අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කිලෝග්‍රෑම් 1
- සීනි ග්‍රෑම් 100
- මාජරින් ග්‍රෑම් 100
- යීස්ට් ග්‍රෑම් 15
- රස අනුව ලුණු
- වතුර අවශ්‍ය ප්‍රමාණයට
සාදාගන්නා ආකාරය
මුලින්ම පාන්පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කර වතුර දමා අතින් කළවම් කරගන්න. වතුර ටිකක් වැඩි පුර දමා අතේ නොඇලෙන පදමට අනාගන්න. ඒ පිටි මෝලිය දෙගුණයක් සයිස් පිපෙනකම් උණුසුම් තැනක තබන්න. දැන් හොඳින් පිපුණු පිටි මෝලියෙන් පිටි ගුලි කඩා එය අතින් ඇද අඩි 2 ක් පමණ දිගට තියන විදියට සාදා ගන්න. ඒ පිටි තීරු ලෑල්ලක් මත දමා අතින් රෝල් කර රවුමේ හැඩයක් ගන්න. දැන් අතින් රවුම් කරගත් පිටි බෝල ටික පිපීම සදහා යළිත් පැය භාගයක් වගේ තියන්න.
දැන් රවුම් කරගත් පිටි බෝල බේකින් තැටියකට දමා බටර් බනිස් ගෙඩියේ හැඩයට එන පරිදි රවුමට අතින් සකස් කරගන්න. ඊට උඩින් වතුර හෝ කිරි ටිකක් තවරලා ඒ මත සීනි ඉහගන්න. පසුව සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 15 ක් පමණ බේක් කරගන්න.
