නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වියළි සමට ගැළපෙන මුල්තානා මිට්ටි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

වියළි සමට ගැළපෙන මුල්තානා මිට්ටි

Published March 25, 2024

මූණේ දැලි වෙනුවට මැටි ගාගමු

ආදි කාලෙ මේ ලෝකෙ වාසය කරපු සමහර කුමාරිකාවො, රැජිණියො තමන්ගෙ රූසපුව වැඩි කරගන්න කිරි, සුදු හඳුන්, මී පැණි වගේ දේවල්වලට අමතරව තවත් දෙයක් භාවිත කළා. ඒ තමයි මැටි. මැටි කියන්නෙ අපි ඔය කුඹුරුවලින්, ලිංවලින් ගන්න මැටි එහෙම නෙවෙයි. රූපලාවන්‍ය වෙනුවෙන් ලබාගන්න වෙනම මැට්ටක් තියෙනවා. ඒකට කියන්නෙ ‘මුල්තානා මිට්ටි’ කියලා. මුල්තානි මිට්ටි ගැන අහලා නැති ගෑනු ළමයෙක් ඉන්න විදිහක් නෑ. මුල්තානි මිට්ටි කියන එකේ තේරුම ‘මුල්තාන්හි මඩ’ කියන එක. මුල්තාන් කියන්නෙ පකිස්ථානයේ තියෙන නගරයක්. මෙන්න මේ නගරයෙන් තමයි මේ අරුම පුදුම මැට්ට මුලින්ම හොයාගෙන තියෙන්නෙ.

ඒ නිසා ඒක නගරෙ නමින්ම නම් කළා. මේ මැටි වර්ගය සරලවම කිව්වොත් ස්වභාවික බ්ලීච් එකක්. මුල්තානි මිට්ටි පාවිච්චි කරපු පළවෙනි දවසෙම ඔයාට ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. නමුත් හමේ ස්වභාවය එක්ක ප්‍රතිඵල එන කාලය වෙනස් වෙන්න පුළුවන්. මැටි කිව්වම අපේ නෝනලට අමුතුයි වගේ හිතුණට ඔය උජාරුවෙන් පාවිච්චි කරන සමහර ෆවුන්ඩේෂන්ස් එහෙමත් හදන්න ගන්නේ ස්වභාවික මැටි වර්ගම තමයි. මුල්තානි මිට්ටි කියන්නෙත් එහෙම විශේෂ මැටි වර්ගයක්.

එයින් සමට ලැබෙන ප්‍රයෝජන

මුල්තානි මිට්ටිවලට පුළුවන් අපේ සම ගැඹුරින් පිරිසිදු කරන්න. ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් ඒ තෙල් ගතිය අඩු කරගන්නත් මුල්තානි මිට්ටි ප්‍රයෝජනවත්. තෙල් සහිත සමට විතරක් නෙවෙයි ඕනම සමකට මුල්තානි මිට්ටි සුදුසුයි. මුල්තානි මිට්ටි එක්ක කලවම් කරන විවිධ ද්‍රව්‍යවලින් තමන්ගෙ සමට ගැළපෙන පෑක් එක හදාගන්න පුළුවන්.

මේ ෆේස් පැක් එක මුහුණට ඇප්ලයි කරලා විනාඩි 20ක් වගේ යද්දි මූණේ හොඳ වෙනසක් ඔයාලට බලාගන්න පුළුවන්. මූණට විතරක් නෙවෙයි මුළු ශරීරයටම මුල්තානි මිට්ටි භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුළු ශරීරයටම මේක ඇප්ලයි කරනවනම් හොඳයි. මොකද අව්වට පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරන්න මුල්තානි මිට්ටිවලට පුළුවන්. මුහුණේ කුරුලෑ, ලප කැළැල් එහෙම තියෙනවනම් මුල්තානි මිට්ටි ඒකටත් හොඳ විසඳුමක්. ඒ වගේම තුවාල කැලැල් මකාගන්නත් පුළුවන්.

