නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Casual වගේම Formal විදිහටත් අඳින්න බැගී සුදු ෂර්ට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Casual වගේම Formal විදිහටත් අඳින්න බැගී සුදු ෂර්ට්

Published January 20, 2025

සුදු ෂර්ට් එකක් කියන්නෙ ගෑනු ළමයෙක්ගේ ඇඳුම් අල්මාරියේ තියෙන්නම ඕන ඇඳුමක්. Casual වගේම Formal විදිහටත් අපිට මේ සුදු ෂර්ට් එක ස්ටයිල් කරන්න පුළුවන්. නමුත් මේ විදහට විවිධ විලාසිතා කරන අරමුණින් සුදු ෂර්ට් එකක් ගන්නව නම් ලිනන්, කොට්න් මිශ්‍ර ෂර්ට් එකක් තෝරගන්නව නම් හොඳයි. ඒ වගේම ඇඟේ සයිස් එකට නොගෙන ඔයාගේ සයිස් එක small නම් ඔයා තෝරගන්න ඕනෙ Medium සයිස් එකක තරමක් ලොකු ෂර්ට් එකක්.

Sleeveless Maxi dress

අත් නැති මැක්සි ඩේ‍රස් එකක් යටින් සුදු ෂර්ට් එක ඇඳලා ස්ටයිල් කරන්න පුළුවන්. මේක උත්සවයකට වගේම කාර්යාලයටත් ඇඳගෙන යන්න පුළුවන් විදිහේ විලාසිතාවක්. කාර්යාලවල අත් නැති, කර වැඩියෙන් කැපුණු ඇඳුම් අඳින්න නොදෙන නිසා මේක හොඳ විසඳුමක්.

Bodycon dress

බොඩිකොන් ඩේ‍රස් එකක් ගොඩක් රාත්‍රි කාලයේ පැවැත්වෙන උත්සවවලට ගැළපෙනවා. නමුත් බොඩිකොන් කියන්නේ ඇඟටම ෆිට් වෙන ඇඳුමක් නිසා සමහරුන්ට ඇඳගෙන යන්න අපහසුවක් දැනෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක්ට පුළුවන් සුදු ෂර්ට් එකක් එක්ක බට්න්ස් ඕපන් කරන් බොඩිකොන් ඩෙස්්‍ර එකත් එක්ක අඳින්න.

Black Skirt

ඇඟට ෆිට් වෙන කළු සායක් එක්ක සුදු ෂර්ට් එකක් ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන්. සුදු ෂර්ට් එක සම්පූර්ණයෙන්ම සායට යට නොකර ෂර්ට් එකේ එක පැත්තක් විතරක් සායට යට කරලා මේක අඳින්න ඕනෙ. ඔයාට තියෙන්නෙ ෆ්ලෙයා සායක් නම් ඔයාට පුළුවන් ෂර්ට් එක සම්පූර්ණයෙන්ම යට කරලා අඳින්න.

Black Pant

කාර්යාලයට ඇඳගෙන යන්න පුළුවන් හරිම ක්ලාසි විලාසිතාවක් තමයි මේක. අවස්ථාව අනුව ඔයාට තීරණය කරන්න පුළුවන් Heels ද Flats ද පාවිච්චි කරන්නෙ කියලා. පෑන්ට් එකට බෙල්ට් එකක් පාවිච්චි කරනවා නම් ඒකත් කළු පාටින්ම තෝරගන්න.

Wide Leg Floral Pant

සුදු ෂර්ට් එක වයිඩ් ලෙග් පෑන්ට් එකක් එක්ක හොඳින්ම ගැළපෙනවා. හරිම රිලැක්ස් ස්ටයිලිෂ් පෙනුමකට මේකෙන් යන්න පුළුවන්. සුදු ෂර්ට් එක හයි වේස්ට් පෑන්ට් එකට හොඳින් යට කරලා මේක අඳින්න ඕනෙ. ඔයාට ඔයාගේ ශරීරයේ හැඩය හොඳින් පෙන්නන්න මේක හොඳ ක්‍රමයක්.

Denim Jean

ඩෙනිම් කලිසම් නම් ඕනම ගෑනු ළමයෙක් ගාව තියෙනවා. Wide leg හෝ Pencil Cut ඕනම ඩෙනිම් එකක් මේකට තෝරගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම යට කරලා හෝ එක පැත්තක් විතරක් යට කරලත් අඳින්න පුළුවන්.

Cami Top

ඩෙනිම් ජීන් එකක් එක්ක කැමි ටොප් එකක් යට කරලා ඇඳලා ඊට උඩින් සුදු ෂර්ට් එක ඇඳලා ස්ටයිල් කරන්න පුළුවන්. සුදු ෂර්ට් එක, ඩෙනිම් එක, කැමි ටොප් එක කියන්නෙ වෙන වෙනම අඳින්න පුළුවන් ඇඳුම් වුණත් මේ සේරම එකට ඇඳලා ලස්සන විලාසිතා කරන්න පුළුවන්.

Denim Skirt and Cami Top

Light Blue පාට ඩෙනිම් සායකට කළු කැමි ටොප් එක යට කරලා ඊට උඩින් සුදු ෂර්ට් එක බට්න්ස් ඕපන් කරලා තියෙද්දිම යට කරලා අඳින්න පුළුවන්. කැමි ටොප් එක සුදු පාටට ප්‍රතිවිරුද්ධ පාටකින් තෝරගන්න එකත් වැදගත්. තනි සුදු ෂර්ට් එකක් කියන්නෙ නිකන්ම ඇඳුමක් නෙවේ. විවිධාකාරයේ විලාසිතා මවන්න පුළුවන් ෆුල් පැකේජ් එකක්.

සදලි කොට්ටහේවගේ
(Lavishing with Sandali)

එරංදි කෞශල්‍යා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?