නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කන පෑන්කේක් නෙවෙයි මේ මූණෙ ගාන පෑන්කේක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කන පෑන්කේක් නෙවෙයි මේ මූණෙ ගාන පෑන්කේක්

Published January 27, 2025

පෑන්කේක් කිව්වම අපිට මතක් වෙන්නේ රසවත් කෑමක්. ඒත් මේ කියන්න යන පෑන්කේක් එක නම් තියෙන්නෙ කන්න නෙවේ මූණේ ගාන්න. වේශ නිරූපණය කරනකොට නැතුවම බැරි මොනවද මේ පෑන්කේක්, එහෙමත් නැත්නම් කේක් කියන්නෙ? පෑන්කේක් කියන්නෙ ගණ සහ තද සංයුතියකින් යුත් පවුඩර් එකක්. 1930 ගණන්වල සුප්‍රසිද්ධ වේශ නිරූපණ ශිල්පියකු වූ මැක්ස් ෆැක්ටර් විසින් තමයි මුලින්ම මේ පෑන්කේක් එක හොයාගෙන තියෙන්නේ. ඒත් මැක්ස් නම් පෑන්කේක් එක නිර්මාණය කරලා තියෙන්නෙ ඒ කාලෙ කළු-සුදු චිත්‍රපටවල රඟපෑ නළු නිළියන්ගේ දෝෂ රහිත සමක් ලබාගැනීම වෙනුවෙනුයි.

කෙසේ වෙතත් පෑන්කේක් වේශ නිරූපණය කාලයත් එක්ක පරිණාමය වෙලා ඇවිත් වර්තමානයෙදි වේශ නිරූපණ එකතුවේ ප්‍රධාන අංගයක් බවට පත්වෙලා තියෙනවා. පෑන්කේක් වේශ නිරූපණය කරන්න තෙත ස්පොන්ජ් එකක් අවශ්‍ය වෙනවා. මේ වේශ නිරූපණය මුහුණට සම්පූර්ණ ආවරණයක් සපයනවා වගේම කුරුලෑ, කැළැල් සහ අසමාන සමේ වර්ණ වැනි දුර්වලතා ඵලදායී විදිහට සඟවගන්න උදව් වෙනවා.

Pancake Makeup භාවිත කරන්නේ කෙසේද?

පෑන්කේක් මේක්අප් එක දාන්න කලින් මුහුණේ තෙත හොඳින් ඉවත් කරගත යුතුයි. පෑන්කේක් කියන්නෙ ඉක්මණින් වියළෙන සුළු මේක්අප් අංගයක්. මේ නිසයි තෙත ස්පොන්ජ් එකක් අවශ්‍ය වෙන්නේ. ස්පොන්ජ් එක වතුරෙන් තෙත් කරගන්න. අතිරික්ත ජලය මිරිකා හරින්න. තෙත ස්පොන්ජ් එකෙන් පෑන්කේක් තවරාගෙන මුහුණ මැද සිට ආරම්භ කර මෘදුව මුළු මුහුණේම ආලේප කරගන්න. පෑන්කේක් එකෙන් මුහුණට ස්වභාවික පෙනුමක් ලබාගන්න පුළුවන්. පෑන්කේක් මේක්අප් එකෙන් පස්සෙ බ්ලෂ්, අයි ෂැඩෝ සහ ලිප්ස්ටික් ඇතුළුව ඉතිරි දෑ එක්ක මේක්අප් එක සම්පූර්ණ කරගන්න පුළුවන්.

පෑන්කේක් මේකප්වල වාසි

ලප කැළැල් සහ අසමාන සමේ වර්ණ සඟවනවා වගේම මේක්අප් එක දිගු කාලයක් පවතිනවා. ඒ වගේම පෑන්කේක් එකකින් මුහුණට මැට් නිමාවක් ලැබෙනවා. තෙල් සහිත සමක් ඇති පුද්ගලයින්ට හෝ දීප්තියෙන් තොර සමකට කැමති අයට වඩාත් සුදුසුයි.

පෑන්කේක් මේකප්වල අවාසි

එහි බොහෝ වාසි තිබුණත් පෑන්කේක් මේක්අප්වල යම් අවාසිත් නැත්තෙම නෑ. ප්‍රධානම දේ තමයි මුලදිත් කිව්වා වගේ පෑන්කේක් ඉක්මණින් වියළෙනසුළු වීම. වියළි හෝ සංවේදී සමක් සහිත පුද්ගලයන්ට නම් මේ පෑන්කේක් මේක්අප් එක නිර්දේශ කරන්න බෑ. නමුත් මේ ගැටලුව අවම කරන්න තමයි සම නිසි ලෙස සජලනය කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ.

● අනිත් කරණය තමයි මුහුණට දැනෙන බර ගතිය. පෑන්කේක්වල තියෙන ඝනත්වය නිසා, මේක්අප් එකෙන් පස්සෙ සමට බර ගතියක් දැනෙන්න පුළුවන්.

● නිවැරදිව පෑන්කේක් එක මුහුණට යෙදුවේ නැතිනම්, විශේෂයෙන්ම ස්ථර කිහිපයක් භාවිත කරද්දි එහි පෙනුම තරමක් වෙනස් වෙන්න පුළුවන්. ස්වාභාවික නිමාවක්

ලබාගන්න නම් වැදගත් වෙන්නෙ නිවැරදි ලෙස මිශ්‍ර කිරීම සහ සැකසීම.

● සමහර වෙළෙඳ නාම යටතේ තියෙන පෑන්කේක්වල තියෙන්නෙ සීමිත වර්ණ පරාසයක්. ඒ නිසා තමන්ගේ සමේ වර්ණයට ගැළපෙන පෑන්කේක් එකක් හොයාගන්න එක තරමක් අභියෝගාත්මක වෙන්න පුළුවන්.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin care with Malyinga)

එරංදි කෞශල්‍යා ✍️

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?