නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: පෙරේතකමට හොද්දෙ තියෙන රම්පෙ ,කරපිංචා , සේර කන්න එපා
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

පෙරේතකමට හොද්දෙ තියෙන රම්පෙ ,කරපිංචා , සේර කන්න එපා

Published October 23, 2023

ශ්‍රී ලංකාවේ අපට නම් කොයි තරම් අරුමෝසම් කෑම වර්ගවල රස බැලුවත් මිරිස්, තුනපහ, ලුණු ඇඹුල් පදමට එකතු කරලා හදාගත්ත කෑම වේලක් තරම් කිසි කෑමක් දිවට රසවත් නැහැ. අපේ කෑම මේ තරම් රස වෙන්න රහස තමයි අපේ කෑමවලට යොදන කුළුබඩු සහ ස්වභාවික රස කාරක. බොහෝදෙනෙක් හිතන්නෙ දේශීය කුළුබඩු අපි ආහාරවලට එකතුකරන්නෙ ආහරවල රසය වැඩි කිරීමට විතරක් කියලයි. නමුත් කුළුබඩු ලෙස බොහෝ වෙලාවට යොදාගන්නා අමුද්‍රව්‍ය ස්වාභාවික පරිසරයෙන් ගන්නා ශාකමය ද්‍රව්‍ය නිසා ඒවා සතුවන ඖෂධීය ගුණයත් ආහාර වේලාට එකතු වෙනවා. ඒ නිසා ආහාර රස කරගන්න සුවඳ කරගන්න දාන කරපිංචා, රම්පෙ, කුරුඳු, සේර වැනි දෑ කෑමත් එක්ක කන්න හොඳ දැයි අපි කතා කරමු.

කරපිංචා

රුධිරයේ විෂ නසන ඔසුවකි. හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට සහනය ලබාදෙන අතර අජීර්ණය, පණු රෝග, සමේ රෝග, මළ බද්ධය සහ කොලෙස්ටරෝල් පාලනයට කදිම විසඳුමකි. කරපිංචා සතු මහඟු ගුණ එසේ වුවද ව්‍යංජනවල තිබෙන කරපිංචා කොළ ආහාරයට ගැනීම පිළිබඳව දෙවරක් සිතිය යුතුයි. එයට හේතුව වන්නේ කෘෂි රසායන යොදා වගා කරන ලද එළවළු ආහාර ලෙස පිළියෙල කිරීමේදී එයට කරපිංචා යොදාගත් විට එම එළවළුවල තිබෙන විෂ ද්‍රව්‍ය කරපිංචා කොළවලට උරාගත හැකි නිසයි.

මෙම තත්ත්වය වඩාත් බරපතල සහ භයානක වන්නේ එළවළුවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා එළවළු නෙළීමට දවසකට පමණ පෙර ඇතැම් ගොවීන් කෘමිනාශක යෙදීමට පෙළඹ ඇති නිසාය. එබැවින් තම ගෙවත්තෙන් නෙළාගන්නා එළවළු පිළියෙල කරගන්නා අවස්ථාවලදී හැර ව්‍යංජනයේ තිබෙන කරපිංචා ආහාරයට ගැනීම සුදුසු නොවේ.

මිරිස් කුඩු

ප්‍රමිතියෙන් උසස් මිරිස් කුඩුවල විෂබීජ නැසීමට, සෙම් සහ වාත රෝග පාලනයට, හදවතේ නිරෝගි බවට සහය වේ. තුවාල සුව කිරීම සහ ආහාර රුචිය වඩවයි.

සූදුරු

ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණය අඩංගු සූදුරු ආහාර දිරවීම පහසු කරවන්නටත් ආහාර රුචිය වඩවන්නටත් සමර්ථ වෙනවා. ශරීර ඌෂ්ණත්වය, යටි පතුල් දැවිල්ල, ශරීරයේ බිබිළි සහ කැසීම් යනාදී තත්ත්වයන් පාලනය කරන අතර ගර්භාෂය, ආමාශය සහ පෙනහළු ආශ්‍රිත රෝග පාලනය කරවන්නටත් සූදුරුවලට හැකියාව තියෙනවා.

කොත්තමල්ලි

සිරුරේ ඇති තුන් දොස් සමනය කරවීමට හැකියාව ඇති කුළුබඩුවක් විදියට හඳුන්වන කොත්තමල්ලි පානයක් ලෙස සකසා බීමෙන් සිරුර සිසිල් වන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. පිපාසය දුරු කරවන, ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවන කොත්තමල්ලිවලින් මූත්‍ර පිටවීමේ ක්‍රියාවලියත් විධිමත් වන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

කොත්තමල්ලි කියන්නේ ප්‍රතිජිවක ගුණයේ ඉදන් පිළිකා නැසීමේ ගුණය දක්වා විශාල පරාසයකට දිවෙන ගුණයක් තියෙන කුළුබඩුවක්.ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන ඖෂධ අතරින් ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි මේද පරිවෘත්ති ක්‍රියාවලියද යහපත් පරිදි සිදු කරන්න මහත් දායකත්වයක් සපයනවා.

වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂ සමනයට ගුණදායක කොත්තමල්ලි පිත නැසීමේ විශේෂ ගුණයකින් යුක්ත වෙනවා.විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී කොත්තමල්ලිවල ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B වලින් පරිපූර්ණ වීමත් නිසා වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුව බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයක් ලෙස හදුන්වනවා.

ආහාර දිරවිමේ ක්‍රියාවලිය පහසු කිරිමේ ගුණයකින් යුතු කොත්තමල්ලි ආහාරයට ගැනිමෙන් බඩගින්නද ඇතිකරවන්නට සමත් වෙනවා.ආහාර නොදිරවන අවස්ථාවලදි කොත්තමල්ලි බැඳ හොඳින් කුඩු කර උණුසුම් ජලයට දමා පානය කිරිමෙන් සහනයක් ලබා ගන්න පුළුවන්.

කොත්තමල්ලි ඇට, හොඳින් වියළා ගත් හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධතිවල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත්ව පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා.තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද කොත්තමල්ලි පානය ගන්න පුළුවන්.ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථාවලදී කොත්තමල්ලි වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය.

කහ

දමිළ ජාතිකයන්ගේ දෛනික ජීවිතය සමඟ තදින් බද්ධ වී තිබෙන ද්‍රව්‍යක් ලෙස කහ පුළුවන්. ඔවුන් සෑම විටම දෙවියන් වැදීමට පෙර කහ වතුර ඉසීම සිදුකරනු ලබනවා. මේ ක්‍රියාවට මුල් වී ඇත්තෙ කහවල පවතින ප්‍රබල විෂබීජ නාශක ගුණය නිසයි. කහ කියන්නේ සිසිල් ගුණය සහ වේදනා නාශක ගුණය අඩංගු ඖෂධයකි. තුවාල, කුෂ්ඨ, ලප කැළැල් ආදිය දුරු කිරීමටත්, රූපලාවණ්‍යයේදීත් බහුලව භාවිත කෙරෙන කහ ඇදුම, ඉසරදය, කැස්ස යනාදී රෝග තත්ත්වයන්වලදීත් ඔසුවක් වශයෙන් ක්‍රියා කරනවා.

උළුහාල්

ප්‍රෝටීන්, විටමින් B12, විටමින් C බහුල උළුහාල් මඳක් තිත්ත රසයකින් යුතු වුණත් මනා සුවඳකින් යුතු කුළුබඩු වර්ගයක් විදියට හඳුන්වන්න පුළුවන්. සිරුරේ ඇති අනවශ්‍ය මේදය, තරබාරු බව, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත් සමත්කම් දක්වන උළුහාල් වෑංජනවලට එකතු කරනවාට අමතරව තම්බා පානයක් විදියට ලබාගන්නවා. ඊට අමතරව උළුහාල් පැළ වෙන්නට දමා හටගන්නා පුංචි පැළ ගොටුකොළ මෙන් සම්බෝලයක් සකසා ගත හැකි අතර ව්‍යාංජනවලටද එකතුකර ගන්න ඔබට පුළුවන්.

ගම්මිරිස්

පිළිකා නාශකයක්, බැක්ටිරීයා නාශකයක් සහ ආහාර ජීර්ණය පහසු කරවන්නක් විදියට හඳුන්වන ගම්මිරිස් සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග සහ කැස්ස සුවකිරීම සඳහා ඖෂධයක් විදියටත් භාවිත කරනවා. සිරුරේ අනවශ්‍ය බර පාලනය කර, සම පැහැපත් කරවන්නටත්, මානසික පීඩනය දුරු කරන්නටත් සමත්කම් දක්වන කුළුබඩු වර්ගයකි.

කුරුඳු

රුධිරයේ අඩංගු කොලෙස්ටරෝල්වල ඇති හිතකර Cholesterol (HDL)  මට්ටම වැඩි කිරීමට හැකියාව ඇති අගනා කුළුබඩු වර්ගයකි. දියවැඩියාව පාලනයට සහ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමටත් සමත්කම් දැක්වුවත් දිනකට 2 කට වඩා ආහාරයට ගැනීම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නට හේතු විය හැකියි .

අබ

කාබෝහයිඩ්‍රට, ප්‍රෝටීන්, සෝඩියම්, සීනි සහ මේදය අඩංගු කුළුබඩු වර්ගයකි. රූපලාවන්‍ය කටයුතුවලදීත්, සිරුරේ බර පලනය කිරීම සඳහාත් යොදාගත හැකි බව කියැවේ. වාතය, සෙම සමනය කරවන, ආහාර රුචිය වඩවන නමුත් පමණ ඉක්මවා ආහාරයට ගැනීමත් එතරම් සුදුසු වන්නෙ නැහැ.

