නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Tatoo දැකල චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Tatoo දැකල චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා

Published February 12, 2024

ටැටූස් කියන්නෙ ගෑනු පිරිමි බේදයක් නැතුව කවුරුත් ආස කරන කලාවක්. ඒත් මේ කලාව ගැන විවිධ අයගේ තියෙන්නේ විවිධ අදහස්. ඒකට හේතුව ටැටූ කියන්නෙත් එක්තරා ආකාරයක කලාවක් කියලා බොහෝ දෙනෙකුට තේරුම්ගන්න නොහැකි වීම. ඉතින් මේ ලස්සන කලාවට ආදරේ කරන, ආස කරන අය වෙනුවෙන් හරි විදිහට ටැටූ එකක් කරගන්නෙ කොහොමද, ටැටූ එකක් කරනකොට අවධානය යොමුකරන්න ඕන කරුණු ගැනයි මේ ලිපියෙන් ගේන්නෙ…

ටැටූ එකක් කරනවනම් මේ දේවල් ගැන දැනුවත් වෙන්න

ටැටූ එකක් කරන්න කලින් එකපාරට අදහසක් ආපු ගමන් ටැටූ එකක් නොකර ඒ ගැන හොයන්න ඕනෙ. මොකද ටැටූ එකක් කරන්නෙ ජීවිත කාලෙටමයි. තමන්ට ගැළපෙන ටැටූ විලාසිතාවක් හොයාගත්තට පස්සෙ කරන්න ඕනෙ ටැටූස් ගැන හොඳ Knowledge එකක් තියෙන ටැටූ ආටිස්ට් කෙනෙක්ව හොයාගන්න එක.

ටැටූ වලටම විශේෂිත ඩයිනමික් තීන්ත

ඩයිනමික් ටැටූස් සඳහා මුලින්ම යොදාගන්නෙ 1990 දි ඇමෙරිකාවෙදි. මේ තීන්ත හොයාගන්න කලින් පැරැන්නන් භාවිත කළේ පයින් පොතු, විනාකිරි, කෘමි බිත්තර සහ ලෝකඩ වලින් සකසාගත් තීන්ත වර්ගයක්. එය සමට කාවද්දාගැනීමට යොදාගනු ලැබුවේ රෝස කටු, මෝර දත් හා පෙලිකන් පක්ෂියාගේ අස්ථි වැනි මෙවලම්.

ඩයිනමික් එහෙමත් නැත්නම් ගතික තීන්ත කියන්නෙ දිගු කල් පවතින නිර්මාණ සඳහා භාවිත කරන තීන්ත වර්ගයක්. මෙය සමට පහසුවෙන් ගමන් කරනව වගේම ටැටූ එකක් කළාට පස්සෙ එහි අඳුරු පැහැය ඉස්මතු කරගන්නට ඩයිනමික් තීන්ත උදව් වෙනව. මේක Black  සහ Triple Black කියන වර්ණ දෙකෙන් එනවා. ලංකාවේ මිනිස්සුන්ගෙ සමේ වර්ණය අඳුරු පැහැයක් ගන්න නිසා අපි භාවිත කරන්නෙ Triple Black.

ටැටූ එක කරපු අලුත පරිස්සම් කරගන්නෙ මෙහෙමයි

ටැටූ එක කරල පළමු සතියේ සහ ජීවිත කාලෙම පරිස්සම් කරගන්න ඕන විදි තියෙනවා. පළමු සතියේ ටැටූ එක සබන්, ෂැම්පු වලින් ආරක්ෂා කරගන්න ඕනෙ. ටැටූ එක වතුරෙන් පිරිසිදු කරගත යුතුයි. නමුත් ගොඩවෙලාවක් වතුරට අල්ලගෙන ඉන්න හොඳ නෑ. බල්ලන්ගෙ, පූසන්ගෙ සූරාකෑම් වලින් ටැටූ එක පරිස්සම් කරගන්න ඕන. ඒ වගේම මුල් සතිය ඇතුළත ක්ලෝරීන් සහිත වතුරෙන්, මුහුදේ නෑම සිදු නොකළ යුතුයි. හිරු එළියත් අලුත් ටැටූස් වලට අහිතකරයි. නමුත් හිරු එළියෙන් ආරක්ෂා වෙන්න Sun Cream ගෑවෙත් වෙන්නෙ දූවිලි තැන්පත් වෙන එකග ඒ නිසා ටැටූ එක කරල සතියක් යනකල් Long Sleeves ඇඳුම ඇඳීම වැදගත්.

