‘එකම එක වරක්වත් ආදරෙයි කියන්න රුහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න…’
‘සපත්තු මල ලා රතු පාටයි’
‘හම්බන්තොට මුහුදු වෙරලෙ වැලි කැට ගාණට’
මේ ගීත කොටස් දකිද්දිම ඔබ දැනටමත් දැනගෙන ඉවරයි අද අපේ කතා නායිකාව ගැන.. මීට වසර 17කට පෙර තුරුණු ශක්ති වේදිකාවෙන් ගායිකාවක් ලෙස කිරුළු පැලඳූ ඇය එදා සිට අද දක්වාම රසික හදවත් දිනාගත් ගායන ශිල්පිනියක්. සුභානි හර්ෂණී මුතුකුමාරණ නම් ඇය අද ජනප්රිය ගායිකාවක, ආදරණීය මවක, බිරිඳක ලෙස ගත කරන ජීවිතයේ අත්දැකීම් සමග සොඳුරු කතාබහකට අප ඇයට ආරාධනා කළා.. මේ ඇයගේත් ආදරණීය දියණියගේත් ඡායාරූප කිහිපයක් නවලිය කමරා කාචයට හසු වූ අයුරු.
In frame – Subani Harshani & her daughter Sara
Idea – Erandi Kaushalya
Photographer – Dayan Pradeep