නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කුමාරිකාවන් පරදවන රුව ගෙනෙන කෝමාරිකා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කුමාරිකාවන් පරදවන රුව ගෙනෙන කෝමාරිකා

Published July 3, 2023

කෝමාරිකා කියන්නෙ විශ්මිත ඔසුවක් බව කවුරුත් දන්නා කරුණක්. කෝමාරිකා ජෙල් වල විටමින් C සහ E, බීටා-කැරොටින් බහුලව තියෙනවා. ඒ නිසා එය වයස්ගත වීම වැළැක්වීමේ ගුණයෙන් බහුලයි. ඊට අමතරව අපිට කෝමාරිකා එදිනෙදා ජීවිතයේදී බොහෝ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගත හැකියි. ඒ මොනවද කියල ඔබට මේ ලිපිය කියවා දැනගන්න පුළුවන්.

■ අඳුරු ලප සහ ඇක්නි වලට

කෝමාරිකා පිත්තක් ගෙන එය හොඳින් සෝදා මදේ සූරා ජෙල් එකක් ආකාරයට සැකසෙනතෙක් බ්ලෙන්ඩ් කරගන්න. එය භාජනයකට දමා ටිෂූ එකක් ගෙන කෝමාරිකා ජෙල් එකේ පොඟවා මුහුණේ එය අලවාගෙන විනාඩි 15 පමණ තිබෙන්නට හරින්න. සතියට තුන්පාරක් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

■ හිසකෙස් වර්ධනයට

කෝමාරිකා ජෙල් හිස්කබලේ රුධිර සංසරණය වැඩි කරනවා කියල ඔයාල දන්නවද? අලුත් හිසකෙස් වර්ධනය සක්‍රීය කිරීමේ හැකියාවක් කෝමාරිකා වලට තියෙනවා. ඒ වගේම හිස්කබලට අත්‍යවශ්‍ය ඛනිජ සහ විටමින් ද සපයනවා. කෝමාරිකාවල ප්‍රෝටියෝලයිටික් එන්සයිම අඩංගු වන අතර එය හිස්කබලේ මියගිය සම යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වෙනවා. එබැවින් කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ හිස්කබලේ ගැටලු සඳහා කෝමාරිකා විශිෂ්ට පිළියමක්.

■ හිස්හොරි වලට තිත

භාජනයක් ගෙන කෝමාරිකා මදෙන් තේ හැඳි තුනක් පමණ සූරා දමාගෙන තමන් භාවිත කරන කන්ඩිශනර් ස්වල්පයක්, ඔලිව් ඔයිල් හා පොල්තෙල් සියල්ල ඊට දමා හොඳින් කලවම් කරගන්න. පසුව හිසකෙස් මුල ගෑවෙන ලෙස හොඳින් ගල්වාගන්න. පැය භාගෙකට පසුව සෝදාහරින්න.

■ කෝමාරිකා Scrub

පිරිසිදු කෝමාරිකා මද තේ හැඳි දෙකක් සහ හාල්පිටි තේ හැඳි දෙකක් භාජනයකට දමා හොඳින් කලවම් කරගන්න. පසුව ස්පැචියුලා එකක් ආධාරයෙන් මුහුණේ සෑමතැනකම ආලේප කර ස්වල්ප වේලාවකින් සෝදා හරින්න.

■ මේකප් ඉවත් කරගැනීමට

කෝමාරිකා මද අවශ්‍ය ප්‍රමාණයට ගෙන එයට මී පැණි තේ හැඳි දෙකක් හා පොල්තෙල් තේ හැඳි දෙකක් එකතු කර හොඳින් කලවම් කරගන්න. පසුව මේක්අප් සහිත ප්‍රදේශයේ ගල්වා විනාඩියක් පමණ තිබෙන්නට හැර ටීෂූ කඩදාසියකින් පිසදාගන්න.

■ කෝමාරිකා මොයිස්චර්

කෝමාරිකා පිත්තක් ගෙන හොඳින් සෝදා මදය ඉවත් කරගෙන කැබලි නොතිබෙන සේ බ්ලෙන්ඩ් කරගන්න. ජලය මිශ්‍ර නොකිරීමට වගබලාගන්න. පසුව එම මිශ්‍රණය අයිස් කැට රඳවනයට දමා කූල් වෙන්නට හැර අවශ්‍ය වෙලාවට ගෙන ශරීරයේ අවශ්‍ය තැනක ආලේප කරගන්න.

■ බඩ වැඩි අයට…

පිපිඤ්ඤා කැබැල්ලක්, ඉඟුරු කැබැල්ලක්, දෙහි ස්වල්පයක් හා කෝමාරිකා යුෂ මේස හැඳි පහක් පමණ ගෙන හොඳින් බ්ලෙන්ඩ් කර උදෑසන හිස් බඩ පානය කරන්න.

■ අව් රශ්මිය සඳහා

ශීත කළ කෝමාරිකා ජෙල් දිනකට දෙතුන් වතාවක් හිරු රශ්මියෙන් පිළිස්සී ගිය ප්‍රදේශයේ ගල්වන්න. සමේ වර්ණය සාමාන්‍ය තත්ත්වයට පත් වන තෙක් භාවිත කරන්න. ඔබට සම ප්‍රමාණ ලෙස කෝමාරිකා හා වතුර මිශ්‍ර කර ස්ප්‍රේ එකක් සාදා භාවිත කිරීමට හැකිය. එසේ සකසාගත් ද්‍රාවණය ශීතකරණය තුළ තබාගෙන අවශ්‍ය වෙලාවට ගෙන ආලේප කරගන්න. ඇස්වල ගල්වාගැනීමෙන් වළකින්න.

(Be beautiful ඇසුරෙන්)
එරංදි කෞශල්‍යා

TAGGED: aloe vera, Aloe Vera Treatments, කෝමාරිකා, කෝමාරිකා ප්‍රතිකාර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy4
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?