නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කෝපි පාට කෙල්ලන්ට කෝපි ෆේස් පැක්ස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

කෝපි පාට කෙල්ලන්ට කෝපි ෆේස් පැක්ස්

Published August 5, 2024
කෝපි අපේ ජීවිතේ සුන්දර මොහොතවල් තවත් සුන්දර කරන දෙයක් විදිහටනෙ ප්‍රසිද්ධ වැස්සක පොතක් කියවන ගමන් කෝපි කෝප්පයක් තොල ගාන්න, රසවතෙක් එක්ක කෝපි එකක් බොන ගමන් පොඩි කතාබහක නියැලෙන්න කවුද අකමැති? හැබැයි මේ කියන්න යන්නෙ එහෙම අවස්ථානුකූලව  මිනිස්සුන්ගෙ ජීවිතේට කිට්ටු වෙන කෝපි ගැන නෙවේ. මිනිස්සුන්ගේ  සමහර මොහොතවල් සුන්දර කරනවා වගේම ගෑනු ළමයින්ගෙ මුහුණු සුන්දර කරන්නත් කෝපි ලොකු කර්තව්‍යයක් කරනවා. මේ ඒ විදිහට සුන්දර වෙන්න කෝපි ප්‍රයෝජනයට ගන්න විදිහ ගැනයි.

කඩල පිටි, කෝපි ෆේස්පැක්

මේකට ඕනෙ වෙන්නේ කෝපි, කඩල පිටි, කෝමාරිකා යුෂ විතරයි. කෝමාරිකා වෙනුවට ඔයාට රෝස වතුර වුණත් මේ ෆෙස්පැක් එක හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්. කඩල පිටි කියන්නේ ලස්සන වෙන්න යොදාගන්න ප්‍රසිද්ධම අමුද්‍රව්‍යක් කියලා කවුරුත් දන්නවනේ. කඩල පිටිවලින් සමේ තෙල් ගතිය අවම කරගන්න පුළුවන්.

පිරිසිදු භාජනයක් අරගෙන ඒකට කඩල පිටි අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊටපස්සේ කෝපි කුඩු තේ හැන්දක් සහ කෝමාරිකා යුෂ තේ හැන්දක් දාගෙන මිශ්‍ර කරගෙන ආලේප කරන්න පුළුවන්. පැක් එක ඇප්ලයි කරන්න කලින් මූණ හොඳින් පිරිසිදු කරගන්න අවශ්‍යයි. හොඳින් වතුර වියලුණාට පස්සෙ මුළු මූණෙම පැක් එක ඇප්ලයි කරගන්න ඕනේ. විනාඩි 30 කට පස්සේ මූණට වතුර බින්දු කීපයක් දාලා පැක් එකෙන්ම මූණ ස්ක්‍රබ් කරගෙන ටික ටික පැක් එක මූණෙන් ඉවත් කරගන්න.

කෝපි අයිස් කියුබ්

අයිස් කියුබ් අපේ මූණට මොනතරම් ප්‍රයෝජනයක් ගෙනත් දෙනවද කියලා කලින් ලිපියක අපි කතා කළා. ඒ වගේම කෝපි අයිස්කියුබ් කියන්නෙත් හම පැහැපත් කරගන්න උදව් වෙන විශේෂම අයිස් කියුබ් වර්ගයක්. මේකට ඕන වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට කෝපි, කෝමාරිකා යුෂ ස්වල්පයක් සහ වතුර විතරයි.

මුලින්ම කරන්න ඕනේ පිරිසිදු භාජනයක් අරගෙන ඒකට කෝමාරිකා යුෂ මේස හැන්දක් දාලා වතුර අඬු කෝප්ප බාගයකින් දිය කරගන්න එක. ඊටපස්සේ කෝපි තේ හැන්දක් දාලා නැවතත් මිශ්‍ර කරගෙන අයිස් කියුබ් ට්‍රේ එකට දාගන්න. කෝපි මිශ්‍රණය හයි වුණාට පස්සේ පුළුවන් මූණෙ ඇප්ලයි කරගන්න.

කෝපි, යෝගට් ෆේස් පැක්

මේ පැක් එකට අවශ්‍ය වෙන්නේ කෝපි කුඩු, කහ කුඩු, යෝගට්. කෝපි කුඩු මේස හැන්දක් සහ කහ තේ හැන්දක් පිරිසුදු භාජනයකට දාගෙන හොඳින් කලවම් කරගෙන පස්සේ යෝගට් එකත් දාලා නැවතත් කලවම් කරගන්න ඕනේ. පිරිසිදු කරගත්ත මූණට ඝනකම් තට්ටුවක් ආකාරයට පැක් එක ආලේප කරගන්න. පැය බාගයක් යද්දි පැක් එක මූණට හොඳට උරාගෙන ඉවරයි. ඉවත් කරගන්න ඕනේ මුලින් ෆෙස්පැක් එකේ කිව්වා වගේම වතුර බින්දු ටිකකින් මූණ ස්ක්‍රබ් කරගන්න ගමනුයි.

කෝපි බොඩි ස්ක්‍රබ්

පිරිසුදු භාජනයක් අරගෙන ඒකට සුදු සීනි තේ හැඳි දෙකක්, කෝපි කුඩු තේ හැඳි භාගයක්, ඔලිව් තෙල් තේ හැඳි තුනක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍රණය ඇඟිලි තුඩුවලට අරගෙන මුළු මූණෙම ඇප්ලයි කරගන්න.

මේකට ඔයාට බ්‍රෂ් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ස්ක්‍රබ් එක මුළු ශරීරයටම ආලේප කරනවනම් ඊට ගැලපෙන ප්‍රමාණයන්වලට ද්‍රව්‍යයන් එකතු කරගන්න. ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් ඔලිව් තෙල් වෙනුවට රෝස වතුර භාවිත කරන්න පුළුවන්. ඔලිව් තෙල් එක්ක ස්ක්‍රබ් එක හදාගන්නව නම් මූණ හෝදද්දි ෆේස් වොෂ් එකක් යොදාගන්නවනම් හොඳයි.

කෝපි, මී පැණි ෆෙස්පැක්

මුලින්ම පිරිසිදු භාජනයකට කෝපි කුඩු මේස හැන්දක් සහ මී පැණි තේ හැඳි දෙකක් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. මේ ෆෙස් පැක් එක ගණකමින් වැඩි නම් ඔයාලට පුළුවන් කෝමාරිකා යුෂ ටිකක් එකතු කරලා ඝනකම අඩු කරගන්න.

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: Fashion, කෝමාරිකා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?