නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 2025 හොඳම තීරණය වෙනස් වීමයි..
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

2025 හොඳම තීරණය වෙනස් වීමයි..

Published January 6, 2025

31 රැයෙන් 2024 අවසන්ය. එතැන් සිට අප සිටින්නේ 2025 වසරේය. මෙතැන් සිට අප ලියන්නේද 2025 වසරට අදාළව සිදුවන හොඳ සහ නරක පිළිබඳවය. මන්දයත් 2025 යනු අපට මේ මොහොතේ සිට වර්තමානය සහ අනාගතය වන බැවිනි.

ඉතින් අප මේ නව වසරේදී වෙනස් විය යුතුය. එසේ නම් අපගේ වෙනස් විය යුත්තේ මොනවාද? වෙනස් කරගත යුතු ප්‍රධානතම දෙය වන්නේ අපගේ සිතුවිලිය. නරක සිතුවිලි එසේත් නැත්නම් අයහපත් සිතුවිලි බැහැර කරමින් හොඳ සිතුවිලි හෙවත් යහපත් සිතුවිලි වර්ධනය කරගනිමින් අපි සැවොම ජීවිතය ඉදිරියට ගෙනයා යුතුවෙමු. එසේ කරන විට ජාතියක්, රටක් ලෙස අප බොහෝ ප්‍රශ්නවලින් මිදෙමින් ඉදිරියට යනු ඇත.

සිතුවිලි වෙනස් කළ යුතු හොඳම පරම්පරාව ලෙස අප යෝජනා කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. ඒ මේ රටේ අධ්‍යාපනය ලබන සහ අධ්‍යාපනය බෙදන අයවලුන් එහි රැදෙන නිසාය. සිතුවිලි යහපත් අතට වෙනස් කිරීම සඳහා මෙරට සමස්ථ අධ්‍යාපනයම පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වාම වෙනස් විය යුතුය.

විභාගය ඉලක්ක කරගෙන විෂය කරුණු පමණක් ඉගැන්වීම සහ ඉගෙනීම වෙනුවට ලොව පවතිනා රැකියා ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික දරුවන් පිරිසක් මේ රටේ බිහිවීමේ අවශ්‍යතාව මේ වනවිටත් අපට තදින්ම දැනී ඇත. ඒ සඳහා මෙරට සමස්ත අධ්‍යාපනයම වෙනස් වෙමින් අධ්‍යාපනය දෙන සහ ලබන අයගේ ආකල්ප වෙනස් කළ යුතුමය.

ඊළඟට වෙනස් විය යුතු ක්ෂේත්‍රයක් ලෙස අප යෝජනා කරන්නේ මෙරට සෞඛ්‍ය පද්ධතියයි. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ අඩුපාඩු පියවීම පමණක් නොව එහි සිටින කාර්ය මණ්ඩලයේ බහුතරයකගේද ආකල්ප වෙනස් කළ යුතුය. එවිට නිදහස් සෞඛ්‍ය සේවය භුක්ති විඳිනා මේ රටේ අසරණ රෝගීන්ගේ ලෙඩවලින් බාගයක්ම සුවපත් වන්නේ ලබාදෙන සුව සේවයට වඩා හෙද සේවය නිසා වන්නට පුළුවන.

ඉන්පසු ආකල්ප සහ සේවාවන් වෙනස් විය යුතුම ක්ෂේත්‍රය වන්නේ මෙරට රාජ්‍ය සේවයයි. එහි නියැළෙන බහුතරයක් පිරිස මන්දගාමී, තමා ගැන පමණක් සිතන පිරිසක් වන අතර ඒ නිසා සමස්ත රාජ්‍ය සේවයම පිරිහී ඇත. එබැවින් ඔවුන්ගේ
ආකල්පමය වෙනස මතින් සමස්ත රාජ්‍ය සේවයේම පලදායීතාව සහ ගුණාත්මකභාවය වර්ධනය කළ හැකිය.

අවසාන වශයෙන් අප යෝජනා කරන්නේ මේ රට දේශපාලනයද වචනවලට පමණක් සීමා නොවී රටේ සංවර්ධනය වෙනුවෙන් වෙනස් විය යුතු බවය. තමන්ගේ බඩගෝස්තරය සහ තමා වටා සිටින පිරිසගේ බඩගෝස්තරය ගැන සිතා කරන දේශපාලනය වෙනුවට රට ගැන සිතා කරන දේශපාලනයක් මේ රටට වහාම අවශ්‍ය වී ඇත.

මෙරට ඡන්දදායකයින් දැන් බලාපොරොත්තුවෙන් සිටින්නේ ලබාදුන් ජනවරම සුබවාදී ලෙස ක්‍රියාත්මක වෙමින් රටේ දේශපාලනය වෙනස් වෙමින් රට සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමක්ය. ඒ නිසා 2024 ට සමු දී, 2025 පිළිගන්නා මොහොතේ හොඳම දෙය විය යුත්තේ අප සිතුවිලි අතින් වෙනස්වීම නොවේද?

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?