නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: කොමඩු ඇටයේ ගුණ දන්නේනම් එකක් විසි නොකරයි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

කොමඩු ඇටයේ ගුණ දන්නේනම් එකක් විසි නොකරයි

Published October 2, 2023

කොමඩු අපට ආගන්තුක පලතුරක් නොවෙයි. විජලන තත්ත්වයට වහා ප්‍රතිචාර දක්වනවා. අඩු කැලරි ප්‍රතිශතයකින් යුක්තයි. අපි හැම දෙනාම කොමඩු වෙනුවෙන් දක්වන සැලකිල්ල කොමඩු ඇටවලට දක්වන්නේ නැහැ. කළු පැහැති මෙම ඇට ඉවත් කර කොමඩු මදය පමණක් ආහාරයක් විදිහට වින්දත් කොමඩු ඇටවල ඇති පෝෂණීය වටිනාකම ගැන තවමත් සමාජය දැනුවත් නැහැ. මීයන් ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයන් මගින් පර්යේෂකයන් විසින් කොමඩු ඇටවල අන්තර්ගතව තිබෙන පෝෂණීය වටිනාකම් හඳුනාගෙන තිබෙනවා.

මොනවාද මේ පෝෂණීය ගුණ

කොමඩු ඇටවලත් ෆෝලේට්, යකඩ, විටමින් B6, pantothenic ඇසිඩ්, අන්තර්ගතයි. ඒ විතරක් නොවෙයි. පොස්පරස්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි පෝෂණ පදාර්ථත් අන්තර්ගතව තිබෙනවා.

තරුණ පෙනුමකට

කොමඩු ඇට අසංතෘප්ත මේද අම්ල සංයුතියකින් යුක්තයි. මෙම ඇටවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ශක්තිය නිසා ඔබගේ තරුණ පෙනුම ආරක්ෂා කරනවා.

දියවැඩියාවට ගුණයි

කොමඩු ඇට දියවැඩියා රෝගීන්ට බෙහවින්ම ගුණදායකයි. කොමඩු ඇට අහුරක් වතුර ලීටරයකට දමා විනාඩි 45 කින් පසු ඇට ඉවත් කර ඒ වතුර පානය කිරීම දියවැඩියා රෝගීන්ට බෙහෙවින් ගුණ ලබා දෙන බවටත් දැන් අනාවරණය කරගෙන තිබෙනවා.මෙය පානය කිරීම එතරම් අපහසු නැහැ. ඒ නිසා සතියකට දෙතුන් වතාවක් පානය කිරීම සුදුසුයි.

පිරිමින්ගේ මද සරු බව වළකයි

පිරිමින්ගේ ශුක්‍රාණු ගිණුම වර්ධනය සඳහා කොමඩු ඇට පානය කිරීම ගුණදායකයි. මෙහි අන්තර්ගත “ලයිකොපින්” ප්‍රතිඔක්සිකාරකය නිසා පිරිමින්ගේ මද සරු බවට කොමඩු ඇට ස්වභාවික ප්‍රතිකාරයක්.

කෙටි කාලීන මතකය වර්ධනය කරනවා

සමාජයේ ඇතැම් පුද්ගලයන්ට අතීතයේ සිදුවුණ හැමදෙයක්ම මතකයේ තිබුණත් අද, ඊයේ සිදු වුණ බොහෝ සිදුවීම් අමතකයි. එවැනි කෙටි කාලීන අමතක පුද්ගලයන් වෙනුවෙනුත් කොමඩු ඇට ඉතා ගුණදායකයි.

රුධිර පීඩනය පාලනයට

අද සමාජයේ අධි රුධිර පීඩනය නොමැති පුද්ගලයෙක් සොයා ගැනීමත් අපහසුයි. අපේම වැරදි නිසා ඇතිවන අධි රුධිර පීඩනයෙන් නිදහස් වීමටත් කොමඩු ඇට ඉතාම ගුණදායක බැව් හඳුනාගෙන තිබෙනවා. හදවත් ආශ්‍රිත රෝග සංකුලතාවයන්ටත් ගොදුරු වෙනවා. විශේෂයෙන් ආජර්නීන් (Arginine) යනුවෙන් හැඳින්වෙන කිරීටක ධමනීන් ආශ්‍රිත ආබාධ තත්ත්වයෙන් නිදහස් වීමට නම් කොමඩු ඇට ආහාරයට එකතු කර ගැනීම වඩාත් සුදුසුයි.

හිස්සොරි කරදරෙන් මිදීමට

අපි මොනතරම් විලාසිතා කළත් හිස්හොරි නිසා අපේ ඇඳුම් අපිරිසිදු වෙනවා. මේ සඳහා ඉතා හොඳ ප්‍රතිකාරයක් දැන් හඳුනා ගෙන තිබෙනවා. කොමඩු ඇට වලින් ලබා ගන්නා තෙල් හිස් කබලේ ආලේප කිරීමෙන් හිස්හොරි වළක්වා ගත හැකි බවටත් දැන් තොරතුරු ලැබී තිබෙනවා.

හිසකෙස් ශක්තිමත් කරයි

කොමඩු ඇට ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ලයන්ගෙන් යුක්තයි. මෙම සංයුතිය නිසා හිසකෙස් ශක්තිමත් වීමට අවශ්‍ය වෙන අත්‍යවශ්‍යය මේද අම්ල (Essential Fatty Acid) සපයා ගැනීමට හැකියාවක් තිබෙනවා.

ඔමේගා 6 මේද අම්ල අන්තර්ගතයි

කොමඩු ඇට වල අන්තර්ගත ඔමේගා 6 මේද අම්ල නිසා හිතකර කොලස්ටරෝල් මටට්ම යහපත් අගයක පවත්වා ගැනීමටට හේතු වෙනවා. ඒ වගේම අහිතකර කොලස්ටරෝල් ගිණුම නිසා බොහෝ රෝගාබාධයන්ට ඇති වෙනවා. කොමඩු ඇට මගින් සිරුරට ලැබෙන ඔමේගා 6 මේද අම්ල නිසා කොලස්ටරෝල් ගිණුම යහපත් ලෙසින් පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. කොලස්ටරෝල් මට්ටම පාලනය වීම නිසා කිරීටක ධමනීන් සහ හෘද රෝගාබාධ ඇති වීමට තිබෙන අවදානමත් නැති වෙනවා.

තන්තු බහුලයි

කොමඩු ඇට තන්තු බහුල නිසා ජීරණ මාර්ගය ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වයට ගුණදායකයි. කොමඩු ඇට පොටෑසියම් බහුල නිසා රුධිර කාන්දුකරණයේ යෙදෙන රෝගීන්ට නම් සුදුසු නොවේ.

(healthshots.com ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා
 

TAGGED: Benefits of watermelon seeds, health, vitamin, watermelon seed
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔබටත් නොදැනුවත්වම නින්දෙන් මුත්‍රා පිටවෙනවාද

December 4, 2023

ඉන්දියාවෙන් ගේන දෙළුම් තමයි කන්නම හොඳ නැත්තෙ

December 4, 2023

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?