එළවළු බත

අවශ්‍ය ද්‍රව්‍ය
- සම්බා හාල් කෝප්ප 4
- වතුර අවශ්‍ය පමණට
- බටර් මේස හැඳි 1
- තෙල් මේස හැඳි 1
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- සිහින්ව කපාගත් කැරට් ගෙඩි 1
- සිහින්ව කපාගත් ලීක්ස් කොළ ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සාමාන්‍ය ආකාරය බත සාදාගන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු දමා රන්වන් පාට වනතෙක් බැදගෙන එයට කැරට්, ලීක්ස් සහ ලූණු එකතුකර තෙම්පරාදුව සාදාගන්න. සාදාගත් තෙම්පරාදුව බතට එකතු කර හොදින් කලවම් කරගන්න.
පරිප්පු ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු ග්‍රෑම් 200
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- අමුමිරිස් කරල් 2-3
- කරපිංචා ඉති 1
- රම්පෙ
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1 1/4
- තුනපහ කුඩු තේ හැඳි 1 1/2
- කහ කුඩු තේ හැඳි 1/2
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
- දිය කිරි මිලිලීටර් 500
- මිටි කිරි මිලිලීටර් 300
සාදාගන්නා ආකාරය
පරිප්පු හොඳින් සෝදා වතුර බේරා පෑන් එකකට දමාගන්න. එයට මිටි කිරි හැර අනෙක් සියලුම ද්‍රව්‍ය දමා කලවම් කර මද ගින්නෙ පියන වසා හින්දවා ගන්න. අවසානයට මිටි කිරි එකතුකර ගන්න.
සෝයාමීට් තෙලට

අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් පැකට් 1
- රස අනුව ලුණු
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- රම්පෙ
- සුදු ලූනු බික් 3
- ඉඟුරු කැබැල්ලක්
- තක්කාලි ගෙඩි 1/2
- අමුමිරිස් කරල් 4
- කරපිංචා ඉති 1
- මිරිස් කුඩු ස්වල්පයක්
- පොල් කිරි මිලිලීටර් 150
- තක්කාලි සෝස් මේස හැඳි 1
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/4
- මස් කරි කුඩු තේ හැඳි 1 1/2
සාදාගන්නා ආකාරය
සෝයා තම්බාගෙන වතුර මිරිකා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.බැදගත් සෝයා, බැදපු තුනපහ කුඩු, මස් කරි කුඩු, ලුණු දමා කලවම් කරන්න.වංගෙඩියට කරපිංචා, රම්පෙ, සුදු ලූනු, ඉඟුරු දමා කොටාගෙන පේස්ට් එකක් සාදාගන්න.
තෙල් රත් වූ පෑන් එකකට සාදාගත් පේස්ට් එක සහ ලූනු එකතු කර බැදගන්න. තක්කාලි, සෝයා ටික, මිරිස් කුඩු, අවශ්‍ය නම් ලුණු දමා බැදගන්න.පොල්කිරි එකතුකර හැඳිගාමින් පිසගන්න. හිඳුන පසු තක්කාලි සෝස්, මිරිස් කරල් එකතුකර ගන්න.
බෝංචි ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය
- බෝංචි ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 1/4
- අමුමිරිස් කරල් 2
- රම්පෙ
- කරපිංචා ඉති 1
- කුරුඳු පොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- තුනපහ කුඩු තේ හැඳි 3/4
- දිය කිරි හා මිටි කිරි ස්වල්පය බැගින්
සාදාගන්නා ආකාරය
බෝංචි සෝදා කැබලි කපා පෑන් එකකට දමා එයට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ දිය කිරි එකතු කර මද ගින්දරේ හින්දවා ගන්න. අවසානයට මිටි කිරි ටිකක් එකතුකර ගන්න.
හතු තෙලට
අවශ්‍ය ද්‍රව්‍ය
- හතු ග්‍රෑම් 250
- තෙල් මේස හැඳි 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- අමුමිරිස් කරල් 2-3
- වියලි මිරිස් කරල් 3-4
- රම්පෙ
- කරපිංචා ඉති 1
- ගොරකා කැබලි 1
- කුරුඳු පොතු කැබැල්ලක්
- බැදපු තුනපහ කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හතු හොඳින් සෝදා වතුර මිරිකා හැර කැබලි වලට කඩාගන්න. එයට ලුණු, මිරිස් කුඩු, බැදපු තුනපහ සහ කහ එකතු කර කලවම් කර විනාඩි 10-15 ක් පැත්තකින් තියන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, වියලි මිරිස්, ගොරකා සහ කුරුඳු පොතු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න. එයට හතු එකතුකර කලවම් කරගන්න.
අල බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා කැබලි කපා ගත් ලොකු අල ගෙඩි 2
- තෙල් මේස හැඳි 1 1/2
- සිහින්ව කපාගත් ලූනු 2
- කරපිංචා ඉති 2
- රම්පෙ කොල 1
- කුරුඳු පොතු කැබැල්ලක්
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- කෑලි මිරිස් මේස හැඳි 1- 2
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
තම්බාගත් අල ලුණු, මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එකතු කර කලවම් කරගන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, කහකුඩු, ලුණු කුඩු එකතු කර හොදින් තෙම්පරාදු කරගෙන එයට අල එකතුකර කලවම් කරගන්න.
වම්බටු සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය
- වම්බටු ග්‍රෑම් 500
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- පොඩියට කපා ගත් තක්කාලි 1
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 3-4
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1
- දෙහි ගෙඩියක යුෂ
- ගම්මිරිස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
වම්බටු සිහින්, දිගැටි කැබලි කපා ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදගන්න. බෝල් එකකට ලූනු, අමුමිරිස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ එකතු කර පසුව තක්කාලි හා බැදගත් වම්බටු කලවම් දමා කරගන්න.
මුකුනුවැන්න පලා මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
- මුකුනුවැන්න මිටි 1
- ලූනු ගෙඩි1/4
- අමුමිරිස් කරල් 2
- රස අනුව ලුණු
- ගාගත් පොල් කෝප්ප 1/4
- කහ කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ලූනු, අමුමිරිස්, ලුණු, කහ කුඩු, ගාගත් පොල් එකතු කර අඹරාගන්න. මුකුනුවැන්න සිහින්ව ලියා පෑන් එකකට දමා පොල් මිශ්‍රණය එකතු කර කලවම් කරගන්න. වතුර ස්වල්පයක් එකතුකර පියන වසා කූරුගාමින් හින්දවා ගන්න.
