නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තක්කාලි වගේ රතුපාට කෙල්ලන්ට කොල්ලන්ට Tomato Packs
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

තක්කාලි වගේ රතුපාට කෙල්ලන්ට කොල්ලන්ට Tomato Packs

Published August 26, 2024
දැනුම දන්නවා තක්කාලි පලතුරක් බව. නමුත් ප්‍රඥාව දන්නවා තක්කාලි පළතුරු සලාදයකට නොදමන බව. තක්කාලිවල තියෙන සුන්දරත්වය තමයි මේ අපි කවුරුත් දන්නෙ තක්කාලි අපි හදන සමහර කෑම රස කරගන්න පාවිච්චි කරන පලතුරක් විදිහට. තක්කාලි කියන්නෙ බොහොම ගුණ කෑමක් වගේම බොහොම සාර්ථක රූපලාවන්‍ය සත්කාරවලටත් යොදාගන්න පුළුවන් දෙයක්.

ඔයාලා දන්නවද? එක තක්කාලි ගෙඩියක විටමින් C 40% ක් පමණ අන්තර්ගත වෙනවා. මේ කිව්වෙ තක්කාලිවල තියෙන ගුණාත්මක දේවල්වලින් 1% ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මෙච්චර රස ගුණයෙන් පිරුණු රතු පුංචි ගෙඩියෙන් පැහැපත් වෙන්නත් යොදාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ලොකුම තැනක් ගන්නෙ තක්කාලි ෆේස්පැක්ස් කළු ලප ඉවත් කිරීම,තෙල් නිෂ්පාදනය පාලනය, මැරුණු සම ​​ඉවත් කිරීම, සමට දීප්තියක් ලබා දීම, කුරුලෑ වැළැක්වීම සහ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට තක්කාලිවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ලොකු කාර්යයක් ඉටු කරනවා…

 තක්කාලි ෆේස් මාස්ක්

 කුඩාවට කපාගත් තක්කාලි සහ පිපිඤ්ඤා වෙන වෙනම බ්ලෙන්ඩ් කර යුෂ එකට කවලම් කරගන්න. එය මුහුණේ රවුම් අතට ආලේප කර මිනිත්තු පහළොවකින් සෝදා හරින්න.

 ඉක්මණින්ම පැහැපත් වෙන්න

 තක්කාලි ගෙඩියක් අරගෙන සිහින්ව පෙති කපාගන්න. පෙති පීරිසියකින් තියලා පෙති උඩට කෝපි කුඩු දාලා ටික වෙලාවක් ශීතකරණයේ තියෙන්නට හරින්න. පසුව කෝපි සමග තක්කාලි පෙති ගෙන මුහුණේ සියුම්ව ආලේප කර විනාඩි පහකින් සෝදා හරින්න.

 තක්කාලි ස්ක්‍රබ්

 ඉදුණු තක්කාලි ගෙඩියක් ගෙන පෙති කපා ඊට උඩින් සීන් ඉසගන්න. සීනි සමග තක්කාලි පෙත්ත ගෙන මුහුණ සහ බෙල්ල හොඳින් ස්ක්‍රබ් කරගන්න.

තක්කාලි පැක්

 ඉදුණු තක්කාලි ගෙඩිය හොඳින් ක්‍රීම් එකක් වන සේ ග්‍රේට් කරගන්න. ඊට කඩල පිටි තේ හැන්දක් සහ කස්තුරි කහ තේ හැඳි බාගයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මුලින් සඳහන් කළ ස්ක්‍රබ් එක ආලේප කර ඊට උඩින් තක්කාලි පැක් එක ආලේප කරගන්න. සතියට තෙවතාවක් කළොත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

 තක්කාලි ක්ලෙන්සර්

 තක්කාලි ගෙඩියක් හොඳින් බ්ලෙන්ඩ් කර යුෂ ටික පිරිසිදු භාජනයකට පෙරාගන්න.

තවත් භාජනයක් ගෙන ඊට නැවුම් එළකිරි තේ හැන්දක් දමා සකසාගත් තක්කාලි යුෂ තේ හැන්දක්ද එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

බ්‍රෂ් එකක් ආධාරයෙන් මෙය හොඳින් මුහුණේ ආලේප කරගන්න. විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර ඇල් වතුරෙන් සෝදා හරින්න.

 තක්කාලි අයිස් කියුබ්

 වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීමේ හැකියාවක් තක්කාලිවලට තියෙනවා. රෑට නිදාගන්න කලින් තක්කාලි යුෂ මිශ්‍ර අයිස් කියුබ් එකකින් මුහුණ මසාජ් කරගන්න. මුහුණේ රුධිර සංසරණය ශක්තිමත් කරගන්න අයිස් කියුබ් උපකාරී වෙනවා.

 එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Tomato Packs
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?