නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චිකන් සටේ විත් පීනට් සෝස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

චිකන් සටේ විත් පීනට් සෝස්

Published October 28, 2024

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොත්තමල්ලි ඇට තේ හැඳි 1 1/2
  • සූදුරු තේ හැඳි 1/2
  • සේර මේස හැඳි 1
  • තලාගත් ඉඟුරු තේ හැඳි 1
  • රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
  • සූදුරු ස්වල්පයක්
  • කරාබු නැටි 2
  • කහකුඩු තේ හැඳි 1/4
  • උකු පොල්කිරි කෝප්ප 1 1/2
  • විනාකිරි මේස හැඳි 1 1/2
  • වතුර කෝප්ප 1/4
  • කපාගත් කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 200
  • මස් කරි පවුඩර් මේස හැඳි 2
  • රෝස්ට් කර අඹරාගත් පීනට් කෝප්ප 1/2
  • අඹරාගත් තල ඇට මේස හැඳි 2
  • රතු සීනි මේස හැඳි 2
  • ෆිෂ් සෝස් මේස හැඳි 1
  • සියඹලා මේස හැඳි 2

සාදාගන්නා ආකාරය

කොත්තමල්ලි හා සූදුරු කුඩුකර එයට සූදුරු, සේර, ඉඟුරු, කරාබු නැටි දාලා හොඳට තලලා කහකුඩු ටිකත් දමාගන්න. ඊළඟට පොල්කිරි කෝප්ප 1/4, විනාකිරි හා වතුර තලන ගමන්ම එකතු කරගන්න.

මේක හොඳට කලවම් කර කපාගත් කුකුල් මස්වලට මේ මිශ්‍රණය දාලා හොඳට අනාගන්න. මේක පැය භාගයක් වගේ මැරිනේට් කරගන්න. වෙනම භාජනයකට පොල්කිරි කෝප්ප 1/4 දාලා ළිපේ තියන්න. උතුරන විට මස්කරි පවුඩර් එක දාලා කලවම් කරගන්න.

ඒකට තව පොල්කිරි කෝප්පයක් දාලා හැඳිගාගන්න. මේකට පීනට් සහ තල ඇට සහ සීනි දමා කලවම් කරගන්න. ෆිෂ් සෝස් ටික දාලා සියඹලා යුෂ එකතු කර හොඳින් කලවම් කරගන්න. හොඳට උකු වුණ පසු ලුණු ළිපෙන් ඉවත් කරගන්න. මැරිනේට් කරපු චිකන් කෙබාබ් ස්ටික්ස්වල රඳවා ග්‍රිල් හෝ බේක් කරගන්න. පීනට් සෝස් එකත් එක්ක පිළිගන්වන්න.


 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025

කවුරුත් බොන්න කැමති සුප්

April 28, 2025

උදේට හොඳ කැඳ

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?