නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චමරි, රටක් වටී…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

චමරි, රටක් වටී…

Published July 29, 2024

චමරි අතපත්තු… ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ රන් සීනුව ඇයයි. කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියක වාර්තා වූ ප්‍රථම ශතකයේ හිමිකාරිනියයි, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලියක වාර්තා වූ ශතක තුනක හිමිකාරිනියත් වන ඇය වර්තමාන පරපුරට තමන්ගේ වගකීම මොකක්ද, තමන්ගේ වගවීම මොකක්ද, යමක් වෙනුවෙන් කැපවීම යනු මොකද්ද, නායකත්වය මොකක්ද යන්න පෙන්වන ජීවමාන සාධකය ලෙස නොපැකිලව අපට හඳුන්වාදිය හැකිය.

චමරි මෙලෙස ඔසවා තැබුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අභිමානය පමණක් නොව පුරා වසරක පමණ කාලයක සිට සේදී ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසු බැසීම නිසා ඔද්දල් වූ සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවය. එපමණක් නොව කොවිඩ් වසංගතයත්, අහිතකර ආර්ථික ප්‍රතිපත්තිත් නිසා ලෝකයා ඉදිරියේ ගැරහුමට, අනුකම්පාවට, සමච්චලයට ලක් වූ ලක් මවගේ කීර්තිනාමයය. මේ නිසා චමරි ගැන මේ මොහොතේ අප රටක් වශයෙන් කතාකළ යුතුව ඇත.

ඇය එකපාරටම අද ඉන්න තත්ත්වයට පැමිණයේ නැත. ඇගේ කණ්ඩායමද එලෙස එක රැයින් ඔසවා තැබුවේද නැත. පැරදෙමින්, වැටෙමින්, නැවතත් නැගිටිමින්, දිනමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අද තිබෙන තත්ත්වයට ඔසවා තබන්නට ඇගේ කැපවීමත් කණ්ඩායම මෙහෙයවීමත් අතිශය වැදගත් වූ බව ඔවුන් දෙස බලා සිටි ඕනෑම ශ්‍රී ලංකිකයෙකුට පෙනී යනු ඇත.

කාන්තා ක්‍රිකට් ආසියානු කුසලානය මෙරට පැවැත්වෙන අතරවාරයේදී ඔවුන්ට ලැබෙන ගෙවීම් ගැන බුකියේ අවධානය යොමු වී ඇති සමයක අපද කිය සිටින්නේ පැරදි පැරදී කිසිත් නොවුණා ගානට සංචාරයේ පමණක් යෙදෙන මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ගෙවන කෝටි ගණන් මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් හෝ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් ලැබිය යුතු බවය.

අද වනවිට ජාත්‍යන්තරයේ ප්‍රබල කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් වන ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ලැබෙන මුදල එහි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන මුදලට සමාන කර තිබේයැයි පුවත් වාර්තා වන අතර වර්තමාන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ධෘෂ ශ්‍රේණිගත කිරීම් අනුව එක් ස්ථානයක් පහළින් සිටින්නේ ඉන්දියාවට පමණය. එම නිසා ලංකාවේ ක්‍රිකට් කොල්ලන්ට තරග දිනනවාට වඩා සෙල්ලක්කාර ජීවිතයක් ගතකිරීම වෙනුවෙන් ගෙවන මුදලට සාපේක්ෂව ක්‍රිකට් කෙල්ලන්ගේ ගෙවීමද වැඩි විය යුතු බවට කිසිඳු තර්කයක් අපට නැත.

අසල්වැසි රාජ්‍යයේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වඩා මොරාල් එකකින් මේ රට ඔසවා තැබීම වෙනුවෙන් වැඩ කරන චමරි ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් සැදුණු කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීමේ වගකීම කාන්තා ක්‍රිකට් පරිපාලනයට වගකියන අය මෙන්ම සමස්ත රටවැසියාටම තිබෙන්නේ මෙකී ජයග්‍රහණ මගින්ද කියැවෙන්නේ රට පෙරට වන නිසාය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?