අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට නොඇලෙන ලෙස පිස ගත් බත් කිලෝග්‍රෑම් 1
- බිත්තර 2
- ඉස්සන් ග්‍රෑම් 500
- කුකුල් මස් හෝ ඌරු මස් ග්‍රෑම් 500
- තෙල්
- ඉඟුරු ස්වල්පයක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ගම්මිරිස්කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු
- රතු ලූනු ග්‍රෑම් 100
- සුදු ලූනු බික් 4-5
- කැරට් අල 2
- ගෝවා ගෙඩි 1/2
- ලීක්ස්
- මාමයිට් මේස හැඳි 2
- මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
බිත්තරවලට ලුණු ස්වල්පයක් දමා හොඳින් ගසාගෙන ඔම්ලට් සාදා තීරු කපා ගන්න. ලූනු සහ මාමයිට් ඉස්සන්ට මිශ්‍ර කරගන්න. මස්වලට වතුර කෝප්ප 1 ක් දමා තම්බා ගන්න. එළවළු සිහින්ව කපා ගන්න. තෙල් ටිකක් ලිප තබා ඉඟුරු, සුදු ලූනු දමා රන්වන් පාට වනතුරු බැද එයට ඉස්සන් සහ මස් දමා මදක් බැදෙන්න හැර එළවළු මිශ්‍ර කරන්න. ඉන්පසු බත් මිශ්‍ර කරන්න. අවසානයේ ලුණු සහ ගම්මිරිස් මිශ්‍ර කර කොත්තමල්ලි කොළ සහ බිත්තර තීරු මිශ්‍ර කරගන්න.
