නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හරියට දැනගෙන ගාන්න ඕන බොඩි ලෝෂන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

හරියට දැනගෙන ගාන්න ඕන බොඩි ලෝෂන්

Published June 10, 2024

අද කාලෙ ගෑනු ළමයින්ට වෙළෙඳපොළේ මූණට එක ක්‍රීම් එකයි කකුල් දෙකට තව ක්‍රීම් එකයි, අත් දෙකට තවත් ක්‍රීම් එකයි වෙනම වෙනම ගන්න පුළුවන්. හැබැයි ඔය අතරේ බොඩි ලෝෂන් කියලා වර්ගයකුත් තියෙනවා. සමහරු නොදන්නාකම නිසාම බොඩි ලෝෂන් එක මූණෙත් ගානවා. හරිනෙ ඉතින් මූණ කියන්නෙත් බොඩි එකේම කොටසක්නේ. ඒත් ශරීරයේ අනිත් කොටස්වලට වඩා මුහුණෙ තියෙන සම ඉතා සියුම්. ඒ නිසා ඇඟේ ගාන්න ඕන ක්‍රීම් එක මූණෙත් ගෑවොත් පිම්පල්ස් වගේ දේවල් එන්න පුළුවන්. ඒ නිසා බොඩි ක්‍රීම් එක වුණත් හරියට දැනගෙන ගාන එක හරිම වැදගත්. ගොඩක් අය බොඩිලෝෂන් ගාන්නේ සුවඳ නිසා මිසක් ලැබන ප්‍රයෝජන ගැන හිතලනම් නෙවෙයි. නමුත් සම කියන්නේ මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය නිසා සම නිරන්තරයෙන් රැකගන්න පිළියම් යොදන එක හොඳයි.

අපි බොඩිලෝෂන් එකක් පාවිච්චි කරන්න ඕන මේ නිසයි…

ඝර්ම කලාපීය රටක ජීවත්වන අපේ සම ඉක්මණින්ම වියළෙනවා. ඒ නිසා සමේ ඉරිතැලීම් පවා වෙන්න පුළුවන්. මේ විදිහට හානිවුණ සම විජලනය වෙන එක නවත්තලා තෙතමනය රඳවා නැවතත් යථා තත්ත්වයට පත්කරගැනීමේ හැකියාවක් බොඩිලෝෂන් එකකට තියෙනවා. ඒ නිසා නිරෝගී සමක් වෙනුවෙන් දිනපතාම මොයිස්චරයිස් කිරීම අත්‍යවශ්‍යයි.

බොඩිලෝෂන් එකකින් වෙන්නෙ මොකද්ද?

බොඩිලෝෂන් එකක් දිනපතාම පාවිච්චි කරන එකෙන් සම වයසට යාම වළක්වාගන්න පුළුවන්. සමේ තෙතමනය රැකදෙනවා විතරක් නෙවේ එමගින් සමට මනා දීප්තියකුත් ලබාදෙනවා. අනිත් කාරණාව බොඩි ලෝෂන් එකකින් එන ඉමිහිරි සුවඳ. හොඳ සුවඳක් කියන්නෙ හොඳ පෞරුෂයක් ගොඩනගාගන්නත් උදව් කරන දෙයක්. ඒ වගේම සම බාහිර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කිරීමට සහ සමේ ක්ෂුද්‍ර ජීවී සමතුලිතතාව පවත්වා ගැනීමටත් බොඩිලෝෂන් එකක් උදව් වෙනවා. මේ නිසා තමයි සම නිරෝගී වෙන්නෙත්.

බොඩිලෝෂන් එකක් ගන්න ඕන බොඩි ටයිප් එකට ගැළපෙන්න…

බොඩිලෝෂන් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනෙ ඔයාගේ ස්කින් ටයිප් එකට ගැළපෙන්න. සාමාන්‍ය සමක් තියෙන අයට කිරිවලින් නිෂ්පාදනය කරපු බොඩිලෝෂන් එකක් ගැළපෙනවා. තෙල් සමකට හොඳින්ම ගැළපෙන්නෙ ජෙල් හෝ ජලය මත පදනම් වුණ බොඩි ලෝෂන් එකක්. ඒකෙන් දවල් කාලයේදි සම තෙල් සහිත වීම වළක්වනවා. වියළි සමකට ගැළපෙන්නෙ තරමක් ඝන,ක්‍රීම් ගතියෙන් වැඩි බොඩිලෝෂන් එකක්.

සාමාන්‍ය සමට – Milk Bodylotion
තෙල් සමට – Gel, water mix
වියළි සමට – Thick & Creamy

ගාන්න ඕන හරිම විදිහ

ශරීරය පිරිසිදු කරගෙන තරමක් ශරීරයේ තෙත රැඳෙන විදිහට වතුර පිහදාගන්න. ඊටපස්සෙ බොඩිලෝෂන් ටික ටික අරගෙන රවුම් අතට මසාජ් කරමින් ආලේප කරගන්න ඕනේ. මූණෙ ගාන්නෙ නැති වුණත් අත් දෙකේ, කකුල් දෙකේ වගේම බෙල්ලෙත් අනිවාර්යයෙන්ම ආලේප කරගන්න ඕනේ.

ඇයි බොඩිලෝෂන් මූණට හොඳ නැත්තේ?

මුලිනුත් කිව්වා වගේ මූණේ තියෙන සම ශරීරයේ අනිත් ස්ථානවල තියෙන සමට වඩා ගොඩක් සංවේදියි. ඒ නිසා මූණට වෙන්වෙලා තියෙන ක්‍රීම් එකක්ම මූණෙ ගාන එක තමයි ගොඩක්ම සුදුසු. බොඩිලෝෂන් හදලා තියෙන්නෙ තරමක් රළු ස්වභාවයක් ගන්න සමට. ඒ නිසා බොඩි ලෝෂන් මූණෙත් ගෑවොත් රතු බිබිලි, කුරුලෑ එන්න පුළුවන් වගේම මූණෙ සම වේලෙන්නත් පුළුවන්.

රාත්‍රියට බොඩිලෝෂන් හොඳද?

රාත්‍රී කාලය කියන්නෙ ශරීරය ප්‍රබෝධමත් වෙන කාලයක්. සම යථා තත්ත්වයට පත්කරන්න, සජලනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය අවශෝෂණය කරගන්න හොඳම කාලය තමයි රාත්‍රී කාලය.

ඒ නිසානෙ නයිට් ක්‍රීම් කියලා ජාතියකුත් මේ ලෝකෙ තියෙන්නේ. බොඩිලෝෂන් එකක් රාත්‍රී කාලයේදී වුණත් ගාන්න කිසිම ගැටලුවක් නහැ. ඒත් රාත්‍රියට මොනයම් හෝ ආලේපනයක් භාවිත කරනවා නම් හොඳම වෙලාව විදිහට විශේෂඥයෝ පෙන්වා දෙන්නෙ රාත්‍රී 10 – 11 අතර කාලය.

ගාපු ගමන් ඇඳුම් අඳින්න එපා…

බොඩිලෝෂන් එක ගාලා විනාඩි පහක්වත් යනකල් ඇඳුම් අඳින්න එපා. ඒ වගේම ක්‍රීම් එක ගාලා විනාඩි පහක් යනකල් මේක්අප් එකක් දාන්නත් එපා. මොකද සමේ සෛල වැහෙන දේවල් කරන්න කලින් ආලේප කරපු දේ සමට හොඳින් කාවදින්න කෙටි කාලයක් අවශ්‍ය වෙනවා.

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?