නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඇයට වූ දෙය හෙට ඔබට, ඔබේ සහෝදරියට වූවා නඑම්…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ඇයට වූ දෙය හෙට ඔබට, ඔබේ සහෝදරියට වූවා නඑම්…

Published March 17, 2025

කාන්තා දිනයේ අභිමානය වියැකී යන්නටත් මත්තෙන් ඇය වැඩ පරිසරයේදීම අනාරක්ෂිතවීම සුළුවෙන් තැකිය හැකි ද? කාන්තාවක් වීම තුළ සහ කාන්තාවන් පිළිබඳව නිතැතින්ම අභිමානයෙන් කතා කරන අපට නම් එය එසේ කළ නොහැකිය.කිසිම කාන්තාවකට කිසි විටෙකත් තමන් ජීවත් වන පරිසරය තුළ දී අනාරක්ෂිත බවක් දැනිය යුතු නැත. ඇගේ වෘත්තිය කුමක් වුව ද එය එසේ විය යුතුම නැත.

ඇය වෛද්‍යවරියක, හෙදියක, ගුරුවරියක, ඇඟලුම් සේවිකාවක, දළු නෙලන්නියක හෝ ගෘහ සේවිකාවක යන ඕනෑම වෘත්තිකයක නීයැලූණද උදේ රෑ දවාලේදීත් උතුරේදීත් දකුණේදීත් එසේ නොවිය යුතුය. ඇය ඉපදුනු මහ පොළව ඇයට ජීවය දෙන ගහකොළ සතා සිවුපාවා මුර්ග වෙසින් ඇය වටා සිටින මිනිස් සත්වයාට වඩා ඇයව රකිනු ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ තරුණ වෛද්‍යවරියකට ඊයේ රාත්‍රියේ සිදුවූ ලිංගික හිංසනය අද හෝ හෙට ඔබට, ඔබේ දියණියට ඔබේ සහෝදරියට, ඔබේ පෙම්වතියට, ඔබේ බිරිඳට පමණක් නොව ඔබේ මිත්තනියටද විය හැකිය.

කාමුක ආශාවෙන් පෙළෙන්නාට වයස, තරාතිරම, වෘත්තිය කිසිසේත්ම වැඩක් නැත. කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව වගවන, වගකියන සමාජයක් පමණක් නොව වැඩ පරිසරයක් ඇයට පැය 24 පුරාම උවමනාය.

ලිංගික හිංසනයට ලක් වූ ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා මිනිස් කුලකයක් සේ පෙළ ගැසිය යුත්තේ ඇය වෛද්‍යවරියක්වීම නිසාම නොව ඇය කාන්තාවක්වීම නිසාමය. දේශපාලන කණ්ණාඩි බැහැර කොට කාන්තාවගේ සුරක්ෂිතතාවය මේ රට තුළ තිබේදැයි ගැහැණුන් පමණක් නොව පිරිමින්ද සිතන්න. අපට වැර ඇත්තේ කොතනදැයි තේරුම් ගන්න.

එය නිවැරදි කරමින් යුක්තියේ පිහිට ඇයට ලබාදීමට ගැහැණු පිරිමි භේදයකින් තොරව පෙළ ගැසෙන්න. කළු පටිය බැඳ සිටිනා දෙවඟනගේ යුක්තිය පසදාලීම ඇයට අවසි මොහොතයි මේ. එය වචනයේ පරිසමාප්තියෙන්ම ලබා දෙන්න.
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?