නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බබාලා හඬවන නැපි රෑෂ්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

බබාලා හඬවන නැපි රෑෂ්

Published April 29, 2024

පුංචි දරුවන්ට පැම්පර්ස් එහෙම නැත්නම් ඩයපර්ස් ඇන්දවීම නිසා ඒ ප්‍රදේශයේ ඇතිවන සමේ වෙනස්කම් අපි “නැපි රෑෂ්” යනුවෙන් හඳුන්වනවා. වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය ඩයපර් ඩර්මටයිටීස් (Diaper Dermatitis) යනුවෙන් හඳුන්වනවා.

ඩයපර් ඩර්මටයිටීස් කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්

ඩයපර් එක නිසාම ඇතිවන තත්ත්වය

මෙහිදී බබාගේ තට්ටම ආදී ඩයපර් එක ගෑවෙන ප්‍රදේශවල රතු පාට බිබිලි මතුවීම සහ කැසීම ඇති වෙනවා. මේ කුෂ්ඨ වැනි තත්ත්වයේත් විවිධ ස්වරූප තිබෙනවා.

සිරුරේ වෙන තැනක ඇති කුෂ්ඨයක් සමග ඇතිවීම

දරුවාගේ සිරුරේ වෙන තැනක කුෂ්ඨ ස්වභාවයක් තිබෙනවා නම් ඒ තත්ත්වය නැපි අන්දවන ප්‍රදේශවලත් ඇතිවීම. AtopicDermatitis, Seborrheic Dermatitis රෝග තත්ත්වයේදී මේ ස්වරූපයේ නැපි රෑෂ් ඇති වෙනවා.

ඩයපර් පාවිච්චි නොකරම ඇතිවන කුෂ්ඨ

දරුවාට වෙනත් රෝගයක් නිසා නැපි අන්දවන ප්‍රදේශයේ කුෂ්ඨ ඇති වීමට පුළුවන්. මේ තත්ත්වයේදී කුෂ්ඨය සහ නැපි අතර විශේෂ සම්බන්ධතාවයක් ඇති වන්නේ නැහැ.

පැම්පර්ස්/ ඩයපර්ස් නිසා ඇතිවන කුෂ්ට

පැම්පර්ස් සහ ඩයපර්ස් අන්දවා තබන විට සමේ තෙතමනය වැඩියි. ඒ වගේම දරුවාගේ මල, මුත්‍ර නිසා සමේ PH අගය ඉහළ යනවා. එවිට බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනවා. මෙවැනි හේතු නිසා දරුවාගේ සමේ බාහිර ස්ථරයට ඇතිවන බලපෑමට දක්වන ප්‍රතිචාරයක් ලෙසින් මේ අන්දමේ කුෂ්ඨ ඇති වෙනවා.

නැපි රෑෂ් හඳුනා ගැනීම

දරුවාට නැපි ඇන්දවීම නිසා ඇතිවන කුෂ්ට තත්ත්වය ඔබට හඳුනා ගැනීමට පුළුවන්.

පැම්පර්ස් එක අන්දවන කොටසේ සම රතු වීම, කුඩා වතුර බිබිලි වැනි දේ මතුවීම, සමේ දාර සහිත කොටස්වල මුලදී දක්නට නොලැබුණත් අවසානයේදී එම කොටස්වලත් මතුවීම.

ප්‍රධාන වශයෙන් තට්ටම, කලවා සහ වෘෂණ කෝෂවල මෙය දක්නට ලැබෙනවා.මේවා කැසීම නිසා දරුවා අපහසුතාවට පත් වෙනවා.

නැපි රෑෂ් එකක් නොවන බව හඳුනා ගැනීම

නැපි අන්දවන වයසේ දරුවෙකුගේ සමේ ඇතිවන හැම වෙනස්කමක්ම නැපි රෑෂ් ලෙසින් නම් කරන්න බැහැ. නැපි රෑෂ් එකක් නොවන අවස්ථාවක දකින ලක්ෂණ කීපපයක් මේ විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

  • දරුවාට උණ ගතිය.
  • දරුවා බොහෝ සෙයින් ඇඬීම.
  • බිබිලිවලින් සැරව ගැලීම.
  • පැම්පස් එකෙන් පිට කොටසටත් පැතිරීම.
  • පැම්පර්ස් වෙනස් කළත් කුෂ්ඨ තත්ත්වය තිබීම.

මේ ගැනත් අවධානය වැදගත්

දරුවාගේ නැපි අන්දවන ප්‍රදේශයේ කුෂ්ට තත්ත්වයක් ඇති විට බොහෝ මව්පියන් තමන්ගේ හිතුමතයට ඔසුසලකින් ලබා ගන්නා ක්‍රිම් වර්ග ආලේප කරනවා. නමුත් එය සුදුසු නැහැ.

රෝග තත්ත්වය ගැන ඔබ නිශ්චය කිරීම සුදුසු නැහැ. බැක්ටීරියා හෝ දිලීර ආසාදනයක් තිබුණොත් ආලේප කරන කරන ක්‍රීම් නිසා මේ තත්ත්වය තවත් වැඩිවෙන්න පුළුවන්.

නැපි රෑෂ් හැදෙන්නේ ඇයි?

  • බොහෝ වේලාවක් නැපිය මාරු නොකිරීම.
  • නිසි විදිහට පිරිසිදු නොකිරීම.
  • සම ආරක්ෂා කරන ආලේපන ගල්වා නැතිවීම.
  • දරුවාට නිතරම මලපහ පිටවීම.

ප්‍රතිකාර

සනීපාරක්ෂක ලෙසින් පැම්පර්ස් පාවිච්චි කිරීම ඉතාම වැදගත්. එවිට කුෂ්ඨ ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වේවි.

  • විටින් විට පැම්පර්ස් මාරු කරන්න.
  • උරා ගැනීම වැඩි තත්ත්වයෙන් ඇති පැම්පර්ස් භාවිත කරන්න.
  • පැම්පර්ස් මාරු කිරීමට පෙර සම පිරිසිදු කර වියළා ගන්න. තෙත පිටින් පැම්පර්ස් අන්දවන්න එපා.
  • දරුවා නිතර සේදීම සුදුසු නැහැ. සෝදපු ගමන්ම තෙත මාත්තු කර ගන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️









 

TAGGED: Diaper Dermatitis, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?