නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හොලිවුඩයෙන් ආ RED CARPET FACIAL
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

හොලිවුඩයෙන් ආ RED CARPET FACIAL

Published January 22, 2024
Red Carpet කියපු ගමන්ම අපේ ඔළුවට එන්නෙ ලොකු ලොකු සම්මාන උත්සවවල සම්මාන ශාලාවට ඇතුළු වෙනකල්ම නළු නිළියන් වෙනුවෙන් එලලා තියෙන රතු පාට වෙල්වට් පලසනෙ. මේ රතු පලස දිගේ ඇවිදගෙන යන දිනේදි කවුරුත් එන්නෙ වෙනදට වඩා ගොඩාක් ආකර්ෂණීය විදිහට. තමන්ටම කියල කස්ටමයිස්ඩ් කරගත්තු ලස්සන ඇඳුමක් ඇඳගෙන, ලස්සනම ලස්සන මේක්අප් එකක් දාගෙන. විලාසිතා, රූපලාවන්‍ය සම්බන්ධ දේවල් දවසින් දවස අප්ඩේට් වෙන ලෝකෙ මේ Red Carpet  එකට ගොඩවෙන සෙලිබ්‍රිටීස්ලා වෙනුවෙන්ම වෙන් වෙච්ච ෆේෂල් එකක් තියෙනවා කිව්වොත් ඔයා පුදුම වෙයි. ඒකට කියන්නෙත් Red Carpet  Facial කියලා. ඒත් ඉතින් රෙඩ් කාපට් එකට ගොඩවෙන අයම විතරක් මේක කරන්න ඕන කියල එකක් නෑ. Red Carpet  Facial වර්ගයනම් ටිකක් මිලෙන් අධිකයි. හැබැයි ඉතින් පීනන්න තරමට සල්ලි හම්බකරන හොලිවුඩ්වල මේක ජනප්‍රියතම ෆේෂල් එකක් වෙලා තියෙන්නේ එයාලටනම් මේකට වියදම් වෙන ගාණ ඉතාම සුළු මුදලක් නිසා වෙන්නැති. කොහොමවුණත් ඉතින් හොලිවුඩයට කැප ඒවා අපිට අකැප වෙන්න විදිහක් නැති නිසා අපේ අයටත් කරගන්න පුළුවන්කමක් තියෙනවනම් මේ ගැන දැනුවත් වෙන එක වටිනවනෙ.

මොකද්ද මේකෙන් වෙන්නෙ?

Red Carpet  Facial එකෙන් වෙන්නෙ සම ගැඹුරින්ම පිරිසිදු කරලා දීප්තිමත් සමක් ලබාදෙන එක. මුලින්ම කියන්න ඕනෙ ගාණ ටිකක් වැඩි වුණත් ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන ෆේෂල් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මූණෙ තියෙන පිග්මන්ටේෂන්, වයස්ගත පෙනුම, කඩතොලු නැති කරගන්න වගේම නිතරම විඩාබර පෙනුමක් තියෙන කෙනෙක්ට ඒ පෙනුම සදහටම නැතිකරගන්න කියාපු ෆේෂල් එකක් තමයි මේක.

ෆේෂල් එකට කලින් මේ දේවල් කරන්නම ඕනෙ…

ෆේෂල් එක කරන්න කලින් මුලින්ම කරන්නෙ මේ ෆේෂල් එක අවශ්‍ය කෙනාගේ ආසාදන පරික්ෂාවක් කරන එක. ඒකෙන් පස්සෙ තමයි රෙඩ් කාපට් ෆේෂල් එක කරන්නෙ.පළවෙනි පියවර විදිහට සමේ තියෙන කුණු, දූවිලි සහ මැරුණු සම එන්සයිමයක් මගින් අයින් කරන එක තමයි කරන්නෙ.

දෙවෙනි පියවර විදිහට LED light ප්‍රතිකාරයෙන් සමේ සෛල ක්‍රියාකාරීත්වය වර්ධනය කර සමට තෙතමනය සහ ශක්තියක් ලබාදෙනවා. තුන්වෙනි පියවරෙන් කරන්නෙ ලේසර් ප්‍රතිකාරයෙන් සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කර සමේ සිදුරු ඉතා හොඳින් පිරිසිදු කරන එක. අවසානයේ පෙප්ටයිඩ් මාස්ක් එකක් දාලා වැඩේ ඉවර කරනවා. පෙප්ටයිඩ් මාස්ක් එකෙන් තමයි ග්ලාස් එකක් වගේ දිලිසෙන පෙනුමක් සමට ලැබෙන්නෙ.

සම්බාහන ක්‍රියාවලිය…

මේ සම්බාහනය මගින් මුහුණේ මාංශ පේශි මත පීඩනය යොදනකොට මුහුණට නිකන්ම ව්‍යායාමයකුත් ලැබෙනවා. මේ සම්බාහනය කරන්නෙ ඇඟිලි දෙකකින්. බෙල්ල, නළල, කම්මුල් සහ හකු ගැඹුරින් මෙහිදී සම්බාහනය කරනවා. මුහුණේ සම්බාහනය වසා පද්ධතිය උත්තේජනය කරන්නට උපකාරී වන අතරම විෂ ද්‍රව්‍ය සහ අතිරික්ත තරල ඉවත් කිරීමත් වේගවත් කරනවා.

ප්‍රතිඵල එන්නේ කොයි කාලෙද?

ප්‍රතිකාර කිරීමෙන් පසු මුහුණේ දිදුලන බවක් ඔයාට දකින්න පුළුවන්. ෆේෂල් එකෙන් පැය කිහිපයකට පස්සෙ හරි ඊළඟ දවසෙ හරි මුහුණේ තියෙන අලංකාර, වෙනස් පෙනුමක් ඔයාටම බලාගන්න පුළුවන්.

මාස තුනකට සැරයක්වත් කරන්න ඕනෙ…

ෆේෂල් එක කරපු ගමන් පෙනුම සාමාන්‍යයෙන් සතියක් පමණ පැවතුණත් මාස දෙකක් පමණ සුන්දර දීප්තියක් සහ තරුණ පෙනුමක් මුහුණේ රැඳිලා තියෙනවා. මාස තුනකට සැරයක්වත් මේ Red Carpet  Facial එක කරගන්න පුළුවන්නම් ඔබේ තාරුණ්‍ය හැමදාම පවත්වගන්න පුළුවන්.

අතුරු ආබාධ නෑ…

රෙඩ් කාපට් ෆේෂල් එකෙන් අවම සුළු ඉදිමීමක් සහ රතු පැහැයක් හැරුණුකොට සැලකිලිමත් වියයුතු වන අතුරු ආබාධයක් නෑ. මේ ෆේෂල් එක අවුරුදු 25 න් පස්සෙ ඕනම පුද්ගලයෙකුට සුදුසුයි. රෙඩ් කාපට් ෆේෂල් එකෙන් පුළුවන් ඔයාට නිරන්තරයෙන්ම කැමරාවට සූදානම් වුණ මුහුණක් තියාගන්න.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
මාලිංග ප්‍රනාන්දු
(Skin Care with Malyinga)


එරංදි කෞශල්‍යා ✍️

 

TAGGED: beauty, Fashion, led light therapy, RED CARPET FACIAL, skin care
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?