නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කන කැක්කුම නොසලකා හරින්න එපා…
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කන කැක්කුම නොසලකා හරින්න එපා…

Published May 13, 2024

කන කියන්නේ අපේ සිරුරේ තිබෙන ප්‍රධාන සංවේදන ඉන්ද්‍රියක්. කන නිසා අපට සිදුවන කාර්යන් දෙකක් තිබෙනවා.ඒ ශ්‍රවණය වෙනුවෙන් උපකාරී වීම සහ සිරුරේ සමතුලිතතාවය පවත්වා ගැනීමයි.කන ආශ්‍රිත වේදනාවන් ඇති වීමට විවිධ හේතු බලපානවා. ඒ හේතු කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.

කන ආශ්‍රිතව ඇතිවන සංකුලතාවයන්
කනට බාහිරව ඇතිවන හේතු
කන ආශ්‍රිතව ඇතිවන සංකුලතාවන්

මිනිස් කන බාහිර, මැද කන සහ අභ්‍යන්තර කන ලෙසින් කොටස් තුනකට බෙදෙනවා. බාහිර කන සමෙන් ආවරණය වී තිබෙනවා. මෙම ආවරණය මගින් කන අභ්‍යන්තරයට විෂබීජ ඇතුළු වීම වලක්වනවා. නමුත් මෙම සම තුවාල වුණොත් බාහිරව කනට ඇතුළු වන විෂබීජ නිසා කන ආසාදනය වී වේදනාව ඇති වෙනවා.

කන් බෙරය පිපිරීම

කන් බෙරය පිපිරීම විවිධ හේතු නිසා සිදු වෙනවා. අනතුරක් වැනි අවස්ථාවක කන් බෙරය පුපුරා ගියත් කාලය සමග ඒ සිදුර වැසී යනවා. නමුත් ආගන්තුකව ඇතුලු වෙන විෂබීජ සහ වතුර නිසා කන් බෙරය ආසාදනය වීමට ඉඩ තිබෙනවා.

ස්නානයෙන් පසුව කනේ රැඳී තිබෙන වතුර පිරිසිදු රෙදි කැබැල්ලක් ( Washcloth ) වැනි දෙයකින් ඉවත් කරන්න. එවැනි අවස්ථාවන් නිසා ශ්‍රවණය පිළිබඳ ගැටළු ඇති වීම සහ මෙම සිදුර වැසී නොගොස් නිදන්ගත තත්ත්වයකට පත් වෙනවා.

කන් බෙරය ඉතා සියුම් පටලයක් ලෙස පිහිටා තිබෙනවා. බාහිර ශ්‍රවණනාලය ඔස්සේ විෂබීජ කන් බෙරයට ඇතුලු වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන්හිදී මැද කනට පිරෙන සෙම කන් බෙරය පුපුරා පිටතට ගලනවා.

මෙය ඉතා වේදනාකාරීයි. සීතල සහ සුළං සමග වේදනාව වැඩි වීමට පුළුවනි. ඒ නිසා සුළං නොවදින විදිහට Cap තොප්පියක් පැළඳ ගැනීම සුදුසුයි. ස්නානය කිරීම සුදුසු නැහැ. නමුත් ඔබට ස්නානය කිරීමට අවශ්‍ය නම් කනට වතුර නොයන සේ ear plug පැළඳ ගැනීම වැදගත්.

කනේ සැරව ගැලීම නොසලකා ඉන්න එපා…

කන් බෙරය පුපුරා පිටතට සැරව ගැලීම නොසලකා ඉන්න එපා. මෙම සැරව ගන්ධයකින් යුක්ත නම්, උණ වැනි අතුරු රෝග තත්ත්වයක් තිබේ නම් ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත්. මෙම විෂබීජ මොළයට බලපෑම් කිරීමට ඉඩ තිබෙන නිසා ඒ ගැන නොසලකා ඉන්න එපා.

කනේ ඇතිවන පුස්, දිලීර

කනේ ඇති වන පුස්, දිලීර සහ යීස්ට් වැනි ආසාදන තත්ත්වයන් රෝගියාට පෙනෙන්නේ නැහැ. ඔහුට දැනෙන්නේ වේදනාව පමණයි. ඒ නිසා ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍යවරයා විසින් සිදු කරන නිරීක්ෂණ මඟින් මෙය තහවුරු වෙනවා. පුස් ඉවත් කිරීමෙන් පසුව රෝගියා වේදනාවෙන් නිදහස් වෙනවා.

කනට සතුන් ඇතුළු වීම

ඔබ දැන හෝ නොදැන කිනිතුල්ලන් වැනි කුඩා සතුන් කනට ඇතුලු වීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවන්හිදීත් කනේ දැඩි වේදනාවක් ඇති වීමට පුළුවන්.

