නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බස් එකේ කෝච්චියේ ගමන් කරද්දී වමනේ යෑම ලෙඩක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

බස් එකේ කෝච්චියේ ගමන් කරද්දී වමනේ යෑම ලෙඩක්

Published January 8, 2024

බසයක, දුම්රියක, ගුවන්යානයක ගමන් ගන්නා විට සමහර අයට විවිධ අපහසුතාවන් ඇතිවෙනවා. නමුත් සමහර උදවියට ඒ අන්දමින් කිසිම අපහසුතාවක් නොමැතිව ගමනාන්තය දක්වාම ඉතා පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. එහෙම නම් මේ අන්දමින් ගමන් යෑමේදී අපහසුතාවයන් ඇති වෙන්නේ ඇයි? ඉහත දක්වන ලද ඕනෑම ප්‍රවාහන මාධ්‍යක අප ගමන් කරන විට ශරීරයේ අසාමාන්‍ය ලෙසින් ඇතිවන චලනය නිසා ගමන් ගන්නා පුද්ගලයාට ඇතිවන අපහසුතාව Motion Sickness යනුවෙන් හැඳින්වෙනවා. හිසේ ඇතිවන සෙලවීම නිසා ඇතුළු කනේ (Inner Ear) පවා අපහසුතා ඇතිවෙනවා.

මිනිස් සිරුරේ සමබරතාව පවත්වා ගැනීම සඳහා ස්නායු මගින් විවිධ පණිවිඩ මොළය වෙත ගෙනයනවා. අපේ සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය ඇතුළු කන ඔස්සේ වැටී තිබෙන අතර ඒ මගින් අපේ ශරීරයේ ගුරුත්වය සහ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා වූ පණිවිඩ මොළය වෙත රැගෙන යනවා. ඇස මගින් ලැබෙන සංංඥාවන් මගින් දෘෂ්ටිය සම්බන්ධ පණිවිඩ රැගෙන යනවා. ඒ නිසා ඇතුළු කනේ සිට එන ස්නායු සහ ඇසේ සිට ගමන් කරන ස්නායු අසාමාන්‍ය ලෙස උත්තේජය වීම මෙහිදී සිදු වනවා. ඒ නිසා මොළයට ලැබෙන පණිවිඩ නිසි පරිදි නොලැබී යෑම නිසා මොළයේ සමතුලිතාව බිඳ වැටෙනවා. ඒ නිසා මුලින් සඳහන් කළ අන්දමේ Motion sickness අපහසුතාවයන් ඇතිවනවා.

Motion sickness රෝග ලක්ෂණ

කරකැවිල්ල ( Dizziness )

කටට කෙළ ශ්‍රාවය වීම

හිසරදය ( Headache)

අධික ලෙස දහදිය දැමීම (Sweating)

අධික ලෙස සීතල දැනීම

මළානික වීම ( Pale)

වේගයෙන් හුස්ම ගැනීම ( Cooling rapid breathing )

ඔක්කාරය

සිරුරට දැනෙන අපහසුතාව

අපහසුතාවය වැඩි වීමට බලපාන හේතු…

සමහර විට ඔබට ඉහතින් දැක්වෙන ලද ප්‍රවාහන මාධ්‍යන්හි ගමන් ගැනීමේදී අපහසුතාවන් ඇති වූ බවට පෙර අත්දැකීම් ඇති. ඒ නිසාම ගමනාරම්භයේ පටන්ම ඔබ එම පෙර අත්දැකීම් අනුව මානසික තත්ත්වයක් ගොඩ නගාගන්නවා. ඒ නිසාම ඔබට මෙම අපහසුතාවය වැඩි වශයෙන් දැනෙන්න පුළුවන්.

වාහනවලින් නික්මෙන ඉන්ධන සහ වෙනත් අපුල ගන්ධයන්

ගමන් දිශාවට විරුද්ධව ඇති ආසනවල වාඩි වීම

නිරාහාරව යෑම

ගමන්වාර අතරතුර පොත්පත් කියවීම

අධික ලෙස තෙල් අඩංගු ආහාර අනුභව කිරීම

Motion sickness තත්ත්වය වළක්වා ගැනීම

ඔබට ගමන් බිමන් යෑමේදී Motion sickness  රෝග අපහසුතාවට පත්වනවා නම් ඒ සඳහා අනුගමනය කළ හැකි යම් යම් පුංචි උපක්‍රම තිබෙනවා. ඒවා ඔබ විසින්ම අනුගමනය කිරීමෙන් ගමනේ ඇතිවන අපහසුතාව පාලනය කරගැනීමට හැකියාවක් ලැබෙනවා.