ටැටූ එකට විසබීජයක් ගියොත් හොඳ වෙන්න මාස තුනක් යනවා

ටැටූ ආටිස්ට් ටැටූ එක කරද්දි ග්ලවුස් පැළඳීම අනිවාර්යයි. මොකද ටැටූ එකට විසබීජ ගිහින් තුවාලයක් හැදුණොත් ඒක හොඳ වෙන්න මාස තුනක් විතර යනවා. එක එක්කෙනාගෙ ශරීරයේ තත්ත්වය අනුව සුව වෙන්න කල්ගතවීම වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම ටැටූ එක කළාට පස්සෙ Skin Wrap එකක් භාවිත කළ යුතුයි. මේ දේවල් තියෙන්නේ ටැටූ ආටිස්ට්ගෙ අතේ.

ටැටූ එක හරියට සුවපත් වෙන්න දින 45 ක් යනවා

ටැටූ කරනව කියන්නෙ සම සිදුරු කර තුවලයක් ඇති කිරීමක්. මේක හරියටම හොඳ වෙන්න දවස් 45 ක් විතර ගතවෙනව. ටැටූ එක කරල දවස් හතරකින් වගේ තුවාලයක පොත්ත ගැලවෙනව වගේ ටැටූ එකේ උඩ සිවිය ගැලවිලා යනව. මේ සිවිය බලෙන් ඉවත් කරන්න හොඳ නෑ. ස්වභාවිකවම ගැලවී යාමට ඉඩ දිය යුතුයි.

වියළි සමක් සහිත කෙනෙක් ටැටූ එකක් කරනවනම්

වියළි සමක් සහිත කෙනෙක් ටැටූ එක කරන්න කලින් මොයිස්චරයිසර් එකක් හෝ වැස්ලින් එකක් ගල්වා සම මෘදු කර ගැනීමෙන් අනතුරුව ටැටූ එක කරනවනම් හොඳයි.

ජීවිත කාලෙම ටැටූ එක රැකගන්න

After care එකක් ජීවිත කාලෙම භාවිත කළ යුතුයි. සමේ පළමු ස්ථරයට ප්‍රතිකර්ම කරන විදිහ අනුව තමයි තීන්ත දෙවෙනි ස්ථරයට උරාගන්නෙ. ඉතින් ටැටූ එක හරියට ලස්සනට පේන්න රසායනික ද්‍රව්‍ය අඩංගු නැති After care එකක් භාවිත කිරීම වැදගත්.

ටැටූ කටු

ටැටූ ගහන ඉදිකටුවක මිල ඉතාම අඩුයි. ඒත් දත්බුරුසුව වගේ ඉක්මණින්ම සවුත්තු වෙනවා. එතකොට සියුම්ව නිවැරදිව ඉරක් ගහන්නවත් බෑ. අනිත් කාරණාව එහෙම වියැකුණු කටුවකින් ගැහුවම වේදනාවක් දැනෙනවා. ඒ නිසා එක ටැටූ එකකට සාමාන්‍යයෙන් ඉදිකටු හතරක් පහක් පාවිච්චි කරන්න වෙනවා. Quatat කියන ඉදිකටුව තමයි දැනට ලංකාවේ තියෙන ප්‍රමිතියෙන් වැඩිම ඉදිකටුව.

ටැටූ නිර්මාණ ශිල්පී
සචී පෙරේරා
(Aloka Tattoos)

එරංදි කෞශල්‍යා ✍️





 

TAGGED: Fashion, Skin Wrap, Sun Cream, tatoo, Triple Black
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?