නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කන්න විතරක් නෙවෙයි මූණටත් මින්ට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කන්න විතරක් නෙවෙයි මූණටත් මින්ට්

Published December 30, 2024

මින්ට් කියන්නේ ඉහළ ප්‍රති බැක්ටීරියා ගුණයක් සහිත පැළැටි වර්ගයක්. ඒ වගේම කුරුලෑ, ලප කැළැල් සඳහා විශිෂ්ඨ ප්‍රතිකාරයක්. ලංකාවේ බොහෝ දෙනෙක් ‘මිංචි’ යනුවෙන් හඳුන්වන්නෙත් මින්ට්. මින්ට් කොළවල අන්තර්ගත සාලිසිලික් අම්ලය සහ විටමින් A සම හොඳින් පිරිසිදු කර කුරුලෑ ඇතිවීමට බලපාන සාධක වන සිදුරු අවහිර කරනවා. එමෙන්ම සෙම නිපදවීම පාලනය සහ ආතතිය වළක්වා ගැනීමටත් මින්ට් උපකාරී වෙනවා. මේ දේවල්වලට වගේම අපේ පෙනුම රැක ගන්නත් මින්ට් කොළවලින් සකසාගත හැකි දෑ බොහොමයි.

රන්වන් සමකට මින්ට් කොළ

පිරිසිදු කරගත් මින්ට් කොළ කිහිපයක් කොටා එයට මී පැණි සහ රෝස වතුර එකතු කර හොඳින් කලවම් කර ගන්න. පිරිසිදු කරගත් අත් පාවල ගල්වා විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත් කරගන්න.

වියලි සමට විසඳුම් මින්ට් වතුර

දුර්වල ආහාර රටා, විජලනය හා වායු දූෂණය වැනි සාධක සම වියලෙන්නට හේතු වෙන්න පුළුවන්. මින්ට් කොළ ඊට කදිම විසඳුමක්. දිනපතා පානයකළ හැකි ප්‍රබෝධමත් පානයක් ලෙස මින්ට් සහ දෙහි මිශ්‍රිත ජලය හැඳින්විය හැකියි’ මේ පානයෙන් සම සජලනය වෙනවා වගේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කරගන්නට උපකාරී වෙනවා.

වයස්ගත වීම පාලනයට

වයස්ගත වීම පාලනය කියන්නේ තරුණ බව නොවුණත් එය තරුණ පෙනුමක් ලබාගත හැකි අවස්ථාවක්. මින්ට් කොළවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ සමට සිදුවන හානි වළක්වා ගැනීමට උපකාරී වෙනවා. වයස්ගත වීමේදී සමෙහි ඇතිවන රැළි අවම කරනවා.

තලපයක් ලෙස පොඩි කරගත් මින්ට් කොළ සම මත ආලේප කිරීමෙන් ලැබෙන තවත් වාසියක් තමයි සමෙහි ඇති අඳුරු ලප මැකී යෑම. මින්ට් කොළවලින් සකසාගත් තලපය ඔබේ අඳුරු පැල්ලම් පවතින ස්ථානයන්හි ආලේප කර පැය කිහිපයක් හෝ රාත්‍රියක් පුරා තිබෙන්නට හැර සෝදා ඉවත් කරගන්න. අඳුරු ලප අවම සමක් මෙන්ම දීප්තිමත් සමක් ඔබට ලැබෙනු ඇත.

තුවාල සුව කරගන්නට කදිම ඖෂධයක්

අපේ ශරීරයේ කොතනක හෝ තුවාලයක් වුණොත් අපිට මුලින්ම මතක් වෙන්නේ ප්ලාස්ටරයක් අලවන්න මින්ට් කොළවල ඇති Anti-inflammatory ගුණය නිසා කැපුම්, තුවාල සුව කිරීමට හා කැසීම් සමනය කර ගැනීමට උපකාරී වෙනවා. මින්ට් කොළයක් තලා තුවාලය මත හොඳින් ආලේප කරන්න.

මින්ට් ෆේස් මාස්ක්

මින්ට් කොළ සහ පිපිඤ්ඤා පෙති එකට අඹරන්න. පසුව එයට මී පැණි එකතු කරගන්න. මෙම ෆේස් මාස්ක් එක විනාඩි 15-20ක් පමණ මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න. මින්ට් ෆේස් පැක් එක සදු හඳුන් තේ හැන්දක් සහ රෝස වතුර බිංදු කිහිපයක්ද එකතු කරද සාදාගත හැකියි. මේ පැක් එක විනාඩි 30ක් පමණ මුහුණේ වියලෙන්නට හැර සෝදා ඉවත් කරගන්න.

මින්ට් ස්ක්‍රබ්

පොඩි කරගත් නැවුම් මින්ට් කොළ කෝප්ප 1/4ක්, සීනි කෝප්ප 1/4 ක් සහ ඔලිව් තෙල් කෝප්ප 1/4ක් භාජනයකට දමා මිශ්‍ර කර ගන්න. මෙය ශරීරය මත ආලේප කර හොඳින් සම්භාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

අන්තර්ජාලය ඇසුරෙන්

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?