නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවිතය ඔන්දස්පොට් විය හැකිය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
කතුවැකිය

ජීවිතය ඔන්දස්පොට් විය හැකිය

Published April 22, 2024

අවුරුදු පැමිණ ගොස් ඇත. අවුරුදු කෑම සඳහා ජනතාව වියදම් කළ තරමට දැන් බොහෝ සිත්වල ඇත්තේ ඉදිරි දින කිහිපය ගෙවා ගන්නේ කෙසේද කියාය. ඒ දැවෙන ප්‍රශ්නය පසෙකින් තබා මේ ප්‍රශ්නය ගැන කතා කළ යුතුව ඇත.

අවුරුදු උදාවී පැය විසිහතරක් ඇතුළත මේ රටේ රිය අනතුරු නිසා ජීවිත හැරගිය සංඛ්‍යාව 11 ක් ලෙස වාර්තා විය. එපමණක් නොව අවුරුද්දට පෙර දින සීයක් ආපස්සට ගත්කළ ඒ තුළ රිය අනතුරු නිසා මරණ 600 ක් වාර්තා වී ඇතැයි රථ වාහන පොලීසිය පවසා ඇත. එපමණක් නොව එවැනි රිය අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වන සහ දීර්ඝකාලීනව සංකූලතාවයන් ඇති රෝගීන් බවට පත්වන ප්‍රමාණය මියයන පිරිසට වඩා ඉහළ අගයක් ගන්නා බවද ඔවුන් පෙන්වා දී ඇත. මෙයින් වැඩි පිරිසක් පවුලේ යැපෙන්නන් පස් හය දෙනෙකු ජීවත් කරවන පවුලේ උත්පාදකයන් වීම මෙම ගැටලුව කොතරම් බරපතළ දැයි අපට කියාදෙනු ඇත.

එපමණක් නොව ආබාධිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහාත් ඔවුන්ව ශ්‍රමදායකයන් ලෙස නැවත සමාජගත කිරීම සඳහාත් රජය විශාල මුදලක් වැය කරමින් සිටින බව නොරහසකි. ඇතැම්විට මෙම මුදල් රටේ සංවර්ධන කාර්යය සඳහා අත්‍යවශ්‍යයෙන්ම යෙදවීමට තිබූ ඒවා විය හැකිය. මෙවන් පසුබිමක රිය අනතුරු හැකි උපරිමයෙන් වළක්වා ගැනීම සදහා කටයුතු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ රජයට නොව මහජනතාවට බව සක්සුදක් සේ පැහැදිලි වනු ඇත.

එම නිසා වාහනයක් අතට ගන්නා රියදුරු දෑතේ සිට නිසොල්මනේ මාර්ගයේ ගමන් ගන්නා පදිකයා දක්වාම මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීමේ වගකීම ඔවුන්ට තිබේ. බොහෝවිට අවුරුදු සමයේ ජීවිතක්ෂය දක්වා ගමන් කළ අනතුරු සිදුවී ඇත්තේ රියදුරුගේ බීමත්කම, නිදි මැරීම, අධික වේගය සහ නොසැලකිලිමත්කමින් රිය පැදවීම මුල් කරගෙන බව රථවාහන පොලිසිය අනාවරණය කර තිබේ. ඒ අනුව මේ සියල්ල හොඳින් අවදානය යොමු කළේ නම් කල් තියාම වළක්වාගත හැකිව තිබූ අනතුරු වේ.

අපට තිබෙන විශාලතම අධිවේගී මාර්ගයෙදී වසර දහතුනක් ඇතුළත රිය අනතුරු 9375 සිදුවී ඇති අතර ඉන් ජීවිත 66 ක්ම අහිමි වී තිබේ. මෙම අනතුරුවලට හේතුවී ඇත්තේද රියදුරන්ගේ නොසැලකිලිමත්කම බැවින් රිය ධාවනයේදී මාර්ග නීති අනුගමනය නොකරන සියලු රියදුරන්ට ශ්‍රී ලංකා රථවාහන පොලීසිය දඬුවම් දෙන බව අවධාරණය කරයි.

මෙවන් පසුබිමක රථවාහන අනතුරු සිදුකරන සියලු රියදුරන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කළ යුතු අතර විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල භාවිත වන තාක්ෂණික උපකරණ සහ ක්‍රමවේද භාවිත කරමින් අවිනීත රියදුරන් නීතියේ රැහැනට හසු නොකරගන්නෙ නම් හෙට ඔබේ ජීවිතයත් මහ මඟදී ඔන්දස්පොට් විය හැකියි.
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජනතා පරමාධිපත්‍ය සුරකින්න ඡන්දය දාන්න…

May 5, 2025

මරණය සාමාන්‍යකරණය වීමේ භයානකත්වය…

April 28, 2025

අල්ලස හා දූෂණයට තිත තියන්න රාජ්‍ය සේවකයන්ට මාස 06 ක්…

April 21, 2025

සිංහල අවුරුද්දට කළින්ම ට්‍රම්ප්ගේ වැඩ ඇල්ලීම

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?