නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදරදීම හදාගන්න පුළුවන් Body Scrub
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ගෙදරදීම හදාගන්න පුළුවන් Body Scrub

Published February 17, 2025

අද අපි කතා කරන්නෙ මුළු ශරීරයටම භාවිත කරන්න පුළුවන් බොඩි සුගර් ස්ක්‍රබ් ගැන. සුගර් ස්ක්‍රබ් කියන්නේ සමේ මැරුණු සෛල ඉවත් කර නිරෝගී සමක් ලබාගන්න පුළුවන් සාර්ථක ප්‍රතිකර්මයක්. සමේ වයනය වැඩිදියුණු කර තරුණ පෙනුමක් ලබාදෙන්න සුගර් ස්ක්‍රබ්වලට පුළුවන්. ඒ වගේම සීනිවලින් ස්ක්‍රබ් කරද්දි රුධිර ප්‍රවාහනය උත්තේජනය වීමෙන් කොලජන් නිශ්පාදනයත් වැඩි වෙනවා. නමුත් සීනි ස්ක්‍රබ් තොල්වලට, ශරීරයට භාවිත කළාට මුහුණට භාවිත කරන්නෙ නෑ. මොකද සීනි කියන්නෙ සංවේදී සමක් සහිත මුහුණට කටුක අමුද්‍රව්‍යයක්. එහෙනම් ගෙදරදි ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ බොඩි ස්ක්‍රබ් ඔයත් ට්‍රයි කරලා බලන්න.

Hydrating Coconut Sugar Scrub

● සීනි කෝප්ප 1/2

● පොල්තෙල් කෝප්ප 1/2

● වැනිලා බිංදු කිහිපයක්

පොල් තෙල් ළා රස්නයක් වනතුරු මදගින්නේ රත් කරගන්න. ළිප නිවා පොල්තෙල් පිරිසිදු භාජනයකට දමා එයට සීනි, වැනිලා බිංදු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

Green Tea Sugar Scrub

● සීනි කෝප්ප 1/2

● ඔලිව් තෙල් කෝප්ප 1/8

● වරක් පෙරන ලද හරිත තේ

● Grean Tea bag 1

පේස්ට් එකක් වනතුරු සීනි, ඔලිව් තෙල්, පෙරාගත් හරිත තේ මිශ්‍ර කරගන්න. එයට ඔැ් ඉ්ට එකේ ඇති හරිද තේද මිශ්‍රකර ස්ක්‍රබ් එක සකසාගන්න. හරිත තේ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරී ඇති අතර සම වයසට යාමේ සලකුණුවලට එරෙහිව සටන් කරයි.

Lemon Lush Sugar Scrub

● සීනි කෝප්ප 1/2

● ඔලිව් තෙල් කෝප්ප 1/2

● සිහින් ලෙමන් පොතු තේ හැන්දක්

● ලෙමන් යුෂ තේ හැඳි දෙකක්

ඉහත සියලු අමුදුව්‍යන් පිරිසිදු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. ලෙමන් කියන්නෙ සමේ අඳුරු බව ඉවත් කර දීප්තිමත් පැහැයක් ලබාදෙන පලතුරක්.

Oatmeal Sugar Scrub

● සීනි කෝප්ප 1/2ක්

● පොල් තෙල් කෝප්ප 1/4

● ඕට්ස් කෝප්ප 1/4

සියලු ද්‍රව්‍ය මිශ්‍රකර ස්ක්‍රබ් එක සකසාගන්න. ඕට්ස් කියන්නෙ සංවේදී සමට පරිපූර්ණ ප්‍රතිකර්මයක්.

Mood – Boosting Orange Sugar Scrub

● සීනි කෝප්ප 1/2

● ආමන්ඩ් තෙල් කෝප්ප 1/4

● සිහින් දොඩම් පොතු තේ හැන්දක්

● නැවුම් දොඩම් යුෂ තේ හැඳි දෙකක්

දොඩම් සුවඳ හමනතෙක් සියලු අමුද්‍රව්‍යයන් මිශ්‍ර කරගන්න. භාවිතයට ගන්නා විට දෙහි බිංදු කිහිපයක් එකතු කරගත හැක.

ස්ක්‍රබ් භාවිත කළයුතු නිවැරදි ක්‍රමය

ස්ක්‍රබ් ආලේප කරගන්න ඕන හොඳින් පිරිසිදු කළ ශරීරයේයි. ස්ක්‍රබ් එකෙන් අවශ්‍ය ප්‍රමාණය අතට ගෙන ශරීරය පුරා වක්‍රාකාරව ආලේප කරමින් මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න. පිරිසිදු තුවායකින් තෙත මාත්තු කරගන්න. තුවාය තදින් අතුල්ලා පිසදැමීමෙන් වළකින්න. ඔබේ සමේ තෙතමනය තබාගැනීමට ගුණාත්මක මොයිස්චරයිසර් එකක් භාවිත කරන්නඩ

ගබඩා කළ යුතු ආකාරය

ස්ක්‍රබ් එක නැවුම්ව තබාගැනීමට වාතය රහිත භාජනයක ගබඩා කරන්න. ස්ක්‍රබ් එක සැකසීමට නැවුම් පලතුරු යුෂ යොදාගන්නේනම් ශීතකරණයේ තැන්පත් කරන්න. සති දෙකක් තුළ භාවිතයට ගැනීමට වගබලාගන්න.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?