නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවාගේ වෘෂණ කෝෂ ගැන බලන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

දරුවාගේ වෘෂණ කෝෂ ගැන බලන්න

Published January 29, 2024

පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ වර්ධනය ඔවුන් මව් කුසසිටින කාලයේදීම වර්ධනය වීමට පටන් ගන්නවා. මුල් කාලයේදී මෙය බිලිඳාගේ උදර කුහරයේ ආරම්භ වෙලා එය ක්‍රමයෙන් වෘෂණ තුළට පැමිණෙනවා.

අවිනිශ්චිත වෘෂණ කෝෂයක්

අපි අවිනිශ්චිත වෘෂණ කෝෂයක් යනුවෙන් හඳුන්වන්නේ උපතට පෙරාතුව ශිෂ්ණයට පහළින් එල්ලෙන සම මල්ලේ නිසි ස්ථානයට පැමිණියේ නැත්නම් එය අවිනිශ්චිත වෘෂණ කෝෂයක් යනුවෙන් හැඳින්වෙනවා.සමහර විට මෙය එක් වෘෂණ කෝෂයක් සම්බන්ධයෙන් වගේම වෘෂණ කෝෂ දෙක සම්බන්ධයෙනුත් බලපාන්න පුළුවන්.

අවිනිශ්චිත වෘෂණ කෝෂ වෙනුවෙන් අවදානම ඇති පිරිමි දරුවන් කවුද?

ඔබේ පුතාගේ උපත නොමේරූ දරු උපතක් ලෙස සිදු වුණොත් ඒ දරුවාට අවිනිශ්චිත වෘෂණ කෝෂ තත්ත්වයක් ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.සමහර විට මේ තත්ත්වය ප්‍රතිකාර නොලබාම සුවය ලබන්නත් පුළුවන්. බොහෝ විට මේ තත්ත්වය මුල් මාස හතරක් පමණ වනවිට ප්‍රතිකාර නොමැතිවම නිසි ස්ථානයට ගමන් කරනවා. නමුත් සුළු ප්‍රතිශතයක දරුවන්ගේ ඒ අන්දමට නිසි ස්ථානයට වෘෂණ කෝෂය ගමන් කරන්නේ නැහැ.

එවැනි අවස්ථාවකදී කළ යුත්තේ මොනවාද?

මේ ගැන මව්පියන්ගේ අවධානය අවශ්‍ය වෙනවා. ඔබේ පිරිමි දරුවා උපත ලබා මාස හතරක් පමණ වෙන විටත් වෘෂණය කෝෂයට නොගියේ නම් වෛද්‍ය උපදස් ලබා ගැනීම වැදගත්. ඒ වගේම ඔබේ දරුවාගේ වෘෂණ කෝෂයන්හි යම් අසාමාන්‍යතාවක් දුටුවොත් ඒ ගැන නොසලකා සිටින්නත් එපා.

අවිනිශ්චිත වෘෂණ කෝෂ ඇතිවන්නේ ඇයි?

අවිනිශ්චිත වෘෂණ කෝෂ ඇතිවීමට නිශ්චිත හේතුවක් නැහැ. නමුත් විවිධ හේතු නිසා අවිනිශ්චිත වෘෂණ කෝෂ තත්ත්වයන් ඇති වීමට පුළුවන්.

ජාන විද්‍යාත්මක සාධක

මාතෘ සෞඛ්‍යය

පාරිසරික සාධක

වෘෂණ කෝෂවල වර්ධනයට බලපාන හෝර්මෝන

ශාරීරික වෙනස්කම්

ස්නායු ක්‍රියාකාරීත්වයේ අඩාල වීම්

අලුත උපන් දරුවකු තුළ වෘෂණ කෝෂ ඇතිවීම

පිරිමි දරුවකු සම්බන්ධයෙන් අවිනිශ්චිත වෘෂණ කෝෂ තත්ත්වයන් ඇතිවීමට බලපාන විවිධ සාධක තිබෙනවා. ඒ අතර

