පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි කරගත්ත ටින් මාළු ටින් 01
- තම්බා පොඩි කරගත්ත අල ගෙඩි 01
- ලොක ලූනු 01
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 01
- අමු මිරිස් කරල් 02
- රස අනුව ලුණු
- කරදමුංගු ස්වල්පයක්
- කරාබු නැටි 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරපිංචා
- පොල් තෙල්
පිටි මෝලිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි ග්‍රෑම් 250
- මාගරින් ග්‍රෑම් 100
- රස අනුව ලුණු
- සීතල වතුර
- බිත්තර කහ මද 1
සාදාගන්නා ආකාරය
පිටි මෝලිය හදා ගන්න පිටි සහ ලුණු බෝල් එකකට දමා කලවම් කරගන්න. මේකට මාගරින් හා බිත්තර කහ මදය එකතු කර පිටි ටික පාන් කුඩු වගේ වෙනකන් ඇඟිලි තුඩුවලින් මාගරින් හා බිත්තර කහ මදය එක්ක හොඳින් පසුව වතුර ස්වල්පය බැඟින් දමා කලවම් කරගන්න. මේ පිටි මෝලිය සිනිදුවට බෝල් එක වටේ ඇලෙන්නේ නැති මට්ටමට එනකන් එනකන් නීඩ් කර ගන්න.
දැන් මේ පිටි මෝලිය කවර් කරලා විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තියන්න. මේ අතරතුරේදී අපි පැටිස් එකේ පිරවුම හදා ගමු. තෙල් රත්වූ පෑන් එකකට සිහින්ව කපාගත් ලූනු, අමු මිරිස් හා කරපිංචා එකතු කරන්න.
දැන් ලුණු, කෑලි, කරදමුංගු, කරාබු නැටි හා කුරුඳු පොතු ටික හොඳට කුඩු කරගෙන මෙම මිශ්‍රණයට දමාගන්න. මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා මේක ලිපෙන් අයින් කර ගන්න.
දැන් පොඩි කර ගත්ත ටින් මාළු ටික දාගන්න. මාළු ටික හොඳට කලවම් කරලා ගම්මිරිස් ටික දාන්න. මේ වෙලාවේදී ඔයාලාගේ රසට ලුනු පදමට තියනවාද කියලත් බලන්න. අන්තිමට පොඩි කරගත්ත අල ටික දාලා හොඳට කලවම් කර ගන්න.
දැන් අපි පැටිස් හදන්න පටන් ගමු. පිටි මෝලිය අරගෙන ඒක දෙකට කපලා එක කොටසක් ආයෙත් ෆ්‍රිජ් එකට දාන්න. දැන් මේ පිටි මෝලිය රෝලර් එකකින් හොඳට ෆ්ලැට් කරලා කුකී කටර් එකකින් රවුම් කපා ගන්න.
කපා ගත්ත රවුමකට මැද්දෙන් හදාගත්ත පිරවුම ටිකක් තියලා රවුමේ එක දාරයක් අනෙක් දාරේ උඩට තියලා පැටිස් එක නමන්න. දැන් ඔයාලාගේ ඇගිලි තුඩු වලින් හෙමින් සැරේ දාරය සීල් කර ගන්න.ඊළඟට ගෑරුප්පුවක් ආධාරයෙන් දාරය තව ටිකක් ලස්සනට සීල් කර ගන්න. දැන් සාදාගත් පැටිස් ටික සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ මිනිත්තු 10 ක් පමණ බේක් කරගන්න.
