නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අඳින්න මිනිගවුම අඳින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

අඳින්න මිනිගවුම අඳින්න

Published February 10, 2025

ඉස්සර කාලෙ ගෙදරක දරුවෙක් ඉපදුණාම ඒ ඉපදුණේ දුවෙක්ද පුතෙක්ද කියලා වැදුම්ගෙයින් එළියෙ හිටපු උදවියට දැනුම්දුන්නේ හරි අපූරු ක්‍රමයකටලු. පිරිමි ළමයෙක් නම් ‘සරමක්‘ කියලත්, දුවෙක් නම් ‘කම්බායක්’ කියලත් තමයි ඒ බව හැඟෙව්වෙ. කොහොම වුණත් පිරිමි ළමයින් ඇඳපු සරම සාමාන්‍ය සරමම වුණත් ගෑනු ළමයි ඇඳපු ගවුම ඒ කාලෙ ඉඳන් වර්තමානය දක්වාම විවිධාංගීකරණයට ලක්වෙලා තියෙනවා. සමහර ගවුම් නිකන්ම නිකන් ගවුම් නෙවෙයි. ඒවා අඳින්න සුදුසු තැන් අනුව,ස්ථානය අනුව වගේම ශරීරය අනුව වෙනස් වෙනවා. ඒ වගේම යුගයෙන් යුගයට විවිධ විලාසිතා අනුව වෙනස් වෙමින් ආපු ගවුමේ ඉතිහාසය වර්තමානයේ අලුතින් ලියවෙනවා…

Mini Dress

දශක ගණනාවක ඉඳන්ම අදටත් කාන්තාවෝ අඳින ජනප්‍රියම ගවුම් විලාසිතාවක් තමයි මිනි ගවුම් කියන්නේ. 1960 ගණනවල ලොව පුරා අතිශය ජනප්‍රිය වුණ මිනි ගවුම කෙටි මෙන්ම ගවුම් වර්ගයක්. දණහිසට ඉහළින් තියෙන මිනි ගවුම අඳින්නෙ කකුල් දෙකෙන් වැඩි ප්‍රමාණයක් නිරාවරණය වෙන විදිහට.

Midi Dress

වළලුකර දක්වා දිග මේ ගවුම් විලාසිතාව ඕනම ශරීර හැඩයකට හොඳින්ම ගැළපෙනවා. විවිධ රටා සහ මෝස්තරවලින් මිඩි ඩේ‍රසස් නිර්මාණය වෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවකට ඇඳීමේ පහසුකමත් තියෙනවා.

Tea Length Dress

මේ ගවුම් වර්ගය දණහිසට පහළින් සහ වළලුකරට ඉහළින් තියෙන ගවුමක්. බොහෝ වෙලාවට මේ වගේ ගවුමක් අඳින්න සුදුසු නිවසේ හෝ වෙනත් තැනක පැවැත්වෙන සාමාන්‍ය සාදයකට. 19 ශතවර්ෂයේ මැද භාගයේදී ජනප්‍රිය වුණු මේ ඇඳුම් ව්‍යුහගත නොකළ රේඛා සහ සැහැල්ලු රෙදිවලින් නිර්මාණය කරලා තියෙනවා.

Maxi Dress

මැක්සි කියන්නෙ වළලුකර ප්‍රදේශයට හෝ බිම ගෑවෙන තරමට දිග ගවුම් වර්ගයක්. නිවසේ පැවැත්වෙන ප්‍රියසම්භාෂණ සහ වෙරළ ආශ්‍රිත උත්සව සඳහා මැනවින්ම ගැළපෙනවා.

Waistline එක අනුව ගවුම්
A line Dress

A ලයින් ගවුම් කියන්නෙ පෙයාර්ස් හැඩැති සිරුරක් (Pear body shape) තියෙන කෙනෙක්ට හොඳින්ම ගැළපෙන ගවුම් විලාසිතාවක්. මෙම කාලානුරූපී ගවුම් විලාසිතාව එයටම ගැළපෙන ආයිත්තම් එක්ක ලස්සනට විලාසිතා කරන්න පුළුවන්.

Wrap Dress

ගවුමත් එක්කම ඉණ ප්‍රදේශය ගැටගසන්නට තියෙන නිසයි මේ විලාසිතාවට Wrap dress කියන්නේ. මේක හරිම ක්ලැසික් විලාසිතාවක් වගේම ශරීරයට හරිම පහසුයි.

Empire Waist Dress

මේ ගවුම් විලාසිතාව ගැන කිසිම අදහසක් නැත්නම් කොරියානු නාට්ටිවල කාන්තාවෝ ඇඳන් ඉන්න සාම්ප්‍රදායික ඇඳුම මතක් කරගන්නකෝ. 18 වන ශතවර්ෂයේ ජනප්‍රිය වුණ Empire waist dresses වල පපු ප්‍රදේශයට මදක් ඉහළින් ඉන රේඛාවක් තියෙනවා. ඒ ස්ථානයේ ඉඳලා යටිපතුල් දක්වාම තියෙන්නේ සායක්.

Ball Gowns

බෝල් ගවුම් කියන්නෙත් විවිධ ශරීර හැඩයන්ට විවිධ මෝස්තරයන්ගෙන් තියෙන ගවුම් වර්ගයක්. බිම ගෑවෙන තරමට දිග මේ ගවුම් විලාසිතවෙන් දිස්වෙන්නේ හරිම ලක්සරි පෙනුමක්. සාමාන්‍යයෙන් බෝල් රූම් නර්ථනවලට පැරණි කාන්තාවෝ ඇන්දේ මේ වගේ ගවුම් නිසයි මේවට බෝල් ගවුන් කියන්නේ.

Cocktail Dress

කොක්ටේල් ඇඳුම් දණහිස දක්වා දිගින් යුක්තයි. උත්සවවලට වගේම අර්ධ විධිමත් (Semi Formal) උත්සව අවස්ථාවන්ට හොඳින්ම ගැළපෙනවා.

Shinesheets ඇසුරින්

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?