නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: මනලෝලී මනමාලී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

මනලෝලී මනමාලී

Published January 8, 2024

2024 අලුත් මනමාලියන්ට

තමන්ගෙ මංගල දිනය කියන්නෙ මේ ලෝකෙ හැම තරුණියකගේම ජීවිතයේ තියෙන වටිනාම සහ ලස්සනම දවස. ඒ වගේම විවාහය කියන්නෙ ජීවිතේ ලොකු කඩඉමක්. මොනදේටත් වඩා මාස ගණන් සූදානම් වෙලා තමයි මේ කාර්යයට තරුණියෝ ලෑස්ති වෙන්නෙ. තරුණියන්ගෙ විතරක් නෙවෙයි හැම අම්මා කෙනෙක් ගත්තත් ඇගේ ජීවිතෙත් ලොකුම බලාපොරොත්තුවක්, ආසාවක් තමයි තමන්ගෙ දියණියගේ විවාහ දිනය.ඉස්සර වගේ නෙවෙයි දැන් කාලෙ මනමාලියක් වෙන්න ඉන්න තරුණියකට හිතන්න කාරණා ගොඩක් තියෙනව. දෙන්නෙක් ජීවිතේ පටන්ගන්නකොට මුල විතරක් නෙවෙයි අගත් හොඳට තියෙන්න ඕනෙනෙ. ඒ නිසා මුලින්ම අපි හිතන්න ඕනෙ අපේ සමාජ තත්ත්වය සහ ආර්ථිකය ගැන. ඒ වගේම වෙඩින් එකකට අවුරුද්දකට කලින් ඉඳන්වත් සූදානම් වීම වැදගත්.

ශරීරයේ හැඩය ගැන හිතන්න

තරබාරු තරුණියක් නම් ඒ කාලෙ යොදවන්න පුළුවන් ශරීරය ටිකක් කෙට්ටු කරගන්න. මොකද ඒක හදිස්සියේ කරන්න බෑ. දැන් අපිට ශරීරයේ බඩ අඩුකරගන්න ක්‍රම ඕනතරම් අන්තර්ජාලය ඔස්සේ හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ කාලෙදි කායික ලස්සන වගේම මානසික ලස්සනත් වැඩිදියුණු කරගන්න ඕනෙ. නමුත් ඉතින් මේ දෙකෙන් වැඩියෙන්ම කැපිලා පේන්නෙ කායික ලස්සන නිසා ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුවට කමක් නෑ.කායික ලස්සන කිව්වම හම, නියපොතු, හිසකෙස්වලට තමයි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනෙ. ඒ අතරිනුත් මුහුණේ සම විශේෂයි. ඒ වගේම ඒ සැලකිල්ලම බෙල්ල අවට ප්‍රදේශයටල දෙපාවලට දක්වන්නත් ඕනෙ.

සමබර ආහාර වේලක් වැදගත්

මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට තමන්ගෙ ශරීරය මනාව පවත්වගෙන යන්න සමබල ආහාර වේලක් ඉතාම වැදගත්. ඒ වගේම පුළුවන්තරම් පලතුරු ආහාරයට ගන්න එකත් ප්‍රයෝජනවත්. යුෂ විදිහට හෝ කෑමට. මනමාලියක් වෙන්න අවුරුද්දක කාලයක ඉඳලා සූදානම් වෙන කාලෙ පුළුවන් තරම් පැණි රස දේවල් කන එකත් අඩු කරන්න. සමහරුන්ට චොක්ලට් කෑවම පිම්පල්ස් එනවා. එහෙම අයට ඒ කාලෙ චොක්ලට් කන එක නවත්තන්න පුළුවන්. කුඩයක්වත්, තොප්පියක්වත් නැතුව අව්වෙ යන්නත් එපා.

