නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කසන කසන තැන රතු වෙනවද -ඔයාටත් Tinea වෙන්න පුළුවන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කසන කසන තැන රතු වෙනවද -ඔයාටත් Tinea වෙන්න පුළුවන්

Published April 8, 2024

ටීනියා යනු දිලීරයක් මගින් සමේ ඇතිකරන ආසාදන තත්ත්වයකි. මෙය බොහෝ අවස්ථාවල “රිං වර්ම්” ලෙස හැඳින්වුවත් මෙය පණුවකුගෙන් ඇතිකරන රෝගයක් නොවේ. මිනිසා සතුන් ඇතුළු බාහිර පරිසරයේ පවතින “ඩර්මටොෆයිට්” ( Dermatopyte) නමැති දිලීර කාණ්ඩයක් මගින් ඇතිකරන මෙම රෝගය මෙම දිලීර මිනිසාගේ හිසකෙස්, නිය සහ සමෙහි බාහිර ස්ථරය තුළ වැඩෙමින් රෝගය පතුරුවයි.

මෙම රෝගයට ප්‍රධාන වශයෙන් ගොදුරුවනුයේ දෙපා, ඉකිලි කිහිලි සහ හිස්කබල යන ප්‍රදේශයන්හි වුණත් පසුව සිරුරේ ඕනෑම තැනකට මෙම රෝගය පැතිර යා හැකියි. මෙම රෝගය කැසීමක් සහිත රතු ළප ලෙස හටගනී. මෙම ලප මතුපිට සම ගැලවී යන ස්වභාවයකින් යුක්තයි. ලප මැද සුවවන අතර මුද්දක ආකාරයට රවුමක් ලෙස පැතිරීම මෙම රෝගය “රිංවර්ම්” ලෙස හැඳින්වීමට හේතුවයි.

ලපවල දාරය වඩාත් රතු පැහැති වන අතර ඇතැම් අවස්ථාවලදී ඉහළට එසවුණ බවක් හෝ වතුර බිබිලි වැනි ස්වභාවයක් දැකිය හැක. ඇතැම් රෝගී ලක්ෂණ සිරුරේ පැතිරී ඇති ස්ථානය අනුව යම් යම් වශයෙන් වෙනස් විය හැක. දෙපාවල ඇඟිලි කරු අතර හටගන්නා විට මෙය සමෙහි සුදු පැහැති ඝනවීමක් ලෙස දැකිය හැක.

සමහර විට අත්ල සහ පතුල්වල සුදුපැහැ සම ගැලවී යෑමක් ලෙසින්ද මේ රෝගය හටගනී. නිය සමෙන් වෙන්වීමත් නියපොතු අවපැහැ ගැනීමත් නියවල ටීනියා ආසාදන ඇති වූ විට දැකිය හැක.

රෝගය පැතිරීමට හේතු

ටීනියා රෝගය ප්‍රධාන වශයෙන් බෝවන්නේ ස්පර්ශය මගින්. රෝගය වැළඳුණ අයකු භාවිත කරන ඇඳුම්, පනාව, තුවා වැනි සම සමග සෘජුව ගැටෙන දේවල් මගින් තවත් අයකුට රෝගය බෝවිය හැක. ඊට අමතරව හවුලේ පරිහරණය කරන ගෘහ උපකරණ, ඇඳ ඇතිරිළි හා වැසිකිළි ආසන මගින් ටීනියා රෝගය බෝ විය හැක.

බල්ලන්, බළලුන් වැනි නිවසේ වාසය කරන සුරතල් සතුන් මගින්ද මිනිසුන්ට රෝගය බෝ වීමේ අවදානමක් ඇත.මෙම රෝගය ඕනෑම වයසක අයෙකුට ඇති වීමේ හැකියාව ඇතත් කුඩා දරුවන්ට හිස්කබල ආශ්‍රිත ටීනියා රෝග තත්ත්වය ඇතිවීමේ වැඩිි අවදානමක් ඇත.

