නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රන්වන් සමකට ආයුර්වේදීය ප්‍රතිකාර
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

රන්වන් සමකට ආයුර්වේදීය ප්‍රතිකාර

Published January 15, 2024
රන්වන් පාට සමක් කියන්නෙ ගැහැණු ළමයෙක්ට තියෙන ලොකුම ආසාවක්. ඉතින් ඒ වෙනුවෙන් ගැහැණු ළමයි නොකරන දෙයක් නෑ. සමහරවිට ජීවිතයට අවදානමක් ගේන දෙයක් කරන්න වුණත් පසුබට වෙන්නෙත් නෑ. ඒ වගේම ඒ වෙනුවෙන් දහස් ගණන් මුදල් වියදම් කරනවා. විවිධ ආලේපන වර්ග කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ආලේප කරනවා. ඒ විතරක් නෙවෙයි විවිධ පෙති, කරල් බොනවා වගේම විවිධ එන්නත් ශරීරයට එන්නත් කරගන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.

මේ දේවල් නිසා ශරීරයට සිදුවන හානිය ගැන ඔවුන් බොහෝවෙලාවට හිතන්නෙ නෑ. ඔවුන්ට අවශ්‍ය කුමන අයුරකින් හෝ සම සුදු කරගැනීමම විතරයි. විවිධ විස රසායන ද්‍රව්‍ය එකතු කරමින් සාදන ලද ආලේපන අද වෙළඳපොලේ බහුලයි. දිනක ඇස් පෙනීම දුර්වල වීම, මොළේ ස්නායු දුර්වල වීම වැනි රෝගාබාධයන් හට ගැනීමට මේවා හේතු වෙන්න පුළුවන්.

අපේ රටේ පිළිකා රෝගීන් වැඩිවීමටත් මේ ආලේපන ප්‍රධාන හේතුවක් බවට පත්වී තිබෙනවා. මෙහි භයානකම තත්ත්වය වෙන්නේ පිළිකාකාර ආලේපන භාවිත කරන කාන්තාවන්ට උපදින දරුවන්ටත් පිළිකා හට ගැනීමේ ප්‍රවණතාවයක් තිබීමයි.

ලස්සන වීම වරදක් නෙවේ. ඒත් එය කළ යුත්තේ තම නිරෝගීභාවයට හානියක් නොවන අයුරෙනුයි. තමාගේ නිරෝගිකම රැකගනිමින් සම පැහැපත් කරගන්නා ඉතා සෞඛ්‍යමත් ආලේපන කිහිපයක් මේ නව වසර ආරම්භයේදීම ඔබට ලබා දෙන්නට අපි තීරණය කළේ ඒ නිසයි.

වියලි සමට

ස්ක්‍රබ් එක – උළුහාල් පිටි සහ උඳු පිටි තේ හැන්ද බැගින් ගෙන ඇල් වතුරෙන් කලවම් කර මුහුණෙහි ආලේප කර ස්ක්‍රබ් කරන්න. පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදා අවසානයේ පහත ඇති ඖෂධීය පැක් එක විනාඩි 20 ක් පමණ මුහුණේ තබන්න.

පැක් එක – බිත්තර කහ මදය, වැල්මී, මීකිරි, දෙහි, කස්තුරි කහ ඇඟිලි තුඩක ප්‍රමාණයක්, තල තෙල්, උඳුපිටි ඇල්වතුරෙන් කලවම් කර ආලේප කර විනාඩි 20ක් තිබෙන්නට හරින්න. ඉන්පසුව පැක් එක ඉවත් කිරීමෙන් පසු නටන උණු වතුරට දැමූ පොකුරු වද මලේ සාරය ගෙන එය සිසිල් වූ පසු මුහුණේ ආලේප කරන්න.

රාත්‍රියට – උළුවා තෙල් මුහුණේ ආලේප කර නින්දට යන්න.

තෙල් සමට (මෙය කුරුලෑ සහිත සමටද සුදුසුයි.)

ස්ක්‍රබ් එක – වෙනිවැල් හා කොකුම්පොතු කුඩු ඇල් වතුරෙන් අනා ආලේප කර මුහුණ හොඳින් ස්ක්‍රබ් කරන්න.

