නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ජීවය බිහිවූ දා ඉදලා වතුරයි හොද මිතුරා සැමදා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ජීවය බිහිවූ දා ඉදලා වතුරයි හොද මිතුරා සැමදා

Published October 2, 2023

ගිනියම් හිරු රැසින් උතුරු මැද තලාව, ගිනියම් වෙලා. උඩිනුත් ගින්දර – යටිනුත් ගින්දර කිව්වා වාගේ උඩින් හිරු තාපයෙන්, ගිනියම් වූ වැල්ලෙන් සිරුර දවනවා. අපි හරියට ‘මැද්දෙ සවන්දර’ වගේ. ආයෙමත් වතාවත් හොරිවිල ගියේ ඉදිරි සති කිහිපයේම ලිපිවලට කරුණු රැස්කරගෙන එන්න හිතාගෙන. දුම්රියෙන් බැහැල ඇස් ගිනි කන අව්වේ වෙද ගෙදර දිහාවට පිය මැන්නා. වෙද මහත්තයා මාව බලාපොරොත්තුවෙන් මග බලාගෙන හිටියා.

“බෑග් එක තියලා ඇඳුම් මාරු කරගෙන හොඳ වතුර වීදුරුවක් බොන්න. ඊට පස්සේ වැවට යමු නාන්න.”

වෙද මහත්තයා කළේ හොඳ යෝජනාවක්. මොන තරම් තද නියඟයක් තිබුණත් හොරිවිල වැව් කොමලිය සැලකිය යුතු ජල කඳක් දරාගෙන සිටිනවා. පැය දෙකකට කිට්ටු වෙලාවක් වතුරේ බැහැලා හිටියා. “කොච්චර වෙලා වතුරෙ හිටියත් ගොඩට ගිහින් පැයෙන් ඔක්කොම ඉවරයි.

හුළගෙන් හොඳ සහනයක් දැනුනාට ඒකෙන් තවත් ඇඟ වේළෙනවා.”ඒකෙන් ආරක්‍ෂා වෙන්න විදිහක් නැද්ද වෙද මහත්තයා තියෙනවා…

අඩුම ගානෙ වතුර බෝතල් හතරක් පහක් බොන්න ඕනෙ දවසකට. සෙම අමාරු තදට නැති උදවිය දවසට දෙපාරක් නෑවත් කමක් නැහැ.

වෙද මහත්තයා හොඳ යෝජනාවක් කළා කතා බහ අතරතුරේදී මේ දවස්වල පළාත් කීපයකට වැස්ස තිබුණාට පසුගිය කාලය මුළු රටටම තද නියඟයක්නෙ තිබුණේ. ඒ නිසා මේ සතියට වෙනසකටත් එක්ක ජලයේ ඇති වැදගත්කම ගැන කතා කරන්න හිතුවා.

පිරිසිදු ජලය පානය කිරීමම හොඳ ප්‍රතිකාරයක් නේද වෙද මහත්තයා. දියවැඩියාවට ජපන් ජාතිකයන්ගේ ජල ප්‍රතිකාරයක් තියෙනවා.

ජලයේ වැදගත්කම ගැන ඈත පුරාණයේ ඉඳලම අපේ මුතුන් මිත්තො දැන ගෙන හිටියා. අන්න ඒ හින්දයි ජල කළමනාකරණය වගේම වාරි තාක්‍ෂණය ගැන ලංකාව අවුරුදු දහස් ගණනකට කලින් ලෝකයේ අංක එකට හිටියේ. දැන් බලන්ඩ අපේ මහත්තයා මේ වැව බාගෙකටත් වඩා හිඳිලා. මේකෙ මාළු ඉන්නවා. මිනිස්සු සිය ගණනක් නානවා. රෙදි හෝදනවා. ගලාගෙන යන වතුරකුත් නෙවෙයි. හැබැයි එහෙමයි කියලා කිසිම කෙනෙකුට කිසිම ලෙඩක් හැදෙන්නෙත් නැහැ. අඩුම තරමේ හමේ බිබිලක්, කැසිල්ලක් තරමටවත්. මේවා හාස්කම් වගේ.

ජලය ප්‍රතිකාරයක් හැටියට යොදා ගන්නේ කොහොමද?

