නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Ear Piercing කළොත් After care වැදගත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Ear Piercing කළොත් After care වැදගත්

Published February 3, 2025

Ear Piercing එහෙමත් නැත්නම් කන් විදීමේ කලාවට කාන්තා පිරිමි බේදයක් නැතිව කා තුළත් තියෙන්නෙ ලොකු ඇල්මක්, කැමැත්තක්. ගැහැණු ළමයෙක්නම් ඉපදිලා මාස කීපයකින් කන විඳලා දාන කරාබුවට අමතරව තවත් කරාබුවක් හෝ කරාබු කිහිපයක් පළඳිනවා. Ear piercing හෝ Nose piercing කරන එක මහ අමාරු දෙයක් නොවුණත් මේක කළාට පස්සෙ හරි විදිහට පියසින් කරපු තැන් රැකබලා නොගත්තොත්නම් විවිධ ආසාදනයන් නිසා ඔයා අමාරුවේ වටෙන්න පුළුවන්. ඒ නිසා මොන රූපලාවණ්‍ය කටයුත්ත කළත් Aftercare එක ඉතාම වැදගත්.

පියසින් කියන්නෙ තරමක් වේදනාකාරී දෙයක්. ඒ නිසා මේක කරද්දි රිදෙයි කියලා බය හිතෙනවනම් ඒ අයට පුළුවන් කන හිරිවැටෙන ක්‍රීම් එකක් ගාලා විනාඩි කිහිපයක් ඉඳලා පියර්ස් කරගන්න. සාමාන්‍යයෙන් කන් පෙත්තේ උඩ කොසෙ පියර්ස් කරද්දි වේදනාව වැඩියි.

ගෙදරදි උත්සාහ කරන්න එපා

ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක්ගෙන් කන විදගන්නවා මිස ඉදිකටු, දෙහි කටු, හැට්ට කටු වගේ දේවල්වලින් ගෙදරදි කන් විදගන්න යන එක භයානකයි. මොකද කන් විදින්න භාවිත කරන උපකරණ ජීවානුහරණය කර නොතිබුණොත් කනේ ආසාදන ඇතිවෙන්න පුළුවන්.

කන් විදින ක්‍රම

ඉයර් පියසින් කරන ගොඩක් තැන් ගන් එකකින් තමයි පියර්ස් කරන්නෙ. තමන්ට දාගන්න අවශ්‍ය කරාබුව මේ ගන් එකට දාලා පහසුවෙන්ම කන විදගෙන ගන් එකෙන්ම කරාබුවත් දාගන්න පුළුවන්. නමුත් තුවාලය වේලෙනකල් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ගන් එකෙන් විදපු කරාබුව විතරයි.

Surgical Piercing කියන්නෙ කන් විදීමේ කලාවට අලුතින්ම හඳුන්වා දුන්නු ක්‍රමවේදයක්. මේ ක්‍රමයේදී එක් පුද්ගලයෙකුට භාවිත කරන්න පුළුවන් එක කටුවයි. ඒ වගේම හැම කටුවක්ම ජීවානුහරණය කරලා පැකට් කරලයි තියෙන්නෙ.

තුවාලය ඉක්මණින් සුව කරගන්නෙ කොහොමද?

Ear piercing කළාම පරිස්සම් වෙන්න ඕන කනේ විදින සිදුර නිසා. පිරිසිදු වෙනකොට පියර්ස් කරපු තැන වතුරට තෙමුණොත් කොට්න් බඩ් එකක් අරන් කරාබුව වටේ සහ පිටුපස හොඳින් තෙතමාත්තු කරගන්න.

පියර්ස් එකෙන් පස්සෙ තුවාල වෙලා පැසෙව්වොත්

පියර්ස් කළාට පස්සෙ ගොඩක් අය මුහුණ දෙන ගැටලුවක් තමයි කන විදපු තැන ගෙඩියක් දාලා පැසවන එක. මෙහෙම දෙයක් වුණොත් කලබල වෙන්න එපා. ඒ වගේම පියර්ස් කරපු කන කොට්ටයට තද වන විදිහට නිදාගන්නත් එපා. කොණ්ඩෙ පීරනකොට පනාවේ පැටලෙන්නෙ නැතිවෙන්න ප්‍රවේශමෙන් පීරන්න.


● මුලින් සඳහන් කළා වගේ කන විදපු තැන ගෙඩියක් ආවොත් ඇස්ප්‍රීන් පෙත්තක් හොඳට කුඩු කරලා ඒකට ලුණු කුඩු ස්වල්පයක් සහ වතුර බිංදුවක් එකතු කරලා හොඳින් කලවම් කරලා කරාබුව තියෙද්දිම ගෙඩිය ආපු තැන ආලේප කරන්න.

● ඇස්ප්‍රීන් තියන්න බයනම් ඔයාලට පුළුවන් ලුණු කුඩු ටිකක් විතරක් වතුර බිංදුවක් එක්ක මිශ්‍ර කරලා ගෙඩිය ආපු තැන ආලේප කරන්න.

● ලුණු සමඟ Tea Tree Oil කියන්නෙත් මෙයට සුදුසු ප්‍රතිකර්මයක්. මේ මොන ප්‍රතිකර්මය කළත් කරාබුව ගලවන්න එපා. මොකද කනේ සිදුර වැහුණොත් නැවතත් කන සිදුරු කරන්න වෙන නිසා.

ඔබට කන පියර්ස් කරගන්න අවශ්‍යනම් හොඳ පළපුරුද්දක් සහිත ප්‍රොෆෙෂනල් පියර්සින් ආටිස්ට් කෙනෙක් ගාවට යන්න. කන විදීමේ ක්‍රමවේදය සහ උපකරණ භාවිතය ගැන විස්තර අහගන්න. ඒ වගේම තමන්ට පියර්ස් කරගන්න අවශ්‍ය ස්ථානය නිවැරදිව පෙන්නන්න. එහෙම නොවුණොත් නිකරුණේ කිහිපවතාවක්ම කන විදින්නට සිදු වෙනවා. ඒ වගේම විවිධ ශිල්පීන්ට අනුව After care එකත් වෙනස් වෙන නිසා පියර්ස් එකක් කරගත්තට පස්සෙ එය සුව වනතෙක් රැකබලා ගන්නා අයුරු පිළිබඳව උපදෙස් ගන්නත් අමතක කරන්න එපා.

රූපලාවණ්‍ය ශිල්පිනී
තනූජා නයෝමි


එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?