නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාගේ බබත් Fussy eaters කෙනෙක්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඔයාගේ බබත් Fussy eaters කෙනෙක්ද

Published January 22, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දරුවකුට මුල් මාස 4 – 6 දක්වා කාලයේ මව්කිරි ලබාදීම අත්‍යවශ්‍ය බවත් එයින් පසුව ඔවුන්ට ඝන ආහාර පටන් ගැනීම සිදුකළ යුතු බවටත් නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම ඝන ආහාර පටන්ගෙන වසරක් පමණ යනතුරු ඝන ආහාර සමග මව්කිරි ලබාදීමත් සුදුසුයි.නමුත් අපේ අම්මලාට දරුවාට මව්කිරි පමණක් ලබාදෙන කාලයේදී ඇති නොවූ ගැටලු බොහොමයක් ඝන ආහාර පටන් ගැනීමත් සමගම ඇතිවනවා. මේ නිසාම මව්පියන් අතරේ නිතරම ඇත්තේ කනස්සල්ලක්.බබා කන්නේ නැහැ. දවසක් කෑවොත් අනිත් දවසේ බඩේ අජීර්ණයක්. ඉතින් මේ වගේ ගැටලු මව්පියන්ට පොදුයි. හැබැයි ඉතින් මේ ප්‍රශ්නවලටත් පිළිතුරු තිබෙනවා.

ඝන ආහාර ලබාදීම…

දරුවාගේ වයස අවුරුද්දක් පමණ වෙන තෙක් ඝන ආහාර සමග මව්කිරි ලබාදීම වැදගත්. මුලින්ම ඝන ආහාර පටන් ගැනීමේදී බත් ගා සකස් කරගත් බත් තලපය සුදුසුයි. එයට මව්කිරි ස්වල්පයක් එකතු කරන්න. මේ තලපය සමග දවසට එක වේලක් ඝන ආහාර ලබා දෙන්න. නමුත් දරුවා හොඳින් ඝන ආහාර අනුභව කරනවා නම් දවසට දෙවේලක් ලබා දීමට කටයුතු කරන්න.

එකාකාරව එපා…

වැඩිහිටියන් විදිහට අපිත් හැමදාම එකකාකාර විදිහට සකස් කරන ආහාරපාන වෙනුවෙන් කැමැත්තක් නැහැ. ඉතින් පුංචි දරුවන්ටත් ඒ තත්ත්වය සාධාරණයි. අම්මලා විදිහට දින තුනකට වරක්වත් දරුවාගේ ආහාරය වෙනස් කරන්න.

කොහොම වෙනස් කරන්නද?

දරුවන්ගේ ආගන්තුක පුංචි බණ්ඩියට ආහාර ලබා දීමේදී වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්. ඒ නිසාම මව්පියන්ට දරුවාගේ ආහාර වේලට අලුතින් එකතු කළ යුත්තේ මොනාවදැයි යන්නත් ගැටලුවක්. නමුත් මේ දරුවාගේ ආහාරයේ විවිධත්වය වෙනුවෙන් විවිධ ආහාර එකතු කිරීම සුදුසුයි.

අල, කැරට් තම්බා ගෙන සාදාගත් තලපයක්

තවත් සති දෙකක් පමණ වන විට මාළු, හාල්මැස්සන් වැනි දේ තම්බා පොඩි කරගෙන පැටියාගේ ආහාර වේලට එකතු කරන්න අවසර තිබෙනවා.


පුංචි පැටියාගේ ඝන ආහාර කාලසටහන දැන් මාසයක් පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වෙන විට ඝන ආහාර වේල් තුනක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ඊට අමතරව බටර්, පොල් කිරි සහ පොල්තෙල් දරුවාගේ ආහාරයට එකතු කිරීමට බියක් දක්වනවා. නමුත් මේවා ශක්තිජනක ආහාර නිසා දරුවාගේ ආහාරයට එකතු කිරීමට බිය විය යුතු නැහැ.

ඒත් සමගම ධාන්‍ය, පලතුරු සහ එළවළු පැටියාගේ ආහාරයට ටික ටික එකතු කරන්න. ඒත් ලුණු සහ සීනි පැටියාගේ ආහාරයට එකතු කිරීම සුදුසු නැහැ. බොහෝ මව්වරු දරුවාගේ ආහාරය රස ගැන්වීම පිණිස ලුණු සහ සීනි එකතු කරනවා. නමුත් එය සුදුසු නැහැ.

නුසුදුසු ඇයි?

ඉතින් මේ සංයෝග දරුවාගේ ආහාරයට සුදුසු නැහැ කිව්වත් ඒ ඇයි කියලා දැනගැනීම වැදගත්.දරුවාගේ වකුගඩුව වර්ධනය වනවිට ඔහුට වසරක් පමණ ගතවනවා. ඒ නිසා එතෙක් දරුවාගේ ආහාරයට ලුුණු එකතු කිරීම අවශ්‍ය නැහැ. මාස 7- 8 ක් ගෙවෙන විට බිත්තරයක් ලබාදෙන්න පුළුවන්.

දැන් අවුරුද්දක් ගෙවුණා…

මේ වනවිට දරුවාට ඝන ආහාර වේල් තුන සමග මව්කිරිත් ලැබෙනවා. දැන් අමතර ආහාර වේලක් ලබාදෙන්නත් කාලය ඇවිත්.

අමතර ආහාර විදිහට දෙන්නේ මොනවාද?

