නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලිංගික උත්තේජක පෙතිවලටත් සතුට අහිමි වෙනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ලිංගික උත්තේජක පෙතිවලටත් සතුට අහිමි වෙනවා

Published April 15, 2024

උත්තේජක ඖෂධ බලපෑම යටතේ  ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම “Chem sex” හෝ “High fun” ලෙස හැඳින්වෙනවා. මෙය බොහෝ විට සහභාගී වන්නන් කීප දෙනෙකුගේ සම්බන්ධයෙන් සිදු වෙනවා. ඒ වගේම මෙහි ලිංගික කාර්යයට පෙරාතුව හෝ ලිංගික කාර්යය අතරතුරදි ලිංගික උත්තේජක ඖෂධ ගැනීම සිදු වෙනවා. මෙය සමලිංගික හෙවත් පිරිමි සහ පිරිමි අතර වගේම සංක්‍රාන්ති ලිංගිකයන් අතර සිදු වෙනවා.

සංක්‍රාන්ති ලිංගිකයන් විසින් ලිංගික උත්තේජක ඖෂධ භාවිත කරන්නේ ඇයි?

සංක්‍රාන්ති ලිංගිකයන් විසින් විවිධ අරමුණු වෙනුවෙන් ලිංගික උත්තේජක ඖෂධ භාවිත කිරීම සිදු වෙනවා.

  • සංක්‍රාන්ති ලිංගිකයන් ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට.
  • ලිංගිකව හැසිරෙන කාලය දීර්ඝ කිරීම.
  • ලිංගික හැසිරීම තීව්‍ර කිරීම.

ලිංගික උත්තේජක ඖෂධ භාවිත කිරීමට යොමු වීම නිසා අද කොන්ඩම් භාවිතය අවම වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා. එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස HIV සහ ලිංගික සම්ප්‍රේෂණ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වී තිබෙනවා.

පෝෂණ අතිරේක ලබා ගැනීම

ලිංගික උත්තේජක ඖෂධ වගේම හිතුමතය අනුව ලිංගික පෝෂණ අතිරේක ලබා ගැනීම නිසා අද විවිධ ගැටලු ඇති වී තිබෙනවා. ඔබ ලිංගික උත්තේජක ඖෂධ ලබා ගන්නවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් අනුව එය ලබා ගැනීම වැදගත්.

ඔබේ හිතුමනාපය අනුව ලිංගික උත්තේජක ඖෂධ ලබා ගැනීමේ ඇති අනතුරුදායක බැව් තවමත් ඔබ නොදන්නවා විය හැක.සමහර විට ඔබ වෙනත් රෝග තත්ත්වයක් සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබන අයෙකු විය හැක. වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී අපේ රෝග පිළිබඳ ඉතිහාසය,දැනට භාවිත කරන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීමක් සිදු වෙනවා.

නමුත් ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් මෙවැනි ලිංගික උත්තේජක ඖෂධ ලබාගත් විට ඔබ දැනට ලබා ගන්නා ඖෂධ සමග මෙම ලිංගික උත්තේජක ඖෂධවල ක්‍රියාකාරීත්වය ගැන දැනුවත් බවක් නොමැති වීම නිසා ඇති විය හැකි අතුරු සංකුලතාවයන් ඉතා බරපතල විය හැක. ඖෂධ අතර ඇති වන අන්තර් ක්‍රියා (Interaction) තත්ත්වය ගැන දැනුවත් බවක් නොමැති වීම වගේම මෙම ලිංගික ඖෂධයන්හි ගත යුතු මාත්‍රාව ඉක්මවා ගැනීම නිසා මරණය පවා ඇති විය හැක.

ලිංගික උත්තේජක ඖෂධ ගැනීම වෙනුවට

ඔබට ප්‍රීතිමත් ලිංගික කාර්යයක යෙදීමේ අවශ්‍යතාව ඇත්නම් ලිංගික උත්තේජක ඖෂධ වෙනුවෙන් වූ විකල්ප භාවිත කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබට අනුගමනය කළ හැකි පහසු කාර්යයන් තිබෙන බව අමතක කරන්න එපා.

පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර රටාව

ලිංගික ජීවිතයේ සාර්ථකත්වය සඳහා ආහාර මගින් ලැබෙන බලපෑම විශාලයි. ඔබේ ආහාර පිඟාන ප්‍රමාණාත්මක ලෙසින් වගේම ගුණාත්මකවත් සම්පූර්ණ වීම වැදගත්. ආහාර වෙනුවෙන් එළවළු සහ පලතුරු පරිමාව වැඩි වශයෙන් එක් කර ගැනීමෙන් ලිංගික ලෙසින් සාර්ථක එක්වීමක් වෙනුවෙන් අවශ්‍ය  පසුබිම නොදැනම පිළියෙල වෙනවා.

ව්‍යායාම

ව්‍යායාම මගින් සිරුරේ රුධිර සංසරණය උත්තේජනය වීමත් සමග රුධිර නාල විස්තාරණය වී රුධිර සැපයුම ක්‍රමවත්ව සිදු වෙනවා. මේ නිසා පුරුෂයන්ගේ ලිංගික ගැටලු වෙනුවෙන් ස්වාභාවික විසඳුමක් ලබා දෙන්නට ව්‍යායාම මහත් රුකුලක්.

නීරෝගී මනස

සමහර අවස්ථාවලදී මානසික ගැටලු නිසාත් ලිංගික බෙලහීනතාව ඇති වීමට පුළුවන්. එවැනි රෝගීන් සමග සාකච්ඡා කොට ඒ දුර්වලතාවන් වෙනුවෙන් මනෝ ලිංගික ප්‍රතිකාර ලබා දීම වැදගත්. ඒ වගේම ඔබට ලිංගික ගැටලු පිළිබඳ ප්‍රශ්න වෙතොත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග (STD clinic ) සායන වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගත හැක.

නමුත් අද බොහෝදෙනෙක් තමන්ගේ ලිංගික ගැටලු වෙනුවෙන් නිවැරදි උපදෙස් වෙත යොමු වීමට මැළිකමක් දක්වයි. ඔවුන් අනවශ්‍ය ලෙස උත්තේජක ඖෂධ වෙත යොමු වීම හැර වෙනත් විකල්පයක් දකින්නේ නැත. මේ අන්දමින් ඔවුන්ගේ වැරදි ලිංගික චර්යාවන්හි අවසාන ප්‍රතිඵලය වන්නේ ප්‍රතිශක්ති ඌනතා වෛරස ආසාදිත ( HIV) වීම හෝ ලිංගික සම්ප්‍රේෂණ රෝගියෙකු බවට පත් වීමයි.

2022 වසරේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනට වාර්තාව අනුව ශ්‍රී ලංකාව පුරා සිටි රෝගීන් 10250 ක් මෙම සායන වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඒ අතර සිෆිලිස් හෙවත් උපදංශ රෝගීන් 713 ක් හර්පීස් රෝගීන් 2213 ක් සහ ගොනෝරියා නොවන මුත්‍රා ප්‍රදාහ සහිත රෝගීන් 2450 ක් වාර්තා වී තිබේ. මේ අතර අලුතෙන් හඳුනාගත් HIV රෝගීන්ගේ සංඛ්‍යාව 694 කි. ශ්‍රී ලංකාව HIV ප්‍රවණතාවය අඩු රටක් වුණත් ලිංගාශ්‍රිත රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කිරීම

  • වයසට ගැළපෙන පරිදි ලිංගික අධ්‍යාපනය ලබා දීම.
  • අවදානම් ලිංගික චර්යාවන්ගෙන් වැළැකීම.
  • දරුවන් සහ මව්පියන් අතර හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීම.

මීට අමතරව සන්නිවේදන උපාංග භාවිත කරමින් නීරෝගී ලිංගික ජීවිතයක් වෙනුවෙන් ඇවැසි තොරතුරු සමාජගත කිරීම වැදගත්. ඩිජිටල් සමාජ මාධ්‍ය වේදිකා ඉලක්ක කරමින් නිවැරදි තොරතුරු සැපයීමේ අරමුණු මත ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් මගින් “know4sure.lk” නමින් වෙබ් පිටුවක් සහ සබැඳි මාධ්‍ය ජාලා හරහා නිවැරදි තොරතුරු ලබා දීම මෙන්ම උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් ලබා දීම, HIV ස්වයං පරීක්ෂාව වෙනුවෙන් කට්ටල මාර්ගගත ක්‍රමය යටතේ නිවසට ලබා ගත හැක.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: health, High fun, ලිංගික උත්තේජක
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?