අවශ්‍ය ද්‍රව්‍ය
- මැරිනේට් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල්මස් ග්‍රෑම් 500
- බිත්තර 1
- සෝයා සෝස් තේ හැඳි 1
- විනාකිරි මේස හැඳි 1
- කෝන් පිටි මේස හැඳි 4
චිකන් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
- දික් අතට පලාගත් අමු මිරිස් කරල් 4-5ක්
- කුඩාවට කපාගත් සුදු ලූනු බික් 4
- රවුම් හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කෝන් පිටි මේස හැඳි 1
- චිකන් ස්ටොක් කප් 1/2
- සෝයා සෝස් තේ හැඳි 1
- විනාකිරි තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මුලින්ම චිකන් හැර මැරිනේඩ් එකට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර මිශ්‍රණයක් සාදාගන්න. එයට කපාගත් චිකන් එක් කර හොඳින් මිශ්‍ර කර පැය භාගයක් පමණ වසා තබාගන්න. පසුව චිකන් ටික ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තුරු බැදගන්න.දැන් වෙනම බඳුනක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට සුදු ලූනු, අමු මිරිස් හා ලුනු එක් කර තප්පර 30 ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සෝයා සෝස් සහ විනාකිරි දමා කලවම් කර ඒ සමඟම කෝන් පිටි මේස හැන්ද දිය කරගත් වතුර එක් කරගන්න. ඒ මිශ්‍රණය ඝණ වීගෙන එන කොට ඒකට ලුණු සහ චිකන් එක් කර මිශ්‍ර කරගෙන ලිප නිවා ගන්න.