බිත්තරයක්

බටර් සමග අල ගෙඩියක්

කෙසෙල් ගෙඩියක්

යෝගට් එකක්


කවනවා කියන්නේ සැබෑම යුද්ධයක්, සීතල ආහාර දෙන්න බයයි…

බොහෝ විට පරම්පරාවෙන් ලැබෙන රෝගාබාධත් දරුවාට බලපානවා. ඔබේ පවුලේ පීනස, සෙම රෝග තත්වයන්ගේ බලපෑමක් තිබෙනවා නම් ඇමුල් කෙසෙල්, අලිපේර, අනෝදා වැනි සීතල ආහාර දරුවාටත් අගුණ වෙන්න පුළුවන්. මේ තත්ත්වය හැම විටම සිදුවන්නේ නැහැ. ඒත් සීතල යැයි සිතන ආහාරයක් ගැනීමෙන් පසු දරුවාට කැස්ස, පීනස තත්ත්වයක් ඇතිවනවා නම් එවැනි ආහාර සීමා කරන්න.

අසනීප වුණොත්?

දරුවන් අසනීප වුණාම ආහාර වෙනුවෙන් රුචිකත්වයක් දක්වන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී දරුවාගේ බර අඩුවීමට පුළුවන්. ඒ නිසා ඝන ආහාර ලබාදීම සුදුසුයි.අසනීප නිසා ආහාර නොලබන දරුවාගේ බර තීරුව අනුව බර අඩුවෙන ප්‍රවනතාවක් නැත්නම් කලබල විය යුතු නැහැ.

Fussy eaters – සමග ගනුදෙනු කරමු

හැම දරුවකුටම ආහාර කැවීම ලෙහෙසි පහසු නැහැ. එය එක්තරා ආකාරයක පුංචි යුද්ධයක්. සමහර විට දවසට කිලෝ මීටරයක් පමණ අම්මා එහා මෙහා ඇවිදිනවා. දරුවාගේ ආහාර භාජනය සමග ඇවිදමින් කවනවා. එවැනි දරුවන් අපි “Fussy eaters ” යනුවෙන් හඳුන්වනවා.

එහෙම නැත්නම් රූපවාහිනිය හෝ ජංගම දුරකථනයක් අතට දෙනවා. අම්මලා හිතන්නේ උගුරෙන් පහළට ගියාම දිරවනවා ඒ හින්දා කෙසේ හෝ මේ ආහාර භාජනය හිස් කරගත්තාම ඇති කියලා වුණත් ඒ සිතුවිල්ල වැරදියි. දරුවාගේ ආහාර උදරයට ගියත් ඔවුන්ගේ බුද්ධි වර්ධනය ගැනත් මේ කාලයේදී සිතන්න ඕන. ඒ නිසා ඔබ දරුවාට ආහාරපාන ලබාදෙන විට මේ පුරුදු අනුගමනය කරන්න.

වැඩිහිටියන් විදිහට අපට ආහාරපාන ගැනීමේදී නිසි ස්ථානයක් තිබෙනවා. දරුවාටත් එවැනි ස්ථානයක් සූදානම් කරන්න. එතැන රූපවාහිනිය හෝ ගුවන් විදුලියක් තබන්න එපා. එවිට දරුවාගේ අවධානය වෙනස් වෙනවා.මව්පියන් කාර්යබහුල බව ඇත්ත. ඒ නිසා හදිසියේ දරුවාට කවාපොවා අවසන් කිරීමට යොමුවුණත් ඔබගේ දරුවාගේ බුද්ධි වර්ධනය වෙනුවෙන් යම් කැප කිරීමක් අවශ්‍ය වනවා. ඒ නිසා

දරුවා සමග කතා කරමින් කවන්න

දරුවා සමග සන්නිවේදනය ගොඩනගා ගන්න

දරුවාගේ අවධානය ඔබ වෙත තබාගන්න

දරුවාට කතන්දරයක් හෝ සින්දුවක් කියමින් කවන්න

දරුවාට බත් අනාගන්න ඉඩ දෙන්න

දරුවාගේ ආහාරය වර්ණවත්ව සහ විවිධත්වයෙන් සකස් කරන්න

දරුවා කැමැති ස්වභාවයෙන් ආහාර ( Texture) ලබාදෙන්න

උදරාබාධ වළක්වා ගන්න…

බොහෝ විට මේ කාලයේදී දරුවන් ඉතා පහසුවෙන් උදරාබාධයන්ට ගොදුරු වනවා. ඒ තත්ත්වය ආහාර නිසා ඇතිවන බැව් මව්පියන් සිතුවත් බොහෝ විට අපේ ප්‍රමාදය නිසා දරුවාට උදරාබාධ ඇතිවන්න පුළුවන්. ඒ නිසා මේ ගැනත් සිතන්න.

දරුවාගේ ආහාර පාන භාජන වෙන්කර තබන්න

හැම විටම ඒවා පිරිසිදුව තබාගැනීම වැදගත්

දරුවාට ආහාරපාන ලබාදීමට පෙරාතුව ඔබේ දෑත් හොඳින් සෝදා පිරිසිදු කරගන්න

මව්පියන් විදිහට ඔබ මේ ගැනත් සැලකිළිමත් වුණොත් ගෙදර දරුවාගෙ ආහාර පාන ලබාදීමේදී නිවසේ තිබෙන පුංචි යුද්ධය පහසුවෙන්ම විසඳා ගැනීමේ හැකියාවක් ලැබේවි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️







 

TAGGED: Fussy eaters, health, kavinda daysisri, Texture
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?