කර මාලයත් බෙල්ලට ගැළපෙන්න හදාගන්න

ඔය අතරෙදි තකහනියේ දුවන්න තියාගන්නෙ නැතුව තමන්ගෙ රන් ආභරණ ටිකත් හෙමීට හදාගෙන තියාගන්න එක වැදගත්. රන් ආභරණ ගැන කතා කරද්දි රන් මාලය ඉතාම වැදගත්. දකින දකින මෝස්තරේ හිතට අල්ලපු පලියට මාලය හදන්න යන්නෙ නැතුව තමන්ගෙ බෙල්ලෙ හැඩයට සහ ප්‍රමාණයට ගැළපෙන විදිහටයි කර මාලය නිර්මාණය කරගන්න ඕනෙ. ඒ වගේම තමයි තමන්ට නිතර ගිහින් පුරුද්දක් තියෙනල පෙනුම විකෘති නොකර ලස්සනට මේක්අප් එකක් දාන්න පුළුවන් මේක්අප් ආටිස්ට් කෙනෙක්ව තෝරගන්න ඕනෙ.

ඒ වගේම තමයි විශේෂයෙන්ම තමන් විවාහ දිනයේ අඳින්නෙ මොන ක්‍රමයටද කියලත් ප්ලෑන් එකක් තියාගන්න ඕනෙ. මොකද අපි ඕනතරම් දැකල තියෙනවා ආසාවට ඇන්දත් ශරීරයට කිසිසේත්ම නොගැළපෙන විවාහ ඇඳුම් ඇඳන් ඉන්න මනමාලියො. තමන්ගෙ හිතේ කැමති ඇඳුමක් තියෙනවනම් ඒ ගැන රූපලාවන්‍ය ශිල්පිණිය හෝ ශිල්පියා එක්ක කතා කරන්න.

Going away එකට සැහැල්ලු ඇඳුමක් අඳින්න

දැන් ගොඩක් විවාහ උත්සවවල Going away කියල එකක් තියෙනවනෙ. ඒකෙදි මංගල ඇඳුමින් බැහැර වෙලා වෙනත් ඇඳුමක් ඇඳගන්නවා. මේ Going away එකට අඳින ඇඳුම ශරීරයට පහසු ඇඳුමක් විය යුතුයි. මොකද ඉතාම කෙටි කාලයකදි තමයි මේ චේන්ජ් එක කරන්න ඕනෙ. උපරිම පැය බාගෙකින් වගේ ඇඳුම ඇඳලා කොණ්ඩෙ වෙනස් කරගන්න ඕනෙ. පැයක් එකහමාරක්ම Going away චේන්ජ් කරන්න වෙලාව ගන්න එක සුදුසු නෑ.

උස්සගන්නවත් බැරි මල් කළඹක් එපා

මල් කළඹ තමන්ට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මනමාලිගේ මල් කළඹ ස්වභාවික මල්වලින් තමයි නිර්මාණය කරන්නෙ. ඒ නිසා ටිකක් බරින් වැඩියි. අපි දැකල තියෙනවා සමහර මල් කළඹවල් මනමාලිට උස්සන් ඉන්නත් අමාරුයි. මනමාලිගේ මල් කළඹ ඇයට වැඩි වෙලාවක් අතේ තියාගන්න පුළුවන් විදිහේ පහසු, බරින් අඩු කළඹක් වෙන්න ඕනෙ. ඒ වගේම මල්වල පැහැයන් ගැළපීමත් මෙතනදි ඉතාම වැදගත්. මේ සඳහාත් රූපලාවන්‍ය ශිල්පිණියගේ උපදෙස් පතන්න පුළුවන්.

සතියකට කලින් ගෝල්ඩ් ෆේෂල් එකක්

කලින් සූදානම් කරගන්න ඕන සේරම දේවල් සූදානම් කරගෙන විවාහ දිනයට සතියක් දෙකක් තියෙද්දි හොඳට විවේක ගන්න. වගකීම්වලින් බැහැර වෙන්න. ඒ වගේම සතියකට කලින් හොඳ ගෝල්ඩ් ෆේෂල් එකක් කරගන්න. එතකොට හමට හොඳ රීෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. අනිත් එක අධික කාර්යබහුල තරුණියක්නම් වෙඩින් ප්ලෑනර් කෙනෙකුගේ සහය පතන්නත් පුළුවන්.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී
දීපිකා ගුණසේකර

එරංදි කෞශල්‍යා ✍️









 

TAGGED: bride, Going away, Makeup, මනමාලී, ෆේෂල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025

අර්තාපල් කනවා වෙනුවට මූණේ ගාලා බලමුද

April 21, 2025

මුහුණේ හැඩයට ගැළපෙන්න තෝඩු දාන්න.

April 14, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?