පැක් එක – ලොත් සුඹුල් කුඩු, නෙල්ලි කුඩු, කොකුම් කුඩු, දෙහි යුෂ, මී පැණි, සුදු හඳුන් කුඩු, වෙනිවැල් කුඩු, හාල් පිටි මේ සියල්ල ඇල් ජලයෙන් කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි විස්සකින් සෝදාහරින්න. මල්සාරය ලෙස දහස්පතියා මල් උණුවතුරට දමා සාදා ගන්නා දියරය සිසිල් වූ පසු මුහුණේ ආලේප කරන්න.

රාත්‍රියට – නින්දට යාමට පෙර ත්‍රිපලා තෙල් මුහුණේ ආලේප කරන්න.

සාමාන්‍ය සමට

ස්ක්‍රබ් එක – නෙල්ලි කුඩු හා සඳුන් කුඩු ඇල් ජලයෙන් කලවම් කර ආලේප කර ස්ක්‍රබ් කරන්න.

පැක් එක – වැල් මී, සැවැන්දරා, ඉරමුසු, අමු කහ යුෂ, වැල්මදට, කඩල පිටි, රත් සඳුන් කුඩු, ඇල් ජලයෙන් කලවම් කර විනාඩි 20ක් තිබෙන්න හැර සෝදා ඉවත් කරන්න. පසුව රත්මල් උණු වතුරට දමා සාදා ගන්නා යුෂ සිසිල් වූ පසු මුහුණෙහි ආලේප කරන්න.

රාත්‍රියට – පිණ්ඩ තෙල් ආලේප කරන්න.

මිශ්‍ර සමට

ස්ක්‍රබ් එක – ඉරමුසු කුඩු, නෙල්ලි කුඩු ඇල් ජලයෙන් කලවම් කර ආලේප කර හොඳින් ස්ක්‍රබ් කරන්න.

පැක් එක – වැල්මී, ඉරමුසු, නෙල්ලි කුඩු, රසකිඳ කුඩු, කස්තුරි කහ, කඩල පිටි සමග ඇල් ජලයෙන් කලවම් කර විනාඩි විස්සක් මුහුණේ තිබෙන්නට හැර සෝදාහරින්න.රෝස පෙති හෝ නෙළුම් පෙති උණුවතුරට දමා එම සාරය මුහුණේ ආලේප කරන්න.

රාත්‍රියට – පිණ්ඩ තෙල් හා ත්‍රිපලා සමව ගෙන කලවම් කර ආලේප කරන්න.

වියපත් වූ රැලි වැටුණු සමට

ස්ක්‍රබ් එක – උළුහාල් පිටි, රසකිඳ කුඩු, වැල්මී කුඩු සමග කලවම් කර ඇල් වතුරෙන් මිශ්‍ර කර හොඳින් ස්ක්‍රබ් කරන්න.

පැක් එක – සැවැන්දරා, ඉරමුසු කුඩු, නෙල්ලි කුඩු, වැල්මී කුඩු, අමු කහ යුෂ, මුං ඇට පිටි, නෙළුම් රේණු, රතු හාල් පිටි එළකිරෙන් කලවම් කර මුහුනේ ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න. මල්සාරය ලෙස පොකුරු වද මලේ සාරය හෝ නෙළුම් මලේ පෙතිවල සාරය ආලේප කරන්න.

රාත්‍රියට – පිණ්ඩ තෙල්, තල තෙල් හෝ උළුවා තෙල් මුහුනේ ආලේප කර නින්දට යන්න.

මේ ආකාරයට ඔබගේ සමට සුදුසු සත්කාරය තෝරාගෙන සතියකට වරක් හෝ දෙවරක් ආලේප කිරීමෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියි. මෙහි සඳහන් කර ඇති රාත්‍රී සත්කාරයන් දිනපතාම සිදුකිරීම සුදුසුයි.

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා


එරංදි කෞශල්‍යා ✍️



 

TAGGED: beauty, Fair, Skin whitening, රන්වන් සම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad0
Happy3
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?