සාදික්කා

මුවේන් හමන දුගඳ නසන අතර මුඛ රෝග, උදරාබාධ, සමේ රෝග සහ පණු රෝගවලට සහනය සැලසීමේ හැකියාවක් සාදික්කා සතුවෙනවා.

සාදික්කා තේ

සාදික්කාවල ඇති අද්විතීය ප්‍රතිලාභ පහසුවෙන් ඔබේ ශරීරයට ලබාගත හැකි ක්‍රමයක් තමයි සාදික්කා තේ කියන්නෙ. ඔබ එදිනෙදා බොන තේ එක වෙනුවට ඔබට සාදාගන්න පුළුවන් සාදික්කා තේ කෝප්පයක්. එය සෑදීම ඉතා පහසු වන අතර ඔබට අවශ්‍ය වන්නේ සාදික්කා කුඩු, සීනි, තේ කොළ සහ ඉඟුරු පෙති කිහිපයක් පමණි. එය එකට මිශ්‍ර කරගැනීම පමණයි.

කරාබු නැටි

බඩ පුරවා දැමීම, අජීර්ණය, ආහාර අරුචිය, දත් කැක්කුම සහ පණු රෝගවලට සහනය සලසන ඔසුවකි. අක්මාවේ සහ හදවතේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු කිරීමට සහය වෙන බව සඳහන් වන අතර මව් කිරි වැඩවීමටත් උපකාරී වේ.

සුදු ලූනු

උදරාබාධ, ස්නායු දුර්වලතා, සන්ධි ආශ්‍රිත රෝග සහ සිරුරේ වේදනා සමනයට භාවිත වන අතර තරුණ බව රැකදෙන්නට සහ දීර්ඝායුෂ වැඩි කරවන්නට සමත් ඔසුවකි. බුද්ධිය වඩවයි. පිළිකා නාශකයක් වශයෙන් ද සලකනු ලබයි.

රතු ලූනු

රුධිරයේ විෂ නැසීමට, ධාතු වර්ධනයට සහ වේදනාව සමනයට යොදා ගනු ලබයි. පණු රෝග, අර්ශස්, මුත්‍රා රෝග, ආහාර අරුචිය සහ සෙම් රෝග සඳහාත් ප්‍රතිකාරයක් ලෙස සලකනු ලබයි.අධික හිසරදයක් පවතින අවස්ථාවකදී පොල්තෙල් ස්වල්පයක් සමග රතු ලූනු යුෂ කකාරා නිවාගෙන හිසේ ආලේප කර ඔබට සුවයක් ලබාගන්න පුළුවන්.පීනසය ඇති ඔබට රතු ලූනු සහ ගොටුකොළ යුෂ එකට මිශ්‍ර කර දින කිහිපයක් උදේ සවස පානය කිරීමෙන් ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්.

ගොරකා

උදරාබාධ සහ අජීර්ණය සමනය ක්‍රන අතර රුධිරයේ විෂ නසනු ලබයි. කොලෙස්ටරෝල්, හදවත් රෝග සහ සිරුරේ බර පාලනයටත්, ආහාර කල්තබා ගන්නටත් යොදාගත හැකි ඔසුවකි.

රම්පෙ

රම්පෙ යොදා ගන්නේ කිසියම් ආහාරයකින් ප්‍රසන්න සුවඳක් ලබා ගැනීමට. බොහෝ ගෘහණියෝ බත පිසීමේදී රම්පෙ කොළ කැබැල්ලක් බතට එක් කිරීමට පුරුදුව ඉන්නවා. එයින් බතට ප්‍රිය උපදවන සුවඳක් ලැබෙන අතර ඇතැම් ව්‍යංජන පිසීමේදී ද රම්පෙ කොළ කැබැල්ලක් යොදා ගැනීමට ගෘහණියන්ට පුරුදු. ව්‍යංජනයක් පිසීමේදී අධික උෂ්ණත්වයට පත් වූ විට එහි කිසියම් විෂක් තිබේ නම් එම විෂ ද්‍රව්‍ය ක්‍රියාකාරීවී රම්පෙ කැබැල්ලට උරා ගැනීමේ හැකියාවක් ඇත. එම නිසා වඩාත් සුදුසු වන්නේ ව්‍යංජනය ළිපෙන් බා ගත් පසුව රම්පෙ කැබැල්ල ඉවත් කිරීමයි. එසේ නොවුණහොත් රම්පෙ කැබැල්ලේ තිබෙන විෂ ද්‍රව්‍යයන් නැවත ව්‍යංජනයට එක්විය හැකියි.

ආහාර ගවේෂක
විධායක සූපවේදී
සුජිත් ආරියරත්න

වෛද්‍ය කේ.
ඒ. ඩි. අයි ජයලාල්
ආයුර්වේද ජාතික රෝහල,
බොරැල්ල

අර්චිත ඉඳුවර





 

TAGGED: Cholesterol control, Curry leaves, Digestive process, foods
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඉන්දියාවෙන් ගේන දෙළුම් තමයි කන්නම හොඳ නැත්තෙ

December 4, 2023

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?