අඩු උපත් බර ඇති දරුවන්

නොමේරූ දරුවන්

අවිනිශ්චිත වෘෂණ කෝෂවල පවුල් ඉතිහාසය ඇති දරුවන්

ලිංගික වර්ධනයේ වෙනත් ගැටලු

ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය

ගර්භණී කාලයේදී මව මත්පැන් පානය කිරීම

ගර්භණී කාලයේදී මව සිගරට් පානය කිරීම

අවිනිශ්චිත වෘෂණ කෝෂ නිසා ඇතිවිය හැකි සංකුලතාවන් මොනවාද?

වෘෂණ කෝෂයක් නිසි පරිදි වර්ධනය වීමට නම් ඒවා සාමාන්‍ය ශරීර උෂ්ණත්වයට වඩා තරමක් සිසිල් වීම අවශ්‍යයි. වෘෂණ කෝෂයකින් මේ සිසිල් පරිසර තත්ත්වය ඇති කරනවා. නමුත් වෘෂණ කෝෂය මගින් ඒ අන්දමේ සිසිල් පරිසර තත්ත්වය ඇති නොවුණ විට විවිධ සංකුලතාවන් ඇතිවෙනවා.

එවැනි අවදානම් මොනවාද?

වෘෂණ කෝෂ පිළිකාවන් ඇතිවීමේ අවදානමක් අවිනිශ්චිත වෘෂණ කෝෂ නිසා ඇතිවන්න පුළුවන්. වෘෂණ කෝෂයක ඇතිවන පිළිකාවන් සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ නොමේරූ ශුක්‍රාණු නිපදවන වෘෂණ කෝෂයේ සෛලවලයි. නමුත් තවමත් මේ අන්දමින් වෘෂණ කෝෂ සෛල පිළිකා තත්ත්වයකට පත් වන්නේ කෙසේදැයි කියන තත්ත්වය පැහැදිලි නැහැ.

උදරයේ ඇති අවිනිශ්චිත වෘෂණ කෝෂ සම්බන්ධයෙන් වැඩි අවදානමක්

වෘෂණ කෝෂ පිළිකා ගැන සඳහන් කරන විට ඉඟටිය ප්‍රදේශයේ පිහිටි වෘෂණ කෝෂයන්ට වඩා උදරයේ පිහිටා තිබෙන අවිනිශ්චිත වෘෂණ කෝෂ සම්බන්ධයෙන් මේ අවදානම වැඩියි. ඒ නිසා කල් තබා මේ තත්ත්වය හඳුනාගෙන ශල්‍යකර්මයක් මගින් එම අවිනිශ්චිත වෘෂණ කෝෂ ඉවත් කරගැනීම ඉතාම වැදගත්.

ශුක්‍රාණු පිළිබඳ ගැටලු

පරම්පරාවක් බිහි කිරීමේදී පුරුෂ ශුක්‍රාණු මගින් වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඒ නිසා දරුවන් නොලැබීමේදී කාන්තාවන්ට පමණක් එය සීමා කරන්න බැහැ. සාඵල්‍යතාවයේදී පිරිමි ශුක්‍රාණුවල ගුණාත්මක බව දරු පිළිසිඳ ගැනීමේ කාර්යේදී වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. ඒ නිසා අවිනිශ්චිත පුරුෂ ශුක්‍රාණු නිසා දරුවන් ලැබීමේ විවිධ ගැටලු ඇතිවීමට පුළුවන්.

ශුක්‍රාණු ගිණුමේ ධාරිතාව

එහි සක්‍රිය ශුක්‍රාණු ප්‍රතිශතය


වැනි ගැටලු අවිනිශ්චිත වෘෂණ කෝෂ තත්ත්වය නිසා ඇතිවන්න පුළුවන්. ඒ තත්ත්වය මත අද ඔබේ දරුවාට අනාගතයේ දරුවන් පිළිසිඳ ගැනීමේදී සරුබව පිළිබඳ ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා.

