රයෝජනවත්. මෙම සත්කාරය ආතතිය සමනය කරනවා. ඔබ දිනකට කොපමණ වාරයක් ඇසිපිය හෙළා ඇත්ද? නළල රැලි ගැසී, තොල් එකිනෙකට ස්පර්ශ වී ඇත්ද? මේ ඉරියව් බොහෝදුරට සිදුවෙන්නෙ චිත්තවේගීය අවස්ථාවක. ඒ නිසා දවස පුරා ශරීරයේ ගොඩනැගී ඇති අතිරික්ත ආතතිය මුදා හැරීම සඳහා මාංශ පේශි නිසි ලෙස ක්‍රියා කිරීමට ග්වා ෂා ඉතා ප්‍රයෝජනවත්. එය ඔබේ මුහුණ සඳහා ගැඹුරු පටක සම්බාහනයක්.

■ වයසට යාමේ ලකුණුවලට තිත…

වයසට යාමේ සලකුණු ආපසු හැරවීම සඳහා ස්ථාවර විසඳුමක් ලෙස ග්වා ෂා ගැන සහතික වෙන්න පුළුවන්. ඔබ ග්වා ෂා සමඟ ඔබේ සම සහ මුහුණේ මාංශ පේශි නිරන්තරයෙන් උත්තේජනය කරන නිසා රුධිර සංසරණය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ශක්තිමත් කරනවා.අපගේ සම අඳුරු වූ විට ඉන් අපිට වැඩිහිටි පෙනුමක් ලැබෙනව වගේම වෙහෙසකර සහ අඩු ජවසම්පන්න බවක් ඇති කරනවා. ඒ වගේම දිදුලන සම තරුණ බව සහ ජීව ශක්තිය ලබා දෙනවා.

■ දුර්වල සමට ග්වා ෂා ප්‍රයෝජනවත් වන්නේ කොහොමද

රුධිර සංසරණයට සහ වසා ගැටිති ක්‍රියාකාරිත්වයට ග්වා ෂා උපකාරී වෙනවා. ඒ වගේම එය සමට මොයිස්චරයිසර් සහ සීරම් වඩා හොඳින් අවශෝෂණය කර ගැනීමට උපකාරී වන අතර එමඟින් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගත හැකියි. සමස්ත සම වැඩි දියුණු කිරීම, කුරුලෑ, ඉදිමුණු ඇස්, රැලි, එල්ලා වැටෙන සම වැනි ගැටළුවලට ග්වා ෂා හොඳ පිළියමක්. සමේ විෂ ඉවත් කිරීමටත් එය උපකාරී වෙනවා.

■ දිනපතා භාවිතයට සුදුසුයි

ඔබට ඔබේ දෛනික චර්යාවට ග්වා ෂා ඇතුළත් කළ හැකියි. සෑම උදෑසනකම මුහුණට ග්වා ෂා සත්කාරය කළොත් එය මුහුණේ ඉදිමුම් ගතිය අඩු කිරීමට සහ දවස ආරම්භයේදී ඔබේ මුහුණේ මාංශ පේශි අවදි කිරීමට අපූරු ක්‍රමයක් වනවා නියතයි.

(Shinesheets ඇසුරෙන් )

එරංදි කෞශල්‍යා

TAGGED: Gua Sha, Traditional Chinese Medicine, චීන සම්භාහනය ග්වා ෂා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?