ගමනාරම්භයට පෙරාතුව සාමාන්‍ය ප්‍රමාණයක ආහාරයක් ලබා ගැනීම

තෙල් ආහාර සහ කුළුබඩු අධික ආහාර සීමා කිරීම

අධික ලෙස සිදුවන චලනයන් පාලනය කර ගැනීමට වාහනයේ ඉදිරිපස අසුනක වාඩි වීම. පිටුපස ආසන අනවශ්‍ය අන්දමින් චලනය වන එවැනි අපහසුතාවන් ඇති අය ඉදිරිපස ආසනයක අසුන්ගෙන ගමන් ගැනීම වඩාත් සුදුසුයි.

ඒ වගේම ගුවන්ගමනකදී නම් ගුවන් යානයේ තටු ආසන්නයේ ඇති ආසනවල වගේම නැවක නම් මැද ආසනයක ගමන් ගැනීම සුදුසුයි.

වටපිට නොබලා ඇස් වසාගෙන ගමන් කරන්න

වාහනවල ගමන් ගැනීමේදී දුර සිට එන ආලෝක කිරණ වෙත දෑස් යොමු කරන්න. නැවක ගමන් ගන්නවා නම් ක්ෂිතිජය වෙතද ගුවන්යානයක නම් කවුළුවෙන් පිටත බලා ගෙනද ගමන් ගන්න.

ගමන් කිරීමේදී නැවුම් වාතාශ්‍රය ශ්වසනය වන පරිදි ගමන් කරන්න. බොහෝ අයට වායු සමනය නිසා අපහසුතාවන් ඇතිවනවා. ඒ නිසා හැකිතාක් වාහනයේ ජනේල විවෘත කරගන්න. මද්‍යසාර ගන්ධයන් වාහනය ඇතුළත ඇති විටත් Motion sickness අපහසුතාව තව දුරටත් වැඩිවීමට පුළුවන්.

මේ තත්ත්වය සමහර අයට ටික වේලාවකින් මගහැරී යන අතර තවත් අයට පැය කීපයක් පැවැතිය හැකිය. ඒ වගේම ගමන අතරවාරයේ විවේකයක් ගෙන එළිමහනේ මද දුරක් ඇවිදීමෙන් ද අපහසුතා මගහරවා ගැනීමට හැකියාව ඇත.

ඒ වගේම ගමනේදී දෙහි හෝ ඉඟුරු කැබැල්ලක් හපන්න.

අයිස් වතුර සුළු ප්‍රමාණයක් පානය කිරීම වැනි ක්‍රමවේදයන්ද තිබෙනවා.

ඖෂධීය ප්‍රතිකාර…

ගමනක් යන විට ඇතිවන Motion sickness අපහසුතාව නිසා ගමන් කරන්නාට වගේම ඔවුන් සමග යන අයටත් අපහසුතාවන් ඇතිවනවා. ඒ නිසා උග්‍ර ලෙසින් අපහසුතාවන් ඇත්නම් ඒ වෙනුවෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් හෝ ඖෂධ වේදියකුගෙන් මෙම අපහසුතාවන් පාලනය කරගත හැකි ඖෂධ ලබාගැනීමට පුළුවන්. මේවා ගමනට පැයකට පෙරාතුව නියමිත මාත්‍රාවෙන් ලබා ගැනීම වැදගත්.

ඖෂධ ගැනීමෙන් පාලනය වෙන්නේ කොහොමද?

Motion sickness වෙනුවෙන් ඖෂධ ලබා ගත් විට ශරීරයේ අනවශ්‍ය චලනයන් නිසා මොළයේ ඇතිවන අපහසුතාවයන් අවම කරනවා. මෙම ඖෂධ පෙති වශයෙන් මෙන්ම සිරුරේ අලවන යෙදවුමක් ලෙසින්ද ලබාගත හැකියි.

ඖෂධ නිසා ඇතිවන අපහසුතාවන්

Motion sickness  තත්ත්වයන්හිදී ලබා දෙන්නේ Anti histamine ඖෂධ වර්ග වන අතර ඒවායේ දරුණු අතුරු සංකුලතාවන් ඇත්තේ නැහැ. සාමාන්‍ය නිදිමත ගතියක් දැනුනත් එය අනතුරුදායක නැති නිසා ඔබ Motion sickness අපහසුතාවෙන් පසුවනවා නම් ගමනක් යෑමට පෙරාතුව අපහසුතාවන් වළක්වන ප්‍රතිකාර ලබාගැනීමට අනවශ්‍ය අන්දමින් බිය විය යුතු නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

TAGGED: Dizziness, health, Motion Sickness, Respiration, වමනේ යෑම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025

ආයෙත් මැලේරියාව අපට එපා

May 5, 2025

තෙල් කාලා ඉවරනම් මේ තමයි Exercise පටන්ගන්න හොඳම කාලේ

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?