නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පාස්පෝට් පෝළිම වැඩිකළේ මාෆියාවක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

පාස්පෝට් පෝළිම වැඩිකළේ මාෆියාවක්

Published May 29, 2023

දැන් පෝළිම් සංස්කෘතිය අපට හොඳට හුරුපුරුදුය. පෝළිමක් නැත්නම් ලයිෆ් එකට කිසි කික් එකක් නැති ගාණට එය අපේ ජීවිතවලට බද්ධ වී ඇත. කොවිඩ්වලට කලින් රට වැසියන්ට පුරුදුව තිබුණේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් සායනවලදී ලබදෙන බෙහෙත් ලබාගැනීමට තිබෙන පැයකට අඩු කෙටි පෝළිම්ය. එසේත් නොමැතිනම් රජයෙන් ලබාදෙන සහනාධාරයක් වෙනුවෙන් තිබූ පෝළිම්ය. කොවිඩ් වසංගතය සමඟ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ අපේ ජන ජීවියට එකතු වූ ගෑස් පෝළිම, තෙල් පෝළිම විතරක් නොව ඇතම් අවස්ථාවලදී අත්‍යවශ්‍ය බඩු මිලට ගැනීමට ද පෝළිම්වල පැය ගණන්, වරු ගණන්, දවස් ගණන් අපට සිටීමට සිදුවිය.

දැන් මේවා ටිකෙන් ටික දියවෙමින් පැවතියත් තවමත් ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවගේ පෝළිම අඩු වී නොමැත. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජුනි පළවෙනිදා සිට ඔන්ලයින් ක්‍රමයට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සැකසෙමින් තිබෙන බවයි. ඒ අතර රජය කියන්නේ ගුවන් ගමන් බලපත්‍රය මෙන්ම උප්පැන්න සහතිකයේ සිට මරණ සහිතකය දක්වා ලබාගන්නා සියලුම සහතික එක වහළක් යටින් ලබාදීමේ සූදානමක් රජයට ඇති බවයි.

මෙය කරනවානම් ඉතාමත් හොඳ ක්‍රියාවක් බව කල් තියාම කිව යුතුය. නමුත් ප්‍රායෝගිකව සිතීමේදී අපට සිතෙන්නට ඇත්තේ වට ගණන් කරකැවෙන පාස්පෝට් පෝළිමවත් කෙටි කරගන්න බැරි වූ ආයතනයකට සහ රජයකට ඉහත සහතික සියල්ල එකම වහළක් යටතේ දීමට යෑමෙන් පෝළිම් සියල්ල වට හතක් කරකැවෙන තත්ත්වයට පත්වී තිබෙන තත්ත්වය තවත් ජන්ජාලයක් විය හැකි බවයි.

මෙරට පුරවැසියන් තිහකට වැඩි සංඛ්‍යාවක් සෑම පැයකදීම විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන බව මහ බැංකුව හෙළි කර ඇත්තේ පසුගිය වසරේදීය. ඔවුන් මේ තත්ත්වය හෙළි කර ඇත්තේ එය රටට සුබාදායී අනාගතයක් ගොඩනැගෙන බව තහවුරු කිරීමටය. එසේ අනාවරණය කිරීමක් තිබියදීත් රටට විදේශ විනිමය රැගෙන ඒමට රට රස්සා සඳහා පිටත්ව යෑමට සූදානම් වන පිරිස අව්කාෂ්ටකයේ, පිපාසයෙන්, බඩගින්නේ තැබීමෙන් පමණක් නොව කාන්තාවන් පාස්පෝට් පෝළීමේම දරුවන් ප්‍රසූත කිරීමේ මට්ටමට සහ හෘද රෝග වැළඳීමේ මට්ටමට තත්ත්වය බරපතල කිරීම කාගේ වරදක් ද ?

පසුගියදා ජාතික පුවත්පත් වාර්තා කළේ මෙම ගුවන්ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝළිම මේ තරම් දිගු වීමට එක් හේතුවක් වී ඇත්තේ පරිපාලන නිලධාරීන් සහ ආගමන විගමන නිලධාරීන් අතර සිදු වී තිබෙන මත ගැටුමකි. ඒ අතරම පාස්පෝට් නිකුත් කිරීමේ මාෆියාවක් ද ක්‍රියාත්මක වන බව පුවත් අනාවරණය කර තිබුණි. මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව සෙවීමට බුද්ධි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ.

ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා සහ ආගමන විගමන නිලධාරීන්ගේ සහයෝගය නොලැබීම ඒ තරම් දිගු පෝළිම් ඇතිවීමට හේතු වන බව ඔප්පු වෙමින් තිබේ. කාලයක් තිස්සේ පැවති මෙවැනි කඹ ඇදිලි නිසා වැඩි වශයෙන්ම පීඩා විඳින අහිංසක මිනිසුන් දැන්වත් බේරා ගැනීමේ වගකීම රජය නොගන්නේ නම් ජීවිතය ගැට ගසාගැනීමේ අරමුණින් හිත හදාගෙන ප්‍රියයන්ගෙන් වෙන් වී රට හැර යන තාරුණ්‍ය, වෘත්තීයවේදීන් මේ රටට නැවත් පැමීණේවි දැයි සැක සහිතයි.

TAGGED: Immigration Department, passport, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පාස්පෝට්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?