නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මෙහෙම ගියොත් අවුරුදු කනවා වෙනුවට ලෙවකන්න වෙයි ද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

මෙහෙම ගියොත් අවුරුදු කනවා වෙනුවට ලෙවකන්න වෙයි ද?

Published April 7, 2025

තවත් දින 07කින් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදා වෙයි. අප්‍රේල් මාසයේ මුල සිටම ශ්‍රී ලංකා වාසීන්ගෙන් බහුතරයක් සිංහල හා දමිළ අවුරුද්ද තමන්ට හැකි උපරිමයෙන් සැමරීමට සූදානම් වෙමින් සිටින ආකාරයක්ද ද දක්නට ලැබේ.

මේ බවට කදිම සාක්ෂි සපයන්නේ කොළඹ පිටකොටුවේත් මහරගම පමුණුවේත් වෙනත් තදාසන්න නගරවලත් මාර්ග සහ කඩ සාප්පු වෙනදා මෙන් නොව ජනතාවගෙන් අතුරු සිදුරු නැතුව පිරී ඉතිරී තිබීමෙනි. රෙදිපිළි ගැනීමට ඇතිවී තිබෙන උනන්දුව දැකීමෙන් කාට වුණත් පෙනී යන්නේ ශ්‍රී ලාංකික ජනතාවට ආර්ථික අර්බුදයක් එසේත් නොමැති නම් සල්ලිවල ප්‍රශ්නයක් ඇද්ද යන්නයි.

ඇතැම් සේල් පොළවල්වල ජනතාව පොරකන්නේ ලෝකයේ තිබෙන එකම සහ හොඳම ඇඳුම එහි විකිණීමට තබා ඇතැයි සිතමිනි. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ආර්ථික මට්ටම කුමක් වුවත් ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයක් සිංහල හා දමිළ අවුරුද්ද පවුලේ සමීපතමයන් සමඟ එකතු වී හැකි උපරිමයෙන් සැමරීමට සූදානමින් සිටින බවය.

සිංහල හා දමිළ අවුරුද්දේ වැඩි බරක් පැටවෙන්නේ ගෙදර ගෘහණියටය. බොහෝවිට ඒ අම්මාය. නැතිනම් බිරිඳය. අවුරුද්ද අභිමුවේම, පවතින රජය ගෑස් මිල වැඩි කිරීමට අවසර දීම ඔවුන්ට කෙසේ දැනෙනවා ඇත්ද? සිංහල හා දමිළ අවුරුද්දේ ප්‍රධාන නැකතක් වන ළිප ගිනි මෙලවීම සහ ආහාර පිසීම වැනි නැකත් බොහෝවිට අම්මා හෝ බිරිඳ කරන්නේ ගෑස් ළිප උපයෝගී කරගෙන නොවේද?

එහෙව් වෙලාවක ගෑස් මිල වැඩිවීමට අනුබල දීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ගෑස් ඉහළ ගිය කල සියලු කඩ කෑමවල මිල ඉහළ යන්නට තත්පරයක්වත් ගතවන්නේ නැත. ඒ තරම්ම ලාංකික මුදලාලිලා පාරිභෝගිකයන් ගැන සිතනු ඇත. මෙවන් පසුබිමක ආණ්ඩුවට මීට වඩා පාරිභෝගික ජනතාව ගැන සහ ගෙදර කුස්සිය ගැන හිතන්නට තිබුණා යැයි කියන්නේ මේ ආණ්ඩුව ජනතාව පත්කර ගත්තේ පොළොවේ පය ගසා ඉන්න මිනිසාගේ හැඟීම් දැනීම් හොඳින් දැනෙන ආණ්ඩුවක් යැයි සිතා සිටි නිසාය. ඉතින් දැන් අපි සියලු දෙනාම කබලෙන් ළිපට වැටී ඇත.

ඡන්ද ළං වනවිට කියනා සුරංගනා කතා බොහෝවිට බලය ලැබුණු පසු සෑම ආණ්ඩුවකටම පාහේ අමතක වෙයි. ඒ අමතකවීමේ රෝගය මොවුන්ටද හැදී ඇත. ගෑස් මිල වැඩි වුණත් පෙට්‍රල් මිල අඩු කරා යැයි යම් පාක්ෂිකයකුට තර්ක කළ හැකිය. නමුත් අඩුකළ පෙට්‍රල් මිලේ රුපියල් දහය තවමත් පාරිභෝගික ජනතාවට ලැබී නැත. මේ නිසා දැන්වත් ආණ්ඩුවේ බල සහිත ඇමතිවරුනි, නිලධාරීනී පෙට්‍රල් මිලේ අඩුවීමවත් ප්‍රවාහන ගාස්තු පහළ දමමින් ජනතාවට ලැබෙන්නට දෙන්න. නැත්නම් තවත් දින 07 කින් එළඹෙන සිංහල හා දමිළ අවුරුද්ද කනවා වෙනුවට ලෙවකනවා යැයි කියන්නට ජනතාවට සිදුවනු ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?