නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Sweet Chilli Sauce
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

Sweet Chilli Sauce

Published March 17, 2025

අවශ්‍ය ද්‍රව්‍ය

  • වතුර කෝප්ප 1
  • වේලාගත් මිරිස් කරල් 4
  • සීනි කෝප්ප 1
  • විනාකිරි කෝප්ප 1
  • කුඩාවට කපාගත් සුදු ලූනු මේස හැඳි 1
  • රස අනුව ලුණු
  • බඩ ඉරිඟුපිටි / කෝන්ෆ්ලා මේස හැඳි 1
  • වතුර මේස හැඳි 2

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට වතුර කෝප්ප 1 ක් සහ වියළි මිරිස් කරල් 4 දමාගෙන විනාඩි 5 ත් 7 ක් අතර කාලයක් හොඳින් රත්වීමට තබන්න. ඉන්පසු වතුර නිමෙන තුරු තබා මිරිස් සහ වතුර මිශ්‍රණය බ්ලෙන්ඩරයේ කෝප්පයට දමා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් විනාඩියක් පමණ හොඳින් අඹරා ගන්න.

අඹරාගත් මෙම මිශ්‍රණය නැවත කලින් භාජනයට දමා ලිප පත්තු කර එයට සීනි, විනාකිරි, සුදු ලූනු ලූණු එක්කර විනාඩි 10 ක් පමණ හොඳින් කලවම් කරමින් පිසගන්න. මේ අතර වෙනත් කුඩා භාජනයක් ගෙන එයට බඩ ඉරිඟු පිටි සහ වතුර මේස හැඳි 2 එකතු කර බඩ ඉරිඟු පිටි හොඳින් දියවනතුරු කලවම් කරගන්න.

සාදාගත් මෙම බඩ ඉරිඟු පිටි මිශ්‍රණය ලිපේ ඇති මිරිස් මිශ්‍රණයටම දමා හොඳින් හැඳිගාමින් විනාඩි 8 ක් 10 ක් පමණ මඳ ගින්නේ පිසගන්න. දැන් අපි සෝස් පිළියෙල කර අවසන් ලිප නිවා හැඳිගාමින් විනාඩියක් පමණ සිට සෝස් මිශ්‍රණය නිමුණු පසු හොඳින් සෝදා වේලාගත් වීදුරු බෝතලකට අසුරා ශීතකරණයේ තබා මාස 03 ක් පමණ භාවිතා කරන්න ඔබට පුළුවන්.


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?