නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගණන් දන්නා මිනිහෙකුගේ කොළ කඩා පෑම
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ගණන් දන්නා මිනිහෙකුගේ කොළ කඩා පෑම

Published February 24, 2025

ඉදිරිපත් කර ඇති 2025 අයවැය ගැන මේ වනවිට සමාජයේ කතා ගොඩකි. ආණ්ඩුවට පක්ෂපාතී කොටස් මේ අයවැය ගැන සුබවාදී කතා කිව්වත් සමාජයේ බහුතරයක් දෙනා පවසන්නේ “ගණන් දන්නා කොල්ලෙක් අංක හරඹයක් කරමින් ජනතාව උඩුයටිකූරු කර තිබේ” යන්නයි. එය එසේ වුවත් මේ රටේ ජීවත්වන ජනතාව වශයෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ගැන අවධානයෙන් බැලිය යුතු කරුණු බොහොමය.

එහි තිබෙන උත්තරයක් නොමැති ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැයෙ හි පරතරය වන රුපියල් බිලියන 2200 ක මුදල පියවීමේ ක්‍රමයක් ඉදිරිපත් කර නොමැතිකමයි.

ඒ අනුව අපට සිතිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF හි හතර වැනි වාරිකය ගැනීම ගැන සිතමින් පමණක් මේ අයවැය කොළේ වසා ගේමක් ගසා ඉදිරිපත් කළ එකක් වන බවයි.

ආර්ථික සංවර්ධනය සහ සමාජ සංවර්ධනය පිළිබඳව මෙවර අය වැයෙන් කතාකර තිබීම හොඳය. එය රටක් සංවර්ධනය කිරීමේදී සිතිය යුතුම කරුණක් ලෙස අපි ද පිළිගනිමු. හැබැයි මේ සියල්ල කරන්නට ආණ්ඩුවට සල්ලි තිබිය යුතු නොවේද?

දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ හෝ වෙනත් වගකිය යුතු පුද්ගලයන්ගේ සහ ආයතනවල වියදම් අවම කිරීමෙන් පමණක් අයවැය පරතරය පිරවිය නොහැකි බව පොඩි එවුන්ට පවා වැටහෙන මොහොතක මෙම අයවැය පිළිබඳව සාමාන්‍ය මිනිහා වුවත් ගැඹුරින් අධ්‍යයනයක යෙදීම වටින්නේ එබැවින්ය.

දේශපාලනඥයාගේ සිට රාජ්‍ය සේවයේ සිටින පොඩි එකා දක්වාම අල්ලස පිටු දැකිය යුතුය. දූෂණය නැවැත්විය යුතුය. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නතර කළ යුතුය.

ඒ සියල්ල පිළිබඳව මෙවර අය වැයෙන් ජනාධිපතිවරයාම අවධානය යොමු කිරීම පැසසිය යුතුය. මෙරට නිෂ්පාදන ආර්ථිකය නැංවීම පිළිබඳව සිතීමත්, කාර්මික සංවර්ධනය වැඩි කිරීම ගැන සිතීමත් තවත් හොඳය.

මේ සියල්ල, විය යුතු වෙනසට අත වැනීමක් ලෙස දුටුවත් පොඩි මිනිහාගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ හිත පුරා සහ ගත පුරා දැනෙන බඩගින්දර නිවා දැමීම වෙනුවෙන්ද මෙවර අයවැයේ පැහැදිලි චිත්‍රයක්වත් තවමත් සාමාන්‍ය ජනතාවට සොයාගැනීමට බැරිය.

එම නිසා මිනිසුන් තවම සිටින්නේ අයවැය තුළ අලුත් ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අංකවල අතරමංවය. එපමණක් නොවේ බඩ පුරවනකන් බලන් සිටි රාජ්‍ය සේවකයාද අන්ද මන්ද කරමින්ය. දැන් ඉතින් ඔබ අප කවුරුත් අංක විද්‍යාව වඩාත් හොඳින් ඉගෙන ගත යුතුව ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?