කනේ ඇතිවන කලාඳුරු ඉවත් කිරීම නිසා

අපේ කන අභ්‍යන්තරයේ සෑදෙන කලාඳුුරු ශ්‍රවණ නාලය ඔස්සේ බාහිර කන ප්‍රදේශයට පැමිණෙනනවා. එසේ පැමිණෙන කලාඳුරු බාහිර කනේ පිටත විවෘතව ඇති ප්‍රදේශයේ තැන්පත් වෙනවා.

එසේ තැන්පත් වී මේවා ඝන බවට පත් වෙනවා. කනේ සංවේදී අභ්‍යන්තර කොටස්වල කලාඳූරු තැන්පත් වෙන්නේ නැහැ. මේවා නිතරම කනේ පිටත කොටස්වල තැන්පත් වෙනවා. ඒවා පිටතට පෙනන අතර ශ්‍රාවී ගතියකින් යුක්තයි. මෙම ශ්‍රාවී ද්‍රව්‍ය වියලීම සමග කන් කලාඳුරු ලෙසින් අපට දක්නට ලැබෙනවා.

මේවා වියලීම නිසා ඉබේම වැටෙනවා. ඒ නිසා කලාඳුරු කනේ තිබුණත් කිසිම ගැටළුවක් නැහැ. කලාඳුරු ඉවත් කිරීමට අපි ආයාසයෙන් උත්සාහ කළ කිරීම සුදුසු නැහැ. මෙම ද්‍රව්‍ය කනට ස්වභාවික ආරක්ෂාවක් ලබා දෙනවා.

කන ස්වභාවයෙන්ම පිරිසිදු වෙන අවයවයක්. ඒ නිසා කන පිරිසිදු කිරීම අවශ්‍ය නැහැ. නමුත් බොහෝ උදවිය නිතරම කන සුද්ද කිරීම නිසා කලාඳුරු වැඩීම වේගවත් වෙනවා. කන් කලාඳුරු වැඩි වුණාම අපි ඒවා ඉවත් කිරීමට උත්සාහ කරනවා. එවිට කන ඇතුලත පවා තුවාල වෙන්න පුළුවනි.

කනට බාහිරව ඇතිවන හේතු…

සීතල කාලගුණ තත්වය

සීතල කාලගුණයක් සහිත ප්‍රදේශයකදී, අහස්යානාවක ගමන් ගැනීමේදී වැනි අවස්ථාවන්හිදී කනට ඇති වන පීඩනය ඔබට වේදනාවක් ලෙසින් දැනෙන්න පුළුවනි.

වෙනත් හේතු නිසා

දත්, උගුර සමඟ සම්බන්ධ ස්නායු කන සමගත් සම්බන්ධයි. ඒ නිසා දත් ආශ්‍රිත ගැටළුවලදී වගේම, උගුර ප්‍රදාහ වීම වැනි හේතුවලදී කනේ වේදනාව ඇති වීමට පුළුවන්. විශේෂයෙන් “ඥාන දත “ විදාරනය වෙන විට එය කනේ වේදනාවක් ලෙසින් දැනෙන අවස්ථාවන් තිබෙනවා.

කනේ කැක්කුමට ලබා දෙන ප්‍රතිකාර…

රෝගියාගේ කනේ වේදනාවට හේතු හඳුනා ගැනීමෙන් පසුව අදාල ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. සෙම ආශ්‍රිත රෝග තත්ත්වයකදී නම් ඊට අදාල ඖෂධ ලබා දීම නාසයට දියර බිංදු ලබා දීම පුස්, කලාඳුරු හෝ සතෙකු ඇතුළු වී ඇත්නම් එවිට Sucktion, ( වූෂණ යන්ත්‍රයක් ) සහ සිරින්ජරයක් වැනි විවිධ ආරක්ෂිත ක්‍රමවේද මගින් හෝ රෝගියා නිර්වින්දනය කිරීමෙන් සිදු කරනවා.

නාසයේ පිහිටීමේ ඇදයක් වැනි තත්ත්වයක් නම් ශල්‍ය කර්මයක් මගින් එය සකස් කිරීම ඒ නිසා ඔබට කනේ වේදනාවක් ඇති වුණොත් එය විවිධ හේතු නිසා ඇති වීමට ඉඩ තබනවා.

ඔබේ හිතුමතයට කනට තෙල් වැනි දේ දැමීමෙන් වළකින්න. එවැනි සෞඛ්‍යාරක්ෂිත නොවන කටයුතුවලින් ඔබගේ ආසාදනය තවදුරට ව්‍යාප්ත වීම පමණක් නොව, අනාගතයේදී ශ්‍රවණාබාධිත තත්ත්වයකට පවා පත් වීමට ඉඩ ඇති බැව් තරයේ සිත තබා ගැනීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: health, කන කැක්කුම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love5
Sad0
Happy3
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?