නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දැනගෙන පාවිච්චි කළයුතු  FaceWash
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

දැනගෙන පාවිච්චි කළයුතු  FaceWash

Published September 9, 2024

ෆේස්වොෂ් එකක් කියන්නේ අපි මුහුණ පිරිසිදු කරගන්න භාවිත කරන නිෂ්පාදනයක්. සම පිරිසුදු කරගන්න භාවිත කරන දෙයක් වුණත් ෆේස්වොෂ් එකක් තෝරගන්න ඕනේ තමන්ගේ සමේ ස්වභාවයට ගැළපෙන විදිහට. ගොඩක් දෙනෙක් තමන්ට ගැළපෙන ෆේස්වොෂ් එකක් තෝරගන්න දන්නේ නෑ. ඒ වගේම ෆේස්වොෂ් ගැන වැරදි වැටහීම් බොහෝ දෙනෙක් අතර තියෙනවා. සමට ගැළපෙන නිෂ්පාදනයක් තෝරගත්තේ නැතිවුණොත් වෙන්නේ සමේ ව්‍යාකූලතාවක් තිබ්බොත් ඒක තවත් වැඩිවෙන එක. උදාහරණයකට අපි හිතමු ඔයාට තියෙන්නේ තෙල් සමක් කියලා. නමුත් ඔබ භාවිත කරන්නේ වියළි සමට සුදුසු නිෂ්පාදනයක් නම් ඔයාගේ සම ව්‍යාකූලත්වයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා පළමුවෙන්ම තමන්ගේ ස්කින් ටයිප් එක හඳුනාගන්න ඕනේ…

Skin Type එක හඳුනගන්න විදිහ

සමේ ස්වභාවය හඳුනගන්න පුළුවන් සරලම ක්‍රමයක් තමයි උදේට නැගිට්ට ගමන් මූණ හෝදන්න කලින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන එක. මුහුණේ කිසිම එළියක් හෝ තෙල් ස්වභාවයක් නැත්නම් ඔයාට තියෙන්නේ වියළි සමක්.

සමේ රැලි ගතියක් පෙන්නුම් කරනවා නම් හෝ සමේ කෑලි ගැලවිලා යනවා නම්, ඒත් වියළි සමක ස්වභාවයක්.උදෑසන මූණ දිලිසෙන ස්වභාවයක් ගන්නවා නම් ඒ තෙල් සහිත සමක්. මේ කිසිම දෙයක් නැතුව ඒ කියන්නේ වියළිත් නැති තෙලුත් නැති සමක් නම් තියෙන්නෙ ඒක සාමාන්‍ය සමක්. මේ තමයි ප්‍රධාන සමේ ස්වභාවයන් තුන

සල්ෆේට් රහිත නිෂ්පාදන භාවිත කරන්න

විවිධ බ්‍රෑන්ඩ්ස්වල නිෂ්පාදන භාවිත කරනවා වගේම ප්‍රමිතිය ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. නිතරම සල්ෆේට් රහිත (Sulfate free) නිෂ්පාදන තෝරගන්න. සල්ෆෙට් කියන්නේ පිරිසිදුකාරකයක්. සල්ෆේට් අපේ සමේ තියෙන තෙල් ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඒක සමට හොඳ දෙයක් නෙවෙයි.සමේ තෙල් ස්වභාවයත් සුළුවෙන් හෝ තිබිය යුතුමයි.

ෆේස්වොෂ් ඇලජි වෙනවද?

ෆේස්වොෂ් විතරක් නෙවෙයි මුහුණට භාවිත කරන ඕනම නිෂ්පාදනයක් සමහර අයට ඇලජි වෙන්න පුළුවන්. මේකට හේතුව වෙන්නෙත් අපේ සමට නොගැළපෙන නිෂ්පාදන භාවිත කිරීමම තමයි.

ෆේස්වොෂ් එකකින් වෙන වැඩේ බේබි සබන්වලින් වෙන්නෙ පුළුවන්ද?

බේබි සබන්වලින් කෙරෙන්නේ සමේ කුණු, දූවිලි ඉවත් කරන එක විතරයි. එතනින් එහාට දෙයක් අපේ සමට එකතු කරන්නේ නෑ. ඒ නිසා තමයි මුහුණේ සම සඳහාම විශේෂිත වුණ ෆේස්වොෂ් තියෙන්නේ.

මුලින් සඳහන් කරපු සමේ මූලික ස්වභාවයන්ට අමතරව ඇක්නී, පිම්පල්ස් තියෙන සමක් නම් කෝමාරිකා, කහ, පිපිඤ්ඤා වගේ දේවල් අඩංගු නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්.

රාත්‍රියට ඩීප් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න ඕනෙද?

උදෑසන කාලයේ භාවිත කරන සාමාන්‍ය ෆේස්වොෂ් එකකට වඩා ගැඹුරින් සම පිරිසුදු කරන ෆේස් ක්ලෙන්සර් එකක් රාත්‍රී කාලයේදි භාවිත කරනවා නම් හොඳයි. මොකද දවස පුරාම අපේ මූණේ කුණු, දූවිලි එකතු වෙලා තියෙනවා.

මේක්අප් දාන කෙනෙක් නම් ඒවත් මුළු දවස පුරාම මූණෙ තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා රාත්‍රී කාලයේ සම හොඳින් පිරිසිදු කර නොගත්තොත් සමේ විශාල ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර අය හිතනවා ක්ලෙන්සර් එකක් දිනපතාම පාවිච්චිය හොඳ නෑ කියලා. නමුත් ඩීප් ක්ලෙන්සර් එකක් දිනපතාම භාවිත කළාට කිසිම ගැටලුවක් නෑ.

රූපලාවන්‍ය
උපදේශිකා චතූ සිල්වා


එරංදි කෞශල්‍යා ✍️

TAGGED: FaceWash, ෆේස්වොෂ්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?