රෝගය පැතිරීමේ අවදානම ඉහළ යන අවස්ථා

  • දහදිය දැමීම අධික කාලගුණ තත්ත්වයන්
  • සිරුරට තදවන කෘතිම ඇඳුම් ඇඳීම
  • ඇඳුම් වැනි පෞද්ගලික භාණ්ඩ හුවමාරු කරගැනීම
  • සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන රෝගවලින් පෙළීම
  • පුද්ගලික පිරිසිදුකම අඩුවීම
  • දියවැඩියා රෝග තත්ත්වයෙන් පසු වීම

රෝගය හඳුනා ගන්නා අන්දම

බොහෝ විට පළපුරුදු චර්ම රෝග වෛද්‍යවරයකුගේ සායනික පරීක්ෂාවකින් පමණක් රෝගය හඳුනාගත හැකි වුණත් ඇතැම් අවස්ථාවන්හිදී සමේ හෝ නිය මතුපිට ස්ථර සූරාගත් සාම්පල අන්වික්ෂයකින් පරීක්ෂා කර දිලීර හඳුනා ගැනීමක් අවශ්‍ය විය හැක.

ටීනියා රෝගය වෙනුවෙන් ප්‍රතිකාර

ටීනියා රෝගය දිලීර ආසාදනයක් බැවින් දිලීර නාශක ඖෂධ නියමිත කාලයක් නිසි පරිදි භාවිත කිරීමෙන් රෝගය මුළුමනින්ම සුව කරගත හැක. රෝගය පැතිරී ඇති ප්‍රමාණය අනුව ඔබ භාවිත කළ යුතු දිලීර නාශක ඖෂධ වර්ගය සහ බොන බෙහෙත් අවශ්‍යද නැතිද යන්න වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.

ඖෂධ භාවිතයේදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු අතර බොහෝ විට නොකඩවා මාස කීපයක් ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වේ. වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිකාර නැවැත්වීම මගින් රෝගය නැවත මතුවීමේ අවදානමක් ඇති වේ.

වෛද්‍ය උපදෙස් නොමැතිව ටීනියා ආසාදන සඳහා “ස්ටෙරොයිඩ්” ඖෂධ භාවිතකිරීම සුදුසු නැත. Betamethasone, Clobetasole වැනි ස්ටෙරොයිඩ් මිශ්‍ර දිලීර නාශක බොහෝ විට සමේ රෝග ලෙස ජනතාව මිළදී ගනු ලැබුවද ඒවා භාවිතය ටීනියා රෝගයට අහිතකර වේ.

එවැනි ආලේප මගින් රෝගය සිරුර පුරා පැතිරී යෑම මෙන්ම රෝග ලක්ෂණ වෙනස්වීම මගින් රෝගය හඳුනාගැනීම ප්‍රමාද විය හැක.රෝගය සම්පූර්ණයෙන්ම සුවකර ගැනීම සඳහා පවුලේ වෙනත් සාමාජිකයන්ද පරීක්ෂා කර ඔවුන්ට රෝගය බෝ වී ඇත්නම් ප්‍රතිකාර ලබාදිය යුතුය.

රෝගය උත්සන්න වීම හා රෝගය පැතිරීම වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස්

දිනපතා ස්නානය කිරීම

නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගැනීම

සියලුම ඇඳුම්පැළඳුම් වරක් ඇඳීමෙන් පසු සෝදා හිරු එළියෙන් වියළා පාවිච්චි කිරීම

ඇග පිස්නා ( තුවා ) දිනපතා සේදීම

කොට්ට උර, ඇඳ ඇතිරිලි නිතර සෝදා පිරිසිදුව තබාගැනීම

සිරුරට හිර නොවන කපු යට ඇඳුම් භාවිත කිරීම

ඇඳුම්, පනාව, රේසරය වැනි දේ පොදුවේ පාවිච්චි නොකිරීම

වැසිකිළිය දිනපතා සෝදා පිරිසිදු කිරීම

කොමඩ් භාවිත කරන්නේ නම් කොමඩ් කොලරය මත ටිෂූ කොළයක් අතුරා භාවිත කිරීම

දදය නිතර ඇල්ලීමෙන් වැළකීම

කකුලේ රෝගය ඇති අය පාවහන් පැළඳීම රෝගය පවතින කාලය තුළ පොදු සැලුන්, පිහිණුම් තටාක, රුපලාව්‍යාගාරවලට යෑමෙන් වැළකීම

පවුලේ අනෙක් සාමාජිකයන්ට සහ බල්ලන්, බළලුන් වැනි ගෙවැසි සතුන්ට රෝගය වැළඳී ඇති බව පරීක්ෂා කිරීම. සතුන්ට වැළඳී ඇත්නම් පශු වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර ලබාගැනීම

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: Dermatopyte, health, Tinea
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy2
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?