සන්ධි ඉදිමීමට ජලය පානය කිරීමෙන් හොඳ සහනයක් ලබාගන්න පුළුවන්. මට මතකයි රුමටොයිඩ් ආත්‍රයිටිස් රෝගියෙකුට වැඩියෙන් වතුර බොන්න කියලා අපේ තාත්තා උපදෙස් දුන්නා.ඒක හොඳ තොරතුරක් වෙද මහත්තයා. ඔය ලෙඩෙන් පීඩා විඳින විශාල පිරිසක් රටේ ඉන්නවා.

තවත් රෝග තියෙනවාද ජලය පානය ප්‍රතිකාරයක් හැටියට යොදාගන්න පුළුවන්?

අපොයි ඔව්. රෝග ගණනාවක් තියෙනවා. ඔන්න අහගන්ඩකො එහෙම නම්,

දියවැඩියාව
ගැස්ට්‍රයිටිස්
සම රැළිවැටීම පමා කිරීම
මුත්‍රා ආබාධ
මළ බද්ධය/ අර්ශස්
ස්ථුලතාව
අජීර්ණය
ආත්‍රයිටිස්
ඇදුම

ඔන්න ඔය වගේ රෝග ගණනාවකට සහනය ලබාගන්න පුළුවන්. ආයෙ අක්‍ෂි ආබාධ.උදෑසන අවදි වුණාම පිරිසුදු වතුර වීදුරුවක් බීම තමයි මුලින්ම කරන්න ඕනෙ. සෙම් රෝග, ඇදුම, තරබාරු ආදිය සහිත අය මද උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි.

උදෑසනම කියන්නේ පිටිපස්සට ඉර එළිය වැටෙනකම් නෙවෙයිනෙ?

කිසිසේත්ම නැහැ. කවුරු වුණත් රාත්‍රී දහයට පෙර නින්දට ගිහින් අලුයම හතර – පහ අතරේ අවදිවීම ඉතාම වැදගත්. ඔය පැය ඇතුළතනෙ බ්‍රහ්ම මූර්තිය යෙදෙන්නේ. ඔය විදිහට තමයි ඉසිවරු උපදෙස් දීලා තියෙන්නේ. ඒ පළමු පැය ඇතුළත ආහාරයට පෙර වතුර වීදුරු තව තුනක් බොන්න ඕන. ඒ කියන්නේ බෝතලයක ප්‍රමාණයක්. පුරුදු නැති කෙනෙකුට මේක ආරම්භයේදී අමාරු වෙයි. හැබැයි පුරුද්දක් වූණාම නැගිටින්නෙම වතුර බොන්න බලාගෙන.

ඔය විදියට කළාම හරිද?

නැහැ නැහැ. තව කරුණු බොහොමයක් තියෙනවා. තියන්න. ඒ ගැන ලබන සතියෙදිත් කතා කරමු. ඒ වෙද්දි වැස්ස පටන් අරගෙන තිබුණත් ජීවිත කාලෙම වතුර බොන්න එපායැ.ප්‍රමාණවත් තරමට වතුර බොනවා වගේම නිවැරදිව හුස්ම ගැනීමත් රෝගවලින් ආරක්‍ෂා වීමට හේතුවක් වෙනවා නේද වෙද මහත්තයා අනිවාර්යයෙන්ම හොඳට හුස්ම ගන්න අය ලෙඩ වෙනවා අඩුයි. ඒ ගැනත් ලබන සතියේ ලියමු. බොහොමයක් දෙනා කරන්නෙ පුරුද්දට. මැරෙනවට හුස්ම ගන්නවා වගෙනෙ. පෙනහළු පිරෙන්න හුස්ම ගන්නෙ එහෙමත් කෙනෙක්.

හරියට හරි අපේ මහත්තයා. මේ කාරණා දෙක තමයි රෝග රාශියකටම මුල. වතුර බීමයි. හුස්ම ගැනීමයි හරියට කළොත්, රෝහල්වල පිරිලා ඉන්න රෝගීන් ප්‍රමාණය සෑහෙන තරමකට අඩුකර ගන්න පුළුවන්. මේක පෙර පාසලේ ඉඳලම පුරුදු කරවන්න ඕන දෙයක්. ගෙදර අය කියනවට වඩා ගුරුවරු කියන දේ අහනවනෙ සාමාන්‍යයෙන්. කාල පරිච්ඡේදයක් අවසානෙදි “ළමයි අපි දැන් වතුර බොමු කියලා ගුරුවරයත් වතුර බිව්ව නම් වැඩේ නිකම්ම කෙරිලා.’‘

වෛද්‍යාචාර්ය
සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර

අජන්ත ජයසේකර
 

TAGGED: drink water, Dry body, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?