නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බඩේ ලෙඩ මග හරින්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

බඩේ ලෙඩ මග හරින්න එපා

Published May 27, 2024

උදරය ගැන කතාකරන විට අපි ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව කතාකරනවා. නමුත් උදරය සමග අපේ ශරීරයේ බොහෝ අවයවයන් සම්බන්ධයි. උදාහරණ විදිහට සඳහන් කරනවා නම් වකුගඩු, කකුල් වෙත යන රුධිර නාල, මුත්‍රාශය, ස්නායු පද්ධතිය වැනි සිරුරේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ බොහෙමයක් අවයව උදරයට සම්බන්ධයි. ඒ නිසා උදරය ආශ්‍රිත වේදනාවක් ඇති වුණොත් එය ආහාර ජීර්ණ මාර්ග පද්ධතියේ ගිණුමටම බැර කරන්න බැහැ. සාමාන්‍යයෙන් උදරය ආශ්‍රිතව අපට ඇතිවන විවිධ ආබාධ තිබෙනවා. ඒ නිසා මෙම ආබාධ වෙන් කරගෙන හඳුනාගැනීම වැදගත්…

ආහාර ජීරණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව වෛරසයක් හෝ බැක්ටීරියා ඇතුළුවීම

ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව වෛරසයක් හෝ බැක්ටීරියාවක් ඇතුළු වුණොත් යම් ප්‍රදාහයක් ඇතිවනවා. ඒ වෙනුවෙන් බඩවැල් ප්‍රතිචාර දක්වනවා. මෙහිදී වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ සාමාන්‍ය තත්ත්වයක් විදිහට සැලකෙනවා. වෛරස හෝ බැක්ටීරියාව ආමාශගත වීම නිසා වමනය ඇතිවනවා. එය බඩවැල්වලට ගමන් කිරීම නිසා පාචනය ඇති වනවා.

සමහර අවස්ථාවලදී මලපහ බුරුල් වී පිටවෙනවා. මේ තත්ත්වය සිරුර විසින්ම සුව කරනවා. මෙහිදී ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට සහයෝගයක් ලබාදීම අවශ්‍යයි.වමනය සහ පාචනය නිසා අපේ සිරුරෙන් ලවණ පිටවන බව අපි දන්නවා. ඒ විදිහට ලවණ පිටවන විට නැවත සිරුරට අවශ්‍ය ලවණ අපි ලබා ගතයුතු වනවා. වෛද්‍යවරුන් ‘ජීවනී’වැනි පාන වර්ග ගැනීමට රෝගීන්ට උපදෙස් දෙන්නේ ඒ නිසයි. සිරුරෙන් ලවණ පිටවීම නිසා විජලන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා.

නිතර නිතර උදරයේ අපහසුතාවන් ඇතිවනවා නම්…

විෂබීජයක් නිසා මල බුරුල් වී පිටවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම ඇතැම් ආහාර වර්ග, මානසික ආතතිය නිසා මලබද්ධය වැනි තත්ත්වයන් ඇතිවීමත් සාමාන්‍ය සිදුවීමක්. නමුත් විටින් විට මල බුරුල්වීම, මලබද්ධය ඇතිවනවා නම් ඒ ගැන නොසලකා සිටිය යුතු නැහැ. එය විෂබීජයක් යැයි සිතමින් කල් දැමීම සුදුසු නැහැ. බොහෝ අවස්ථාවලදී පිළිකා රෝග තත්ත්වයන් නිසා නිතරම මල බුරුල්වීම වැනි අපහසුතාවන් ඇතිවනවා. විශේෂයෙන් වයස්ගත වීමත් සමග මලපහ පිට වීමේ රටාවේ වෙනස්කම් ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්.

ආහාර අසාත්මිකතාවයන්…

සමේ පලු දැමීම එහෙම නැත්නම් කැසීමක් වගේ දෙයක් ඇති වුණාම එය ආහාර ආසාත්මිකතාවයක් නිසා ඇතිවුණ බව දන්නවා. නමුත් ආහාර වෙනුවෙන් බඩවැල් ආසාත්මිකතාවන් දක්වන අවස්ථාවන් තිබෙනවා.

ආසාත්මිකතාවන් පුද්ගලබද්ධයි

ආහාර ආසාත්මිකතාවන් ගැන සඳහන් කරනවා නම් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ බැව් තමන් විසින් අවබෝධ කරගැනීමට සිදුවනවා. ආහාර වර්ග වගේම ආහාර රටාවත් හැම දෙනාටම පොදු විදිහට නිර්ණායක ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ.

ශරීර බර අඩුකිරීම වෙනුවෙන් වූ Diet plan තරබාරුව’ පාලනය කරන ආහාර රටාවන් ගැන අද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිතරම හුවමාරු වෙනවා. මේ ආහාර රටාවන් වුණත් හැමදෙනාටම එකම විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ නිසා තමන්ට අපහසුතාවක් ඇත්නම් ඒ ආහාර පුරුදු සහ රටාව අනුගමනය කිරීමෙන් අපහසුතාවන් ඇතිවනවා.

