නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවන්ට ඇතිවන හතිගතිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

දරුවන්ට ඇතිවන හතිගතිය

Published April 22, 2024

දරුවන් අතර දක්නට ලැබෙන හතිය අද ඉතාම සුලබයි. දරුවන් දස දෙනකුගෙන් එක් අයකු මෙම රෝගයෙන් පසුවන බවට සාධක තිබෙනවා. ඒ වගේම හතිය ළමා වයසටම සීමා වන්නේද නැහැ. වැඩිහිටි වයසේ කෙනෙකුට වුණත් හතිය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ළදරුවන් අතර බහුල වශයෙන් හති තත්ත්වය පවතින අතර පරම්පරා සාධක අනුවත් හතිය ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

මවට හෝ පියාට ඇදුම හෝ පීනස වැනි ආසාත්මිකතාවන් ඇත්නම් දරුවාටත් ඇදුම රෝගය ඇතිවීමට වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

මෙම පාරම්පරික හේතුවලට අමතරව මවගේ ගර්භණී කාලයේදී මෙන්ම දරුවා වැඩෙන කාලයේදී පරිසරයේ අහිතකර තත්ත්වයන්ද හතිය ඇතිවීමට බලපාන හේතු ලෙසින් විද්‍යාත්මක පර්යේෂණ මගින් පවා තහවුරු වී තිබෙනවා.

ළමා හතිය ඇතිවීමට බලපාන හේතු මොනවාද?

  • ආසාත්මිකතාවන්
  • දූවිලි
  • සිගරට් දුම
  • මල් පරාග
  • රසායනික ද්‍රව්‍යයන්ගෙන් පිටවන දුම
  • ආහාර රටාව
  • සුරතල් සතුන්ගේ ලොම්
  • ඖෂධ නිසා ඇතිවන ආසාත්මිකතාවන්
  • නාගරික පරිසරය
  • පරිසර උෂ්ණත්වය වෙනස් වීම

බැලු බැල්මට ඔබේ නිවස පිරිසිදු ස්ථානයක් වුණත් ඔබට නොපෙනෙන දූවිලි මයිටාවන් සහ නාගරික පරිසරයකදී නම් දූවිලි, වාහන දුම වැනි තත්ත්වයන් නිසා දරුවාට හතිය ඇතිවීමේ අවදානම වැඩි වෙනවා.

ළමා හතියේ රෝග ලක්ෂණ මොනවාද?

  • නිතර ඇති වන කැස්ස සහ රාත්‍රී කාලයේදී කැස්ස වැඩිවීම
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • කතා කිරීමේ අපහසුතාව

කැස්ස තිබුණ පමණින් එය ළමා හතිය නොවෙයි

ඔබේ දරුවාට කැස්ස තත්ත්වයක් ඇතිවුණ පමණින් එය ළමා හතිය ලෙස වරදවා වටහා ගන්න එපා. දරුවාට විවිධ හේතු නිසා කැස්ස ඇතිවීමට පුළුවන්.

කිරි උගුරට ඒම
ක්ෂය රෝගය


මෙම රෝග තත්ත්වයන් දිගටම පවතී නම් ඒ ගැන නොසලකා සිටීමත් සුදුසු නැහැ.

ළමා හතියට ප්‍රතිකාර ලබාදීම

ඔබේ දරුවාට හතිය රෝග තත්ත්වය තිබෙනවා නම් ඒ වෙනුවෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත්. හතිය නිසා දරුවාගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට පවා බාධාවන් ඇතිවනවා. ඒ වගේම හතිය ශ්වසනයට සම්බන්ධ නිසා දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇතිකරනවා. ඒ නිසා දරුවාට හතිය රෝග ලක්ෂණ තිබෙනවා නම් මුල් අවස්ථාවේ පටන්ම ප්‍රතිකාර ලබාදීම වැදගත්.