වියළි, තෙල් සහ සාමාන්‍ය සමට ගැළපෙන මුල්තානි මිට්ටි පැක්ස්

ඔයාලා පාවිච්චි කරන වෙනත් ෆෙස් පැක් එකක් එක්ක කලවම් කරලා හෝ මුල්තානි මිට්ටි විතරක් එක්ක ෆෙස්පැක්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම මුල්තානි මිට්ටිවල විවිධ ෆ්ලේවර්ස් තියෙනවා කෝමාරිකා, සුදු හඳුන්, අලිගැටපේර, ගස්ලබු වගේ. ඔයාලට කැමතිනම් මේ ෆ්ලේවර්ස් වලින් භාවිත කරන්නත් පුළුවන්.

වියළි සමට ගැළපෙන ෆෙස්පැක් එක

මුලින්ම පිරිසිදු භාජනයක් අරගෙන මුල්තානි මිට්ටි තේ හැන්දක් භාජනයට දාගන්න. ඒකට රෝස වතුර තේ හැඳි දෙකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න.

ඇප්ලයි කරන විදිහ

ඔයාලට මේක පැක් බ්‍රෂ් එකක් ආධාරෙන් ආලේප කරගන්න පුළුවන්. එතකොට මූණේ හැමතැනම හොඳට ඇප්ලයි කරගන්න ලේසියි. බ්‍රෂ් එකක් නැත්නම් අතින් හරි පැක් එක ඇප්ලයි කරගන්න පුළුවන්. පැක් එක ඇප්ලයි කරගන්න ඕනේ උඩු අතට. මුහුණට විතරක් ඇප්ලයි කරනවනම් බෙල්ලටත් අනිවාර්යයෙන් ඇප්ලයි කරන්න ඕනෙ. විනාඩි විස්සක් යනකල් කතා කරන්න, කන්න බොන්න එපා. එහෙම වුණොත් මූණ රැළි ගැහෙනවා සහ ඊටපස්සේ පැක් එක මූණට සෙට් වෙන්නේ රැලිවල හැඩයට. පැක් එක හොඳින් මූණට ඇබ්සෝබ් වුණාම මැටි වියලුණාම ගන්න ස්වභාවයක් ගන්නවා.

ෆෙස්වොෂ් එපා

පැක් එක ඉවත් කරද්දි සබන් හෝ ෆේස් වොෂ් භාවිත කරන්න එපා. සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරගන්න. අවසානයේ ටිෂූ එකකින් හෝ ෆේස් ටවල් එකකින් මූණෙ තෙත මාත්තු කරගන්න. ඊටපස්සේ මූණ ටෝනර් කරගන්න ඕනේ. ටෝනර් එක හොඳින් මූණට උරාගත්තට පස්සේ ඔයාලා පාවිච්චි කරන මොයිස්චරයිසර් ලෝෂන් එකක් හෝ ඇලෝවේරා ජෙල් එකක් ගාගන්න පුළුවන්. ෆේස්පැක් එක රෑට දාගන්නවා නම් තමයි ගොඩක්ම හොඳ.

තෙල් සහිත සමට ෆෙස්පැක් එක

මුල්තානි මිට්ටි තේ හැන්දක්, දෙහි යුෂ ස්වල්පයක්, මී පැණි තේ හැන්දක්.

කුරුලෑ සහිත සමට

මුල්තානි මිට්ටි තේ හැන්දක්, දෙහි යුෂ ස්වල්පයක්, කොටාගත් කොහොඹ කොළ ස්වල්පයක් හා මින්ට් පවුඩර් තේ හැන්දක්.

ඔයාලට තියෙන්නේ මොන වගේ ස්කින් ටයිප් එකක්ද කියලා හොඳින් අඳුරගෙන ඉහත දේවල් තමන්ට ගැළපෙන විදිහට මිශ්‍ර කරලා පැක් එක හදාගන්න පුළුවන්. සතියට දෙපාරක් මේ පැක් එක දාලා බලන්න.

රූපලාවන්‍ය ශිල්පිණී
මාෂි නෙහන්සා
(Brisbella)

එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: beauty, Multana Mitti\, skin, මුල්තානා මිට්ටි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?