නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දෙහි කිව්වම මූණ ඇඹුල් වුණත් මූණට හොඳම දෙහි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

දෙහි කිව්වම මූණ ඇඹුල් වුණත් මූණට හොඳම දෙහි

Published July 8, 2024

දෙහිවල තියෙන ඉහළ ආම්ලික අන්තර්ගතය සමේ තානය (Skin tone) පැහැපත් කරන්න, අඳුරු ලප දුරු කරන්න, කුරුලෑවලට, වයසට යාමේ සලකුණු වැළැක්වීමට ඵලදායී විසඳුමක්. ඉස්සර කාලෙ ගෙවල්වල නම් සමේ ගැටලුවලට හොඳම විසඳුම වුණේ දෙහි. ඒත් දෙහි කියන්නෙ ඇසිඩ් එකක් කියලත් අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා ලස්සන වෙන්න වුණත් දෙහි ගෙඩියක් පාවිච්චි කරන්න ඕනෙ ප්‍රවේසමෙන්. විශේෂයෙන්ම සංවේදී සමක් තියෙන කෙනෙක් නම් එදිනෙදා ලස්සන වෙන ක්‍රමවලට දෙහි පාවිච්චි කරන්න කලින් සමේ රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්නම වෙනවා…

අපි දැන් බලමු දෙහි කොහොමද මුහුණේ ලස්සනට යොදාගන්නෙ කියලා

දෙහි පෙත්තක් සම මතුපිට අතුල්ලනකොට එහි තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ක්ෂණික ප්‍රබෝධයක් සමට ලබාදෙනවා. මී පැණි, සීනි සහ නැවුම් කිරි වගේ දේවල් එක්ක එකතු වුණාම එය වඩාත් ප්‍රතිඵලදායකයි.

සමේ ගාන්න කලින් පුංචි ටෙස්ට් එකක් කරන්න

පුළුන් බෝලයක් අරගෙන එයට දෙහි බිංදු කිහිපයක් දාලා අතේ පිටුපැත්තෙ කුඩා කොටසක ආලේප කරන්න. සමට කිසිදු ගැටලුවක් නැතිව දෙහි යුෂ අවශෝෂණය කරගන්නවා නම් දිගටම ඔයාට දෙහි භාවිත කරන්න පුළුවන්. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා මී පැණි, කෝමාරිකා සහ සීනි වැනි ද්‍රව්‍ය සමඟ දෙහි මිශ්‍ර කළ හැකියි. අතුරු ආබාධයක් ඇතිවුණොත් භාවිත කිරීම නවත්වන්න.

කොලජන් නිෂ්පාදනය වැඩිකරන දෙහි

දෙහි විටමින් සී වලින් පොහොසත් වන අතර එය වයසට යාම වැළැක්වීමට සහ සමට සිදුවන හානිය සීමා කිරීමට පුදුම විදිහට ක්‍රියා කරනවා. සමට තරුණ පෙනුමක් ලබාදෙන කොලජන් නිෂ්පාදනයද වැඩි කරනවා.

සමේ තෙල් නැති කරගන්නත් කදිමයි

දෙහි යුෂවල ඉහළ PH මට්ටමක් තියෙන නිසා සමේ තෙල් ගතිය අඩු කරන්නට උදව් වෙනවා. ඒ වගේම දෙහි දිලීර නාශකයක්. එය කැන්ඩීඩා දිලීර, කුෂ්ඨ ආසාදනවලට ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා.

කුරුලෑවලටත් පිළියමක්

දෙහි කියන්නෙ කුරුලෑවලට ස්වභාවික පිළියමක්. විටමින් C‍ ඉහළ සාන්ද්‍රණයක් තිබීම කුරුලෑ සුව කිරීමට උපකාරී වෙනවා. සිට්‍රික් අම්ලය නිසා සහ එහි ඇති විෂබීජ නාශක ගුණය කුරුලෑ පිපිරීමට හේතුවන බැක්ටීරියා විනාශ කරනවා. ඒ නිසා කුරුලෑ ඇති සමට දෙහි ව්‍යුත්පන්න නිෂ්පාදන බොහෝවිට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.

මී පැණි සහ දෙහි

දෙහි හෝ ලෙමන් යුෂ සහ මී පැණි 1 තේ හැන්දක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 10-15ක කාලයක් එය සමට උරාගැනීමට හැර ඉන්පසුව ජලයෙන් සෝදා හරින්න. මෙමගින් මනා පෝෂණයක් සහ ලප කැළැල් නැති සමක් ලබාගැනීමට හැකියි.

කෝමාරිකා සහ දෙහි

නැවුම් කෝමාරිකා කැබැල්ලකින් යුෂ ටික සූරාගෙන එයට දෙහි යුෂ තේ හැන්දක් දමා මිශ්‍ර කරන්න. මුහුණේ හෝ ශරීරයේ අඳුරු ප්‍රදේශවල ආලේප කිරීමෙන් අඳුරු ස්ථාන පැහැපත් කරගත හැකියි.

කිරි සහ දෙහි

නැවුම් කිරි සමග දෙහි හෝ ලෙමන් යුෂ තේ හැන්දක් මිශ්‍රකර මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. එය වියළි සම සඳහා ස්වභාවික හයිඩ්රේටරයක් ​​ලෙස හොඳින් ක්‍රියා කරනවා.

Skinkraft Laboratories ඇසුරින්

එරංදි කෞශල්‍යා ✍️

TAGGED: beauty, දෙහි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love5
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?