ළමා හතියට ප්‍රතිකාර ලබාදීමේදී එය කොටස් දෙකකින් යුක්ත වනවා

හතිය ඇති වූ පසුව ලබාදෙන ප්‍රතිකාර
දිගු කාලීනව හතිය වළක්වා ගැනීමට ලබාදෙන ප්‍රතිකාර

සමහර අවස්ථාවලදී සමේ ඇතිවන දද, කුෂ්ට සහ සම මතුපිට කැසීම වැනි රෝග ලක්ෂණ සමග හතිය තිබෙනවා නම් ඉහතින් දක්වන ලද රෝග වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාර ලබාදීම වැදගත්.

ළමා හතිය වළක්වා ගන්නේ කෙසේද?

දරුවාට හතිය ඇතිවීමට බලපාන හේතු කාරණා ගැන දැන් ඔබ දැනුවත්. ඒ නිසා රෝග තත්ත්වයට හේතු වන සාධක පාලනය කරගැනීම ද වැදගත්.

දුම්පානය කරන පරිසරයක් ඇත්නම් දරුවා දුමට නිරාවරණය නොකරන්න

රථ වාහන දුම, මහා මාර්ග දූවිලි ආසන්න පරිසරයක නම් දරුවා එයින් දුරස් කරන්න

අධික සීතල තත්ත්වයක් ඇත්නම් දරුවා එම සීතලට නිරාවරණය නොකරන්න

සමහර දරුවන්ට ව්‍යායාම කිරීමේදී හතිය නිසා අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්. එවැනි අපහසුතාවක් ඇතිවිට ව්‍යායාම නැවැත්වීමට දරුවාට උපදෙස් ලබා දෙන්න

දරුවා නිදන කාමරයට හොඳින් හිරු එළිය ලැබෙන්නට සැලැස්වීම

දරුවාගේ කොට්ට, මෙට්ට, ඇතිරිළි සහ මදුරු දැල් දූවිලි නොමැති සේ පිරිසිදුව තබන්න

දරුවන්ට ආසාත්මික දේ ගැන මව්පියන් ලෙසින් ඔබ දැනුවත් ඇති. හැම දරුවෙක්ම එකම දෙයකට ආසාත්මිකතාවන් දක්වන්නේ නැහැ. ආසාත්මිකතාව එක් එක් දරුවාට වෙනස් අන්දමින් බලපානවා.

අයිස්ක්‍රිම් වර්ග,සත්ව ආහාර ආසාත්මිකතාකාරකයන් ලෙස හඳුනාගෙන ඇතැත් හැම දරුවෙක්ම මෙම ආහාරවලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ නිසා දරුවා ආසාත්මිකතාවන් දක්වන්නේ කුමන ආහාර හෝ පරිසර සාධකවලටද යන්න හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන්න.

ඔබේ නිවසේ කවුරුන් හෝ දුම්පානය කරන්නේ නම් දරුවාගේ හතිය තත්ත්වයට එය සෘජු ලෙසම බලපානු ඇත. සමහර විට අද දවසේ දුම්පානය කරන පුද්ගලයෙක් ඔබේ නිවසේ නොමැති විය හැකයි. එහෙත් මීට පෙරාතුව ඔබ නිවසේ අයකු දුම්පානය කළේ නම් ඒ දුම ඇඳුම් ආදියෙහි තැවරී දරුවාගේ ආසාත්මිකතාව වෙනුවෙන් හේතු කාරකයක් ලෙසින් පෙනී සිටිනු ඇත.

ළමා හතිය ඇති දරුවන් පිහිනීම සුදුසුද?

ළමා හතිය තිබෙන දරුවන්ට පිහිනීම වඩාත් සුදුසු ව්‍යායාමයක් බවට වූ පිළිගැනීමක් තිබෙනවා. නමුත් පිහිනන විට දරුවාට හතිය වැඩිවනවා නම් පිහිනීම නතර කරන්න.

ළමා හතිය ඇති දරුවකුට ප්‍රතිකාර ලබා දෙමින් රෝග තත්ත්වය කළමනාකරණය කිරීමට වඩා ළමා හතිය ඇති නොවන සේඔබෙ දරුවා රැක බලාගැනීම පවුලේ වගකීමක් ලෙස සිතන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: health, හතිගතිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?