වෘෂණ කෝෂ හා ශුක්‍රාණු නාල ඇඹරීම

වෘෂණ සම්බන්ධව කතාකරන විට රුධිර වාහිනී, ස්නායු සහ වෘෂණ කෝෂයේ සිට ශිෂ්ණය දක්වා ශුක්‍රාණු රැගෙන යන නාලය යන පද්ධතියක් තිබෙනවා. වෘෂණයට රුධිරය රැගෙන යන රුධිරවාහිනීවල ලේ ගමනාගමනය අවහිර වීම නිසා වෘෂණයට රුධිරය සැපයුම මදි වනවා. ඕනෑම අවයවයකට රුධිර සැපයුම නැති වුණාම ඒ අවයවයේ ක්‍රියාකාරීත්වය නැති වනවා. වෘෂණ කෝෂ සම්බන්ධයෙනුත් ඒ තත්ත්වය ඒ විදිහටම ඇතිවනවා. රුධිර සැපයුම නැති නිසා වෘෂණ කෝෂ මිය යන තත්ත්වයක් ඇති වෙනවා.

අවිනිශ්චිත වෘෂණ කෝෂ සම්බන්ධව

ඔබේ පුතාට අවිනිශ්චිත වෘෂණ කෝෂ තත්ත්වයක් ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්. ඔබේ දරුවා පරීක්ෂා කරන වෛද්‍යවරයා විසින් රෝග විනිශ්චයෙන් පසුව ප්‍රතිකාර වෙත යොමු කරනවා.

ශල්‍යකර්මයක් මගින්

බොහෝ විට මේ වෙනුවෙන් ශල්‍යකර්මයක් මගින් සිදුකරන ප්‍රතිකාර නියම කිරීම සිදුවනවා. මේ වෙනුවෙන් විකල්ප ශල්‍යකර්මයක් තෝරාගැනීමට පුළුවන්.

ලැපරොස්කොපි

විවෘත ශල්‍යකර්මය

ලැපරොස්කොපි ශල්‍යකර්මය

ලැපරොස්කොපි ශල්‍යකර්මයේදී දරුවාගේ උදරය හරහා කුඩා කැමරාවක් ඇතුළු කරනවා. මේ කැමරාව මගින් දරුවාගේ අභ්‍යන්තර උදර වෘෂණ කෝෂයක් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. සමහර විට මේ කැමරාව හෙවත් ලැපරොස්කොපි තාක්ෂණය ඔස්සේම අවිනිශ්චිත වෘෂණ කෝෂ සම්බන්ධයෙන් පවතින වැරදි නිවරැදි කරන්නත් හැකියාව තිබෙනවා.

ලැපරොස්කොපි ශල්‍යකර්මය මගින් නිවරැදි කිරීමට නොහැකි වුණොත්?

එවැනි අවස්ථාවක අවිනිශ්චිත වෘෂණ කෝෂ නිවරැදි කිරීමට අපහසු තත්ත්වයක නම් ඒ වෙනුවෙන් වූ විකල්ප ප්‍රතිකාර ලෙස විවෘත ශල්‍යකර්මයක් වෙත වෛද්‍යවරයා යොමු වෙනවා. මෙහිදී උදරය හෝ ඉඟටිය ප්‍රදේශය කෙලින්ම විවෘත කිරීමෙන් සිදුකරන ශල්‍යකර්මයක ආධාරයෙන් අවිනිශ්චිත වෘෂණ කෝෂ සම්බන්ධයෙන් පවතින වැරදි නිවරැදි කරනවා. මෙලෙස වෘෂණ කෝෂයන්හි පිහිටීමේ යම් යම් වැරදි තත්ත්වයන් ඇතොත් ඒවා අදාළ වයසේදීම නිවරැදි කරගැනීම ඉතාම වැදගත් වනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: health, Indeterminate testes, ලිංගික, වෘෂණ කෝෂ, ශුක්‍රාණු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?