අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කිලෝ 1
- බීහයිව් මාගරින් ග්‍රෑම් 100
- තම්බාගත් සොසේජස් 5
- රස අනුව ලුණු
- බිත්තර 1
සාදාගන්නා ආකාරය
පාන්පිටි සහ ලුණු කලවම් කරලා මාජරින් ග්‍රෑම් 50 එක්ක පිටි මෝලිය අයිස් වතුරෙන් අනාගන්න. මේක අවම පැය 2 ක්වත් පිපෙන්න තියන්න ඕනේ. දැන් ඉතුරු මාගරින් ටිකත් දාලා ආයෙ හොඳින් අනාගන්න. පොඩි කෑලි කඩලා හොඳින් රවුමට තුනී කරගන්න. හොඳට තුනී කරගත් රවුමක් අවානක් ආකාරයට නවාගන්න.
නවාගත් ඩෝ එක නැවත හතරස් හැඩයට තුනී කරගන්න. එක් කෙලවරකින් සොසේජස් තියලා රෝල් කරගෙන අවසන් දාරෙට බිත්තර සාරු ටිකක් ගාගන්න. පේස්ට්‍රි එක උඩත් බිත්තර සාරු ගාලා සෙල්සියස් අංශක 170 ක උෂ්ණත්වය යටතේ විනාඩි 25 ක් බේක් කරගන්න.