වෙනත් හේතු නිසා…

මුලින් සඳහන් කළ හේතුවලට අමතරව මානසික ආතිතය නිසාත් උදරය ප්‍රතිචාර දක්වන අවස්ථාවන් තිබෙනවා. ජනවහරට අනුව එදා සඳහන් කළ ‘බඩ පපුව පත්තු වුණා’ යන කියමන මෙතැනදී සහේතුකයි. මානසිකව ආතතිමය තත්ත්වයක් ඇති වූ විට ආමාශය විසින් අම්ල නිදහස් කිරීම වැඩි වෙනවා. මේ අවස්ථාව අපි ගැස්ට්‍රයිටිස් යනුවෙන් හඳුන්වනවා.

පුද්ගලයන්ට සාපේක්ෂව තරුණ අයගේ බඩවැල් උද්දීපනය වීමේ සම්භාව්‍යතාව ඉහළයි. මේ නිසා බඩවැල් කුපිත වීමේ සහලක්ෂණ රෝග ( Irritable bowel syndrome (IBS) තත්ත්වය ඇතිවන්න වැඩි ඉඩක් තිබෙනවා.

ආමාශය අවට ඉන්ද්‍රියන්ගේ ප්‍රශ්න

අපේ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් එන්සයිම අවශ්‍ය වෙනවා. මේ එන්සයිම ලබාදෙන ඉන්ද්‍රියන් තිබෙනවා. අග්න්‍යාශය, අක්මාව, පිත්තාශය වැනි අවයව එකිනෙකට සම්බන්ධයි. නමුත් මේ ඉන්ද්‍රියන්ගේ ප්‍රශ්න ඇති වුණොත් ජීරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය එන්සයිම නිදහස් වෙන්නේ නැහැ.

උදාහරණයක් ලෙස පිත්තාශයේ ගල් වැනි තත්ත්වයක් ඇති වුණොත් ඒ අවහිරතාව නිසා තද වේදනාවක් දැනෙනවා. පීඩනය නිසා වමනය ඇතිවනවා. මෙය ආහාර ජීරණය ආශ්‍රිත ප්‍රශ්නයක් විදිහට රෝගියා උපකල්පනය කළත් එයට හේතුව පිත්තාශයේ ප්‍රශ්නයක්. මෙවැනි අවස්ථාවක වමනය සහ බඩ බුරුල් වී යනවා නම් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා දුන්නත් රෝග නිධාන තත්ත්වය හඳුනාගැනීම වැදගත්. ඒවා උදරය ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කළත් රෝගය වෙනත් ඉන්ද්‍රියක් සමග බද්ධව තිබෙනවා.

යටිබඩ ආශ්‍රිත වේදනාවන්…

අපේ යටිබඩ ප්‍රදේශය සමග සිරුරේ වැදගත් ඉන්ද්‍රියන් සම්බන්ධයි. මුත්‍රාශය, ගර්භාෂය, ඩිම්බකෝෂ සහ ආහාර ජීරණ මාර්ග පද්ධතිය ආශ්‍රිත උණ්ඩුකපුච්ඡය වැනි ඉන්ද්‍රියන්ගේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් අපට යටිබඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාවක් විදිහට දැනෙනවා.

මේ විදිහට දැනෙන යටිබඩ වේදනාවට ඉක්මනින් ප්‍රතිකාර ලබා ගතයුතු අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට උණ්ඩුකපුච්ඡය ප්‍රදාහයට පත්වුණොත් ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. එය පිපිරී ගියොත් විෂබීජ ආසාදනය වීමෙන් විවිධ සංකුලතාවන් මුළු ශරීරයටම බලපානවා.

කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටලුවලදී යටිබඩ ප්‍රදේශයේ වේදනාවක් ඇතිවන්න පුළුවන්. ගර්භාෂයෙන් පිටත දරුවකු පිලිසිඳ ගැනීම, ඩිම්බ කෝෂයේ ගැටලු, මුත්‍රා පද්ධතිය සම්බන්ධ ප්‍රදාහ තත්ත්වයන් මුලින්ම දැනෙන්නේ යටිබඩේ ඇතිවන වේදනාවෙන් වුණත් රෝගය වෙනත් අවයවයක් සමග සම්බන්ධයි.ඒ නිසා උදරයේ ඇතිවන වේදනාවන් හැම අවස්ථාවකම ආහාර ජීරණ මාර්ග පද්ධතියටම සීමා කරන්න බැහැ. නිතරම මෙවැනි තත්ත්වයන් ඇතිවෙනවා නම් ඒ ගැන නොසලකා සිටීම සුදුසු නැති බව සඳහන් කිරීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️









 

TAGGED: health, බඩේ ලෙඩ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?