නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading:  Slim Body එකක් හදාගන්න ඕට්මීල් Try කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

 Slim Body එකක් හදාගන්න ඕට්මීල් Try කරන්න

Published September 2, 2024

ඕට්ස් කියන්නෙ මේ ලෝකෙ තියෙන කෑම වර්ගවලින් සෞඛ්‍ය සම්පන්න පරිපූර්ණම ධාන්‍ය ආහාරයක්. රුධිර සීනි හා කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරන්න, මලබද්ධය වළක්වාගන්න ඕට්ස් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඕට්ස් වර්ග කිහිපයක්ම තියෙනවා. මේ අතරින් ඉක්මණින්ම සකසගන්න පුළුවන් ක්වික් ඕට්ස් තමයි ගොඩක් ප්‍රසිද්ධ. ශරීරයට අවශ්‍ය වැදගත් විටමින්, ඛනිජ ලවණ, තන්තු සහ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක් විදිහට ඕට්ස් හඳුන්වන්න පුළුවන්. ශරීරයේ හටගන්න රෝග විතරක් නෙවේ බර අඩු කරලා ලස්සන ස්ලිම් ඇඟක් හදාගන්නත් පුළුවන් උදෑසන ආහාරයක් විදිහට ඕට් මීල් එකක් හදාගෙන කෑවොත්.සාමාන්‍යයෙන් ඕට්ස් හදාගන්න මූලිකවම ඕන වෙන්නෙ නැවුම් කිරි වුණත් කිරි නැති වුණොත් වතුරෙන් වුණත් හදාගන්න පුළුවන්. නමුත් ගුණ වගේම රස නැවුම් කිරිවලින් හදාගත්තොත් තමයි. ආමන්ඩ් කිරි තියෙන අයට ඒකෙනුත් හදාගන්න පුළුවන්.

සාමාන්‍ය ඕට් රෙසිපිය

ඕට්ස් කෝප්ප බාගයක් පමණ නන්ස්ටික් භාජනයකට දාලා ඒකට නැවුම් කිරි කෝප්ප බාගයක් පමණ දාගන්න. මද ගින්නේ මදක් නැටවීගෙන එද්දි ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරගන්න. ඕට්ස් හොඳින් නැවුම් කිරි සමඟ තැම්බුණු පසු භාජනයකට දාගෙන කුරුඳු කුඩු ස්වල්පයක් හා වැනිලා බිංදුවක් සමඟ මිශ්‍ර කරගෙන ආහාරයට ගන්න.

 මුදවපු මී කිරි සමග ඕට්ස්

 ඕට්ස් අවශ්‍ය පමණ ගෙන හොඳින් වැසිය හැකි භාජනයකට දමා එයට චියා ඇට තේ හැන්දක්, මුදවපු මී කිරි තේ හැන්දක්, පැණි තේ හැන්දක්, නැවුම් කිරි කෝප්පයක් දමා කලවම් කරන්න. භාජනය හොඳින් වසා රැයක් එළි වනතුරු ශීතකරණයේ තිබෙන්නට හරින්න. උදෑසන ගෙන එයට කුරුඳු කුඩු ස්වල්පයක් දමා නැවතත් කලවම් කර කෙසෙල් පෙති කිහිපයක්, ඇතිනම් පමණක් වෝල්නට්ස් කිහිපයක් දමා ආහාරයට ගන්න.

 චියා ඇට සමඟ ඕට්ස්

 අවශ්‍ය පමණ ඕට්ස්, වියළි මිදි, චියා ඇට තේ හැන්දක් භාජනයකට දමා එයට මද රස්නෙ වතුර එකතු කර කලවම් කරගන්න. විනාඩි දහයක් පමණ වසා තබා නැවතත් කලවම් කර සීනි එකතු කර ආහාරයට ගන්න. සීනි සමග නැවුම් කිරි මේස හැඳි කිහිපයක්ද එකතු කරගත හැක.

 ඕට්ස් ස්මූති

 ඕට්ස් තේ හැඳි දෙකක්, නට්ස් වර්ග කිහිපයක්, වට්ටක්කා ඇට භාජනයකට දමා එයට වතුර කෝප්ප බාගයක් එකතු කර රැයක් පෙඟෙන්නට හරින්න. උදෑසන වෙද්දී එයට හොඳින් වතුර සියල්ල උරාගෙන තියෙනවා. එයට රට ඉඳි මද දෙකක් දමා නැවතත් වතුර කෝප්ප බාගයක් එකතු කර බ්ලෙන්ඩ් කර ආහාරයට ගන්න.

 හකුරු සමඟ ඕට්ස්

 අවශ්‍ය පමණ ඕට්ස්, නට්ස් වර්ග හෝ වියළි පළතුරු කැබලි, චියා ඇට තේ හැන්දක් සහ කිරි කෝප්ප බාගයක් සමඟ මිශ්‍ර කර රැයක් ශීතකරණයේ තිබෙන්නට හරින්න. උදෑසන එයට හකුරු සහ ඇපල්, අඹ වැනි පලතුරු කැබලි එකතුකර ආහාරයට ගන්න.

 එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Slim Body